දරුවන් මනා ලෙස සමාජානුයෝජනය විම සඳහා ඔවුන් සතු දක්ෂතා, කුසලතා, සාරධර්ම, නායකත්වය සහ සාමුහිකත්වය ආදී ගුණාංග වර්ධනය වීම ඉතා වැදගත් වන අතර ඒ වෙනුවෙන් ළමා සමාජ සහභාගිත්ව තුළින් ලැබෙන පන්නරය අතිමහත් ය.
මේ අවස්ථාව වෙනුවෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ දෙමාපියන්ගේ ද සහභාගිත්වයෙනි. මෙහි දී ළමා සමාජයක ඇති වැදගත්කම මෙන්ම ළමා ආරක්ෂාව හා රැකවරණය පිළිබඳ ව සියලු දෙනා දැනුම්වත් කිරීම ද සිදු විය.

















