අලුත් අවුරුදු සිරියාව, බක් මාසය පුරාවටම පවතී. එහි සාමූහික විනෝදය ගෙන දෙන සොඳුරුතම ඉසව්ව බක්මහ උළෙලයි. සතුට, විනෝදය මෙන්ම ශක්තිය, නිර්භීතකම, එකමුතුකම ආදී ගුණාංගයන් ද ස්මතු කරලන බක්මහ උළෙල, දේශිය ක්රීඩා සංස්කෘතිය අනාගතයට රැගෙන යයි.
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණේ මිල්ලනිය ප්රාදේශිය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙනි. පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් ආරම්භ වූ මෙම බක්මහ උළලේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන්, ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා, විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අවුරුදු ක්රීඩාවන් ආරම්භ කරමින් පළමුව පුංචි දරුපැටවුන් සඳහා වන ක්රීඩා ඉසව් පවත්වන්නට යෙදුනි. අංක බෝල ඇහිඳීම, බැලුම් පිපිරවීම, මාළුවාට ඇහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම ආදී ක්රීඩා පුංචි දරුවන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් අතර දරුවන් සඳහා ත්යාග පිරිනැමීමද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව අනෙක් ක්රීඩා ඉසව් ආරම්භ විය. ඒ අනුව කණා මුට්ටි බිඳීම, පිරිමි කොට්ටපොර, කාන්තා කොට්ටපොර, බැලුම් ඩාන්ස්, වතුර බැලුම් ඇල්ලීම, බෝතලයට වතුර පිරවීම, රබන් ගැසීමේ තරඟය, සංගීත පුටු තරඟය, කඹ ඇඳීම, ඉඳිකටුවට නූල දැමීම, සැඟවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු වස්තුව හා මල සෙවීම ආදි තරඟ ඉසව් පැවති අතර, නිලධාරීන් බොහෝ උද්යෝගයෙන් එම ඉසව් සඳහා සහභාගී වී ත්යාග දිනා ගත්හ. කාර්යාලයෙන් ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්, තරඟ විනිශ්ච කටයුතු සඳහා අරාධනා ලැබ දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සඳහා විශේෂ අවුරුදු තරඟයක් ද, සමරු ත්යාග ප්රදානයක් ද සිදු කරන ලදී.
හවස් යාමය තවත් අපුරූ ක්රීඩා ඉසව් කිහිපයක් සඳහා වෙන් කර තිබුණි. ඒ හොඳම හිනාව, හොඳම ඇඬීම, කාර්යාල අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය යන තරඟයි. ආරාධිත විනිශ්ෂ මණ්ඩලය මඟින් තෝරාගනු ලැබූ කාර්යාල අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කිරුළු පැළදි අවස්ථාව බක්මහ උළලේ සොඳුරුතම අවස්ථාවයි. මෙවර කාර්යාල අවුරුදු කුමරා ලෙස තේරී පත් වූයේ ඉඩම් අංශයේ ධනුක රංගන මහතායි. එහිදී ආයතන අංශයේ ගිහාන් දර්ශන මහතා සහ එම අංශයේම චන්දන උදයකාන්ත මහතා පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. කාර්යාලයීය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදියේ ක්ෂේත්ර අංශයේ වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි තරංගනී මහත්මියයි. එම අංශයේ පංවමී මහත්මිය හා ග්රාම නිලධාරී මේනකා පෙරේරා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනූ කුමරියන් බවත් පත්විය. ඔවුන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම්!
බක්මහ උළෙල සඳහා මැක්ටයිල් ආයතනය ඇතුළු කොට්ඨාසයේ ආයතන රැසක් මූල්ය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ටත්, බක්මහ උළෙල සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන් සැමටත්, සහභාගී වූ සැමටත් 
ස්තූතිවන්ත වෙමු!
 
495935224 999658258998442 2997647195171335913 n
497107504 999658335665101 5845679853689990953 n496941133 999658385665096 883296568226260026 n
 
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26
................................................................................
අලුත් අවුරුදු සිරියාව, බක් මාසය පුරාවටම පවතී. එහි සාමූහික විනෝදය ගෙන දෙන සොඳුරුතම ඉසව්ව බක්මහ උළෙලයි. සතුට, විනෝදය මෙන්ම ශක්තිය, නිර්භීතකම, එකමුතුකම ආදී ගුණාංගයන් ද ස්මතු කරලන බක්මහ උළෙල, දේශිය ක්රීඩා සංස්කෘතිය අනාගතයට රැගෙන යයි.
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණේ මිල්ලනිය ප්රාදේශිය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙනි. පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් ආරම්භ වූ මෙම බක්මහ උළලේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන්, ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා, විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අවුරුදු ක්රීඩාවන් ආරම්භ කරමින් පළමුව පුංචි දරුපැටවුන් සඳහා වන ක්රීඩා ඉසව් පවත්වන්නට යෙදුනි. අංක බෝල ඇහිඳීම, බැලුම් පිපිරවීම, මාළුවාට ඇහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම ආදී ක්රීඩා පුංචි දරුවන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් අතර දරුවන් සඳහා ත්යාග පිරිනැමීමද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව අනෙක් ක්රීඩා ඉසව් ආරම්භ විය. ඒ අනුව කණා මුට්ටි බිඳීම, පිරිමි කොට්ටපොර, කාන්තා කොට්ටපොර, බැලුම් ඩාන්ස්, වතුර බැලුම් ඇල්ලීම, බෝතලයට වතුර පිරවීම, රබන් ගැසීමේ තරඟය, සංගීත පුටු තරඟය, කඹ ඇඳීම, ඉඳිකටුවට නූල දැමීම, සැඟවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු වස්තුව හා මල සෙවීම ආදි තරඟ ඉසව් පැවති අතර, නිලධාරීන් බොහෝ උද්යෝගයෙන් එම ඉසව් සඳහා සහභාගී වී ත්යාග දිනා ගත්හ. කාර්යාලයෙන් ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්, තරඟ විනිශ්ච කටයුතු සඳහා අරාධනා ලැබ දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සඳහා විශේෂ අවුරුදු තරඟයක් ද, සමරු ත්යාග ප්රදානයක් ද සිදු කරන ලදී.
හවස් යාමය තවත් අපුරූ ක්රීඩා ඉසව් කිහිපයක් සඳහා වෙන් කර තිබුණි. ඒ හොඳම හිනාව, හොඳම ඇඬීම, කාර්යාල අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය යන තරඟයි. ආරාධිත විනිශ්ෂ මණ්ඩලය මඟින් තෝරාගනු ලැබූ කාර්යාල අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කිරුළු පැළදි අවස්ථාව බක්මහ උළලේ සොඳුරුතම අවස්ථාවයි. මෙවර කාර්යාල අවුරුදු කුමරා ලෙස තේරී පත් වූයේ ඉඩම් අංශයේ ධනුක රංගන මහතායි. එහිදී ආයතන අංශයේ ගිහාන් දර්ශන මහතා සහ එම අංශයේම චන්දන උදයකාන්ත මහතා පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. කාර්යාලයීය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදියේ ක්ෂේත්ර අංශයේ වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි තරංගනී මහත්මියයි. එම අංශයේ පංවමී මහත්මිය හා ග්රාම නිලධාරී මේනකා පෙරේරා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනූ කුමරියන් බවත් පත්විය. ඔවුන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම්!
බක්මහ උළෙල සඳහා මැක්ටයිල් ආයතනය ඇතුළු කොට්ඨාසයේ ආයතන රැසක් මූල්ය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ටත්, බක්මහ උළෙල සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන් සැමටත්, සහභාගී වූ සැමටත් ස්තූතිවන්ත වෙමු!
 
All reactions:
 
News & Events

Scroll To Top