"වයස යනු හුදෙක්ම ඉලක්කමක් පමණි".
මෙම වැකිය සපථ කරමින්, ගතින් වියපත් වූවත් සිතින් තරුණ කලාකාමි වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය සහ මිල්ලනිය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "දෙටු පුරවැසි රඟ සොබා - 2024" ජ්‍යෙෂ්ඨ පුරවැසි දක්ෂතා දැක්වීමේ වැඩසටහන, 2024.10.22 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
උත්සවයේ අරාධිතයින් ලෙස බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය, සහකාර අධ්යක්ෂ (සැලසුම්) පුෂ්පකුමාර එල්ලාවල මහතා, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී නෙලූපානි කළුබෝවිල මෙනෙවිය, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී මංගල අශෝක මහතා සහ මිල්ලනිය සිංහ සාමාජයේ සරත් සූරියආරච්චි මහතා සහභාගී විය.
කොට්ඨාසයේ ග්‍රාමීය වැඩිහිටි කමිටු 44හි සාමාජිකයින්ගේ විශේෂාංග රැසකින් සමන්විත වූ මේ හෝරා කිහිපය සාම්ප්‍රදායික නර්තනාංග, නිර්මාණාත්මක නර්තනාංග, ගීත ගායන, විරිඳු ගායන ආදී අංග රැසකින් සමන්විත වූහ. දිවා ආහාරය සහ ත්‍යාග ප්‍රදනය සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවේ හොරණ වාසනා බේකර්ස් ආයතනය හා හොරණ ඌෂා ආයතනයයි.
කොට්ඨාසයේ කලාකාමී වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන් අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ගෞරවණීය ස්තූතිය පුද කරමු.
ආදරණීය වැඩිහිටියනි, ආයු බොහෝ වේවා! නිදුක් නිරෝගී වේවා! කලාකාමී සිත් සතුටින් පිරි ඉතිරේවා!


















