කාලගුණික විපර්යාස, ජනගහන ඉහළ යාම, උද්ධමනය ආදී හේතු සාධක මත ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයකට මුහුණ දීම සඳහා අහාර සුරක්ෂිතතාව කාලීන මෙන්ම ගෝලීය අවශ්යතාවක්ව පවතින මොහොතක, ශ්රී ලංකාව ද ඒ වෙනුවෙන් පෙළ ගැස්වීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශ විසින් ආහාර සුරක්ෂිතතා ව්යාපෘති රැසක් ක්රියාත්මක කර ඇත.
එහි තවත් එක් ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක විකල්ප ආහාර භාවිතය දිරිගැන්වීම සඳහා දේශීය අල භෝග වගා ප්රචලිත කිරීමේ ව්යාපෘතියට අදාළ ඉලක්කගත ප්රගති සමාලෝචනය සහ ඇගයීමේ වැඩසටහන් මේ වන විට දිවයින පුරා ක්රියාත්මක වෙමින් පවතී. එහි මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ වැඩසටහන කෘෂිකර්ම අමාත්යාංශයේ, කළුතර දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ හා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් 2023.09.13 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථකව පවත්වනු ලැබුවේ ප්රාදේශීය ලේකම් සමන්තිකා පී. ලියනගේ මහත්මියගේ උපදෙස් මත සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මිය, කෘෂිකර්ම උපදේශක සම්පත් මයා, ප්රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී මේනකා අමරසිංහ මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහත්ම මහත්මීන් සහ වගාකරුවන්ගේ සහභාගීත්වයෙනි.
එහිදී මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට ලබා දී තිබූ අක්කර 11ක ඉලක්කගත වගා වපසරිය සඳහා මඤ්ඤොක්කා, කිරි අල, වැල් අල, බතල අල ආදී අල භෝග වගා කර දායකත්වය ලබා දුන් ගොවි බිම් ඇගයීම තුළින් තෝරාගත් වගාකරුවන් 32ක් දිරිගැන්වීම සඳහා රු.452,500.00ක මූල්ය ප්රතිලාභ ඔවුන් අතර ප්රදානය කිරීම සිදු විය. වගා කළ වගා වපසරි අනුව (අවමය පර්චස් 20 සිට උපරිමය පර්චස් 80 දක්වා) වගාකරුවෙකුට රු. 5,000.00 ත් - රු. 20,000.00 ත් අතර මුදලක් ප්රදානය කෙරුණි. මෙම වැඩසටහනට සමගාමීව තවදුරටත් වගා පුළුල් කිරිම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ වගාකරුවන් දැනුම්වත් කිරීම ද සිදු කරන ලදී.
 
379980686 621914106772861 8225256909510313820 n
380050844 621914040106201 4947270820048078317 n
380143726 621914263439512 7732554455673888145 n

News & Events

Scroll To Top