රාජ්‍ය නිලධාරීන්ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ තිස්වන දිගහැරුම රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද" අපි අපිම වෙමු"  වැඩසටහන් මාලාවේ තිස්වන වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.10.16 වන බදදා දින සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහනේ නිවේදන කටයුතු 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ජි. චන්ද්‍රමාලි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය. ක්ෂේත්‍ර අංශය නියෝජනය කරමින් කේ.කේ රිවිනි වාසනා මහත්මිය විසින් ඇයගේ විෂය පථයන්ට අදාළව ජාතික ඒකාබද්ධතා ප්‍රතිප්ති ක්‍රියාත්මක කරන ආකාරයත් ඊට අදාළව තොරතුරු යාවත්කාලීන කිරීම පිළිබඳවත් , ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැනත් හරවත් නිර්මාණශීලී දේශනයක් සිදුකරනු ලැබුවාය. වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම සඳහා 638  උඩුවර බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී පාලිකා නිලංගනි මහත්මිය සහභාගි වුවාය.
එහිදි ඇය විසින් වසමේ ජනතාව මුහුණ දෙන සාමාජික, ආර්ථික ගැටලු පිළිබඳවත් ,ඒ සඳහා ඇය විසින් ඔවුන්ගේ සුබ සාධනය  උදෙසාක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහන් පිළිබඳවත් ,ස්වයං රැකියවන්හි නියෙලමෙන් දිවි සරුකරගන්නා තරුණ පිරිස මෙන්ම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්  උඩුවර බටහිර වසමේ සුන්දර මිනිසුන් පිළිබඳවත් දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවාය .
අපි අපිම වෙමු" වැඩසටහන රසගැන්වීම සඳහා ගීත ගායනයෙන්ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මිය හා ඉෂිනි සන්ද්‍යා මහත්මිය සහභාගි වුහ .සමස්ථ වැඩසටහන පිළිබඳව සාමාලෝචනය වෙනුවෙන් අදහස් දැක්වීමට ආර්ථික සංවර්ධන නිලධාරී තරංග ඩයස් මහතා හා සමථ සංවර්ධන නිලධාරී එච්.එන් උදයංගනි යන මහත්ම මහත්මීන් අවස්ථාව ලබා ගත්හ.
සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) පුෂ්පකුමාර එල්ලාවල මහතා හා  ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් හා ඇගයුම් ලබදීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්විය.

469178518 887763430187926 8907000092668790786 n

469040321 886976536933282 8364556491768961104 n

469096606 886976726933263 293506576117705030 n

 

 

News & Events

06
ஜன2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

குடியுரிமை சாசனம்

Scroll To Top