ශ්‍රී ලංකාව මේ වන විට පසු කරමින් පවතින ආර්ථික වශයෙන් අසීරු කාලසීමාව, සමාජය කෙරෙහි බහුවිධි බලපෑම් එල්ල කරමින් පවතියි. ඉහල යන භාණ්ඩ මිල හා අවම වන මූල්‍යමය හැකියාව හමුවේ ජනතාව මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ද මහත් වෙහෙසක් දරමින් සිටිති. බොහෝ දෙනෙකු ස්වයංරැකියා වැනි අතිරේක ආදායම් අවස්ථා සඳහා දැනුම, තාක්ෂණය, අවස්ථාවන් සොයමින් පසුවෙති. කුඩා පරිමාණ ව්‍යාපාරකරුවන් ද ඉහල යන අමුද්‍රව්‍ය, ප්‍රවාහන, විදුලිය, සේවක වැටුප් ආදී වියදම් හා පහල යන ඉල්ලුම හා වෙළඳාම හමුවේ දැඩි අසීරුතාවන්ට මුහුණ දෙති.
බිම් මට්ටමේ ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනයක් ලෙස ඉහත සියලු පාර්ශ්ව වෙත සහනයක් සලසනු පිණිස, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද "සැමට සහන" අලෙවි ප්‍රදර්ශන 2023.12.15 සහ 16 යන දෙදින පුරා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අතිසාර්ථකව පවත්වන්නට යෙදුනි. කොට්ඨාසයේ කුඩා පරිමාණ ව්‍යාපාරකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව විවර කරමින් ද ප්‍රදේශයේ ජනතාවට සහන මිලට භාණ්ඩ මිල දී ගැනීමට ද අවස්ථාව විවර කරමින් ද පිසූ ආහාර, වියලි ආහාර, රෙදිපිලි, වේවැල් භාණ්ඩ, මැටි භාණ්ඩ, ප්ලාස්ටික් භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, මල් පැළ, විදුලි උපකරණ, සබන්, සුවඳ විලවුන්, මල් සැරසිලි, බිත්ති සැරසිලි, පාවහන් ආදී වෙළඳ කුටි අලෙවි ප්‍රදර්ශනය සඳහා එක් කර තිබුණි.
ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් පරිදි කුඩා ව්‍යාපාර අංශය හා ආර්ථික සංවර්ධන නිලධාරී එකමුතුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනෙහි දී භාණ්ඩ අලෙවියට සමගාමීව තවත් වැඩසටහන් රාශියක් දියත් කළහ. ඒ අනුව පළමු දිනයේ දී එනම් 2023.12.15 වන දින නව ආදායම් අවස්ථා සොයන ප්‍රජාව වෙනුවෙන් සබන්, පාපිසි, බිම්මල්, හඳුන්කූරූ, පපඩම්, ග්ලිටර් බෝර්ඩ් නිර්මාණ ආදීය නිෂ්පාදනය සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩමුළු දවස පුරා පැවැත් විය. දෙවන දිනය එනම් 2023.12.16 දිනය වෙන් කර තිබුණේ දරුවන්ගේ රසවින්දනය සඳහායි. ඒ අනුව දරුවන් වෙනුවෙන් රචනා, පද්‍ය ගායනා, ගීත ගායනා, බැලුම් පිපිරවීම, ටොෆි ඇහිදීම, කණාමුට්ටි බිඳීම, අලියට ඇහැ තැබීම, සංගීත පුටු, තොප්පි දැමීම ආදී තරඟ රැසක් පැවැත් වූ අතර ජයග්‍රහණ හා සහභාගීත්වය සඳහා සහතික පත් ද ප්රදානය කෙරුණි.
මේ වෙනුවෙන් උපදේශනයෙන්, සහයෝගීත්වයෙන් හා සහභාගිත්වයෙන් සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට ගෞරවණීය ස්තුතිය පුද කරමු!

................................................................

කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවටත් මහජනතාවටත් සහන සැලසූ "සැමට සහන" භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනය - 2023.12.15 සහ 16