පශු සම්පත පාලනය, කර්මාන්තයක් ලෙස ගත් කළ, ඉතා දිගු ඉතිහාසයක් පවතින කර්මාන්තයකි. කෘෂිකර්මාන්තය මූලික කරගත් දේශිය ජන ජීවිතය, ඒ හා සබැඳි පශු සම්පත පාලනයට ද නිතැතින්ම යොමු වී තිබුණි. අද වන විට නිරෝගී ජන ජීවිතය සඳහා අවැසි සත්ත්ව ප්‍රෝටීන ලබා දෙමින්, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින් හා ආහාර සුරක්ෂිතතාවයට දායක වෙමින්, පශු සම්පත් පාලනය දේශිය ආර්ථිකය තුළ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන සිටියි.

පශු සම්පත් පාලනය පිළිබඳ ප්‍රජාවගේ දැනුම ඉහළ නංවමින් හා ඒ සඳහා ප්‍රජාව යොමු කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීම් වැඩසටහනක්, 2024.10.10 වන දින, පෙතිගමුව බෝධිගල ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ, 653/B පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී වසමේ පශු සම්පත් පාලනයෙහි නිරතව සිටින හා නිරත වීමට බලාපොරොත්තු වන ප්‍රජාව මූලික කර ගනිමිනි.

653/ B පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී අමිලා ඉරෝශනී මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරී කිත්සිරි කලුබෝවිල මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී ලසික එරන්ද මහතාගේ සම්බන්ධීකරණය මත, සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ, මිල්ලනිය පශු වෛද්‍ය නිලධාරී බී.ආර්. අලහප්පෙරුම මහත්මිය හා මිල්ලනිය සත්ත්ව සංවර්ධන උපදේශන නිලධාරී වොලියා විතාන මහත්මිය විසිනි. එහිදී පශු සම්පත් පාලනය ආරම්භ කිරීම, සතුන් තොරා ගැනීම, කූඩූ සැකසීම, ආහාර සැකසීම, රෝග පාලනය, අතුරු නිශ්පාදන සිදු කිරීම, නව තාක්ෂණය මුසු කිරීම ආදී විෂය පැතිකඩ පිළිබඳව දීර්ඝව පැහැදිලි කිරීම සිදු විය.

සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!

 465142753 864865399144396 5197410781068330683 n

465225494 864865275811075 4000375240963340767 n

465116980 864865232477746 1248909227477705787 n

News & Events

Scroll To Top