සිහින දකින අපේ ලොවක් ජාත්‍යන්තර ළමා දින සැමරුම් උත්සවය බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී
----------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
හෙට දින ලොව දිනන ළමා ලෝකයේ වීරයන් වෙනුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිහින දකින අපේ ලොවක් ළමා සැමරුම් උත්සවය බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී 2022.10.07 වන දින පවත්වන ලදී.
විද්‍යාලීය දරුවන් විසින් ආරාධිත අමුත්තන් ප්‍රධාන ශාලාවට කැදවා ඒමෙන් අනතුරුව ළමා දින සැමරුම් දින උත්සවයේ කටයුතු ආර්ම්භ කරන ලදී. බටගොඩ ප්ර්රාථමික විද්‍යාලයේ දරුවන්ගේ සහ ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ගේ විශේෂාංග මෙන්ම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් පත් කරන ලද නාට්‍ය ගීත උත්සවයේ කටයුතු වර්ණවත් කරන ලදී .
උත්සවය අවසානයේ දී සියලුම දෙනා දරුවන් හා එක්ව සතුට බෙදා ගන්නා ලදී. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා සහය ලබා දුන් බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට, මූල්‍ය අනුග්‍රහය දැක් වූ මැක්ටයිල් ආයතනයට, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගෞරවය පුද කරමු.

















