මූල්‍යකරණය, ව්‍යාපාරයක යහපැවැත්ම සඳහා ව්‍යවසායකයෙකුට අතිශය වැදගත් දැනුම් ක්ෂේත්‍රයකි. මූලික වශයෙන් ව්‍යාපාරක් තුළ ආදායම් වියදම් හැසිරවීම හා මූල්‍ය පරිපාලනය උදෙසා වැදගත් වන මෙම දැනුම, වෙළඳපොල තුළ ව්‍යාපාර පරිසරය අවබෝධය කර ගැනිම, ව්‍යාපාරයක අනාගතය පුරෝකථනය, නව ව්‍යාපාරික අවස්ථා ගවේශණය, ව්‍යාපාරයක ලාභය ඉහළ නැංවීම ආදී  පැතිකඩයන් සඳහා ද අතිශය වැදගත් වන්නකි.

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොඳම ව්‍යවසායකයා තේරීමේ "ව්‍යවසාභීමානී 2024" තරඟාවලියට සමගාමීව, කොට්ඨාසයේ ව්‍යවසායකයින් වෙනුවෙන් සංවිධානය කළ "ව්‍යාපාර කළමනාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්, 2024.10.07 වන දින සමෘද්ධි කලාප මට්ටමින් සාර්ථකව පවත්වන්නට යෙදුණි. මිල්ලනිය හා හල්තොට සමෘද්ධි කලාපවල ව්‍යවසායකයින් වෙනුවෙන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ද, ගල්පාත සමෘද්ධි කලාපයේ ව්‍යවසායකයින් වෙනුවෙන්, ගල්පාත සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේ ද පවත්වන්නට යෙදුනු මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයයි.

ව්‍යාපාර මූල්‍යකරණය පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයතනයක් වන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ (AAT) සම්පත්දායකත්වය මත පැවැත් වූ මෙම වැඩමුළුව සඳහා, එම ආයතනයේ සභාපති වසන්ත මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය සහභාගී විය. භාණ්ඩයක නිශ්පාදන පිරිවැය ගණනය කිරීම, භාණ්ඩයක මිල නියම කිරීම, මුදල් පොත සැකසීම ආදී ව්‍යාපාර මූල්‍යකරණය විෂය හා සබැඳි වැදගත් පැතිකඩයන් පිළිබඳව ව්‍යවසායකයින් මනාව දැනුවත් කිරීම් මෙහිදී සිදු විය.

සංවිධානයෙන්, සම්පත්දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොඳම ව්‍යවසායකයා තේරීමේ "ව්‍යවසාභීමානී 2024" තරඟාවලියට ඔබ සැමට ආරාධනා!

 

News & Events

06
ஜன2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

குடியுரிமை சாசனம்

Scroll To Top