අද දරුවා හෙට වැඩිහිටියෙකි. මේ දෙදෙනා එකම කාසියක දෙපැත්ත බදුය. ඒ නිසා ලෝක වැඩිහිටි හා ළමා දිනය එකම දිනක යෙදි තිබේ.
ලෝක වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය සමෘද්ධි බැංකු කලාපය තුළ වැඩසටහන් රැසක් සංවිධානය විය.
2022/10/03 දින දොඹගොඩ සමෘද්ධි සමීති සංවිධායකත්වයෙන් ශ්රී නිමල පෙර පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයීම, තෑගි ප්රධානය කීරීම සිදු වු අතර පෙර පාසල් දරුවන්ගේ විවිධ ප්රසාංගික ඉදිරිපත් කිරිම් සිදුවිය.
2022/10/04 දින කූරගොඩ ගමන් සෙවන වැඩිහිටි සුරැකුම් මධ්යස්ථානයට දිවා ආහාරය සැපයීම ද සිදු විය.
මේ අවස්ථාවන්ට මිල්ලනිය සමෘද්ධි බැංකු කළමණාකාරතුමා, ක්ෂේත්ර සහාකාර කළමණාකාරතුමිය, සංවර්ධන නිලධාරී මහත්මිය, සමාජ සංවර්ධන සහකාර මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී මිය හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන් බටගොඩ, දොඹගොඩ වසම්වල සමෘද්ධි සමීති නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
තවද 2022/10/04 දින 640 යටවර ග්රාම නිලධාරී වසමේ ද වැඩිහිටි දිිනය මෙලෙස සමරන ලද බව කැමරා කාචයේ සටහන් විය.

 

IMG 20221004 WA0018 NN

IMG 20221004 WA0009NNN

News & Events

Scroll To Top