රාජ්‍ය නිලධාරීන්⁣ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ විසිහයවන දිගහැරුම.
රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද " අපි අපිම වෙමු ". වැඩසටහන් මාලාවේ විසිහයවන දිගහැරුම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.9.4 වන බදදා පෙ.ව 9.00 ට සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහන මෙහෙයවන ලද්දේ කැන්නන්තුඩාව  ආර්ථික සංවර්ධන නිලධාරී කුමුදුනී හඳපාන්ගොඩ මහත්මිය යි.
ප්‍රථම දේශනය ආපදා කළමනාකරණය හා සහන සේවා නිලධාරී වාසනා සඳමාලි මහත්මිය විසින් සිදුකල අතර
 ඇයගේ දේශනයෙන් ආපදාවකදී, ජනතාව ඊට තිබිය යුතු පෙර සූදානමත්, ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන ගත වීමේ වටිනාකමත්, මනාව පැහැදිලි කරනු ලැබුවාය .
වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම 639 මහදුරුපිටිය ආර්ථික සංවර්ධන නිලධාරී වරුණි ලංකා මහත්මිය විසිනි.
 මහදුරුපිටිය වසමේ ජනතා සිතුම් , පැතුම් මෙන්ම
 ස්වයං රැකියවන්හි නියෙලෙමින් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙහෙසන අහිංසක ගැමි ජනතාව ගැනද,
 මහදුරුපිටිය ග්‍රාමයේ පිහිටා ඇති අලංකාර ස්ථානයක් වන එල්ලෙන වැල් පාලමේ ඓතිහාසික ⁣තොරතුරු රාශියක් ද ඇය ඉදිරිපත් කරනු ලැබුවාය .
එදින වැඩසටහන රසවත් කිරීමට ගීත ගායනයෙන් ,
 ක්ෂේත්‍ර නිලධාරී තනුජා මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි මහත්මිය එක්වුහ.
 වැඩසටහන් සාමාලෝචනය සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් දෙපළක් වන ,
 විරංග ප්‍රියදර්ශන මහතා හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී කාංචනා ⁣මහත්මිය විසින් සිය අදහස් දක්වන ලදි .
 වැඩසටහන අවසන සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) එල්ලාවල මහතාගේ අදහස් දැක්විමෙන් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය .

461697885 843643324599937 5920424742052998311 n

461780190 843643557933247 6581202386095386391 n

News & Events

Scroll To Top