ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “දෙටු පුරවැසි” රඟ සොබා 2022 වැඩිහිටි විවිධ ප්‍රසංගය 2022.10.28 දින පැවැත්විණි.එහිදී ප්‍රාෙද්ශීය ලේකම්තුමිය පිලිගැනීම හා අරමුණු පැහැදිලි කරමින් ප්‍රාෙද්ශීය ලේකම්තුමිය වැඩිහිටිවියේ අගය හා සිය අතීත වර්තමාන අනාගත කාලය වෙනුවෙන් කැපකල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාදරයට පාත්‍රවිය යුතු පිරිසක් බව ද අවධාරණය කලේය. ජීවිතය විදිමින් වැඩිහිටි විය ගතකල යුතු බවද එතුමිය වැඩි දුරටත් සඳහන් කලාය.

දිස්ත්‍රික් වැඩිහිටි හිමිකමි ප්‍රවර්ධන නිලධාරී තුෂාර මහතා අදහස් දක්වමින් දිවයින පුරා ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවමින් වැඩිහිටිවිය හුදකලාවීමකින් තොරව ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකසා දීම එම කමිටු පිහිටුවීමේ අරමුණු බව පැහැදිලි කලේය.IMG 20221102 WA0044webIMG 20221102 WA0047 web

News & Events

Scroll To Top