මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , කේෂ්ත්‍ර ගත නිලධාරීන්ගේ හැකියාවන් ඔප් නැංවීම උදෙසා ගරු ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ නවමු සංකල්පයක් මත ,එතුමියගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහකි. අපි අපිම වෙමු" එදින වැඩසටහන් පුර්වක ලෙස සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී මනෝරි කාංචනා මහත්මි වැඩසටහන මෙහෙයවන ලදි.

කේෂ්ත්‍ර අංශය නියෝජනය කරමින් දේශනය සඳහා විදාතා හා තාක්ෂණ නිලධාරී ශිරාන් අලුත්ගේ මහතා සිය අදහස් දක්වන ලදි. ගමට විද්‍යාව ගෙන යාමේ අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකට එක් මධ්‍යස්ථානයක් ලෙස එය ආරම්භ කරන්නට යෙදුණු බවත්, එම විදාතා මධ්‍යස්ථානය හරහා ජනතාව වෙත ලබා දෙන පාඨමාලාවන් , ව්‍යාපාරයක් සිදු කිරිමේදි අවශ්‍ය තාක්ෂණය පිළිබඳව අවබෝධයත්,ප්‍රමිති කරණය සඳහා තත්ව සහතික ලබා ගැනීමට  අවශ්‍ය පියවරයන් පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් සභාව වෙත ලබා දුණි.

නදීෂා ජයලත් මහත්මියත්,රිවිනි වාසනා මහත්මිය හා ශිරාන් අලුත් ගේ මහතාත් අලංකාර ගීත කිපයක් ගායනා කරන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරීන් නියෝජනය කරමින් ගයාන් රොද්‍රිගෝ මහතා 643 ඒ පුන්සිරි පුර වසම පිළිබඳව ⁣දේශනයක් ඉදිරිපත් කරන ලදි.
කලුතර උතුරු පොලිස් බලප්‍රදේශයට අයත් පුන්සිරි පුර වසම මැත කාලයේ රාජා සමරනායක මහතා විසින් ආරම්භ කරන්නට යෙදුණු ගමක් බවත්, එහි ආර්ථික පසුබිම මෙන්ම සාමාජික වපසරිය පිළිබඳව ත් ව්‍යාපාරයන්හි නියැලෙමින් ස්වයංව නැගිසිටීමට උත්සාහ කරන දිරිමත් ජනතාව පිළිබඳවත් දිර්ඝ දේශනයක් ඉදිරිපත් කරන ලදි.

සහොදර නිලධාරීන් විසින් සිදුකරන ලද වැඩසටහන පිළිබඳව
ඇගයුම්  පැසසුම් ලබා දීම සඳහා ආර්ථික සංවර්ධන නිලධාරී කිත්සිරි කළුබෝවිල මහතා හා ඵලදායිතා සංවර්ධන නිලධාරී අනුෂ්ක දීපාල් මහතාට අවස්ථාව ලැබිණි.
වැඩසටහන නිමා කිරීමට ප්‍රථම පරිපාලන ග්‍රාම නිලධාරී ආර් .සි. සනත් මහතා විසින් වැඩසටහන පිළිබඳව සමස්ථ සමාලෝචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය.

461563444 843556034608666 3613365840559664879 n

461778362 843556164608653 8125977127387970768 n

News & Events

Scroll To Top