ප්රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ග්රාම නිලධාරීන්ගේ, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්ගේ කථික, නිවේදක, ඉදිරිපත් වීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන "අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ සිව්වන දිගහැරුම 2023.11.01 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථක පවත්වන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරී ඉෂානී මධුසංකා මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනෙහි දී පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් "තිරසර හුස්ම" යන ප්රස්තුථය යටතේ ජීවය සඳහා වාතයේ ඇති වැදගත්කම පිළිබඳවත්, වෙනිවැල්පිටිය ආර්ථික සංවර්ධන නිලධාරී වජිරා දමයන්ති මහත්මිය විසින් වෙනිවැල්පිටිය ග්රාම නිලධාරී වසම පිළිබඳවත් දේශනයන් ඉදිරිපත් කරනු ලැබීය.ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මියගේ ගීත ගායනයෙන් වැඩසටහන රසවත් විය.
















