ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සැපයෙන ප්රමුඛ සේවාවක් වන රජයේ ඉඩම් සම්බන්ධ සේවාවන්, ජනතාවගේ පහසුව පිණිස, ඔවුන් සමීපයට ගොස් සැපයීම සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන "ගමින් ගමට ඔබේ ළඟට ඉඩම් ජංගම සේවය" වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 647/A දොඹගොඩ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව වෙනුවෙන් 2023.10.31 වන දින බටගොඩ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනි.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) සමන්තිකා පී. ලියනගේ මහත්මියගේ උපදෙස් මත, සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජංගම සේවා වැඩසටහන සඳහා ඉඩම් අංශයේ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර රජයේ ඉඩම් සඳහා බලපත්‍ර, දීමනාපත්‍ර සැකසීම, මුල් අයිතිය ලබා ගැනීම, පසු අයිතිය නම් කිරීම, මායිම් ගැටළු නිරාකරණය, අනවසරකරුවන් හඳුනා ගැනීම, ආරවුල් විසඳීම ආදී සේවා සැපයීමේ කටයුතු මෙහිදී සිදු කරන ලදී.
මෙම කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සඳහා 647/A දොඹගොඩ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් දැක්වූ සහයෝගයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
















