මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 639 පාතකඩ ග්‍රාම නිලධාරි වසමේ ස්ථාපිත රන්සවි සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය මූලික කර ගනිමින් ඉදි කරන ලද පසු අස්වනු සැකසුම් මධ්‍යස්ථානය 2022.10.18 අගහරුවාදා දින පෙ.ව. 09.07 යෙදුණු සුබ මොහාතින් ජනතා අයිතියට පත් කරන ලදී.
කෘෂි කර්මාන්තය මූලික කර ගනිමින් නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් ඇති කල යුතු බවත්, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු බලපෑමක් ඇති කල හැකි බවත්, මෙමගින් සිදු වන වඩා වැදගත්ම කාර්යයය වන්නේ ග්රාමීයව ආර්ථික සවිබල ගැන්වීම බවත්, සුබ පැතුම් එක් කරමින් සමාජ සවිබල ගැන්වීමේ ගරු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවෙල් මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.
මෙම වැඩසටහනෙහි මේ දක්වා සාර්ථකත්වය අගය කරමින් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සංජීව කුලතිලක මැතිතුමා, සෞභග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න මැතිතුමා සහ කලුතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ ඩබ්.ඒ.කේ.එස්. දමයන්ති මැතිනිය සුබ පැතුම් එක් කරන ලදී.
කල්තබා ගත හැකි පරිදි සකස් කරන ලද ගොටුකොළ සම්බෝල සහ ගොටුකොළ මැල්ලුම ආදී නිෂ්පාදන එලි දැක්වීමද මෙහිදී සිදු කරන ලද අතර විදේශ වෙළඳපොල ඉලක්ක කර ගනිමින් විජලිත ගොටුකොළ නිෂ්පාදන පිළිබද සැලැස්මද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මේ අවස්ථාව සදහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කළුතර දිස්ත්‍රික් මූලස්ථාන කෘෂිකර්ම උපදේශකතුමා, පාතකඩ විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ග්‍රාමීය සංවර්ධන බැංකු කළමණාකාරතුමා ඇතුලු මෙම වැඩසටහන සඳහා සම්බන්ධව කැපවීමෙන් කටයුතු කරන ලද නිලධාරීන් සහ සමිති සාමාජිකත්වය සම්බන්ධ වූහ.
රන්සවි සෞභාග්‍යා නිෂ්පාදනයන්ට තම අනන්යයතාවයකින් ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට හැකි වේවායි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ පැතුම් එක් කරමු.
















