මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2023.01.02 වන දින ආගමානුකූලව පිරිත් සජ්ජායනය අතරතුර චාරිත්‍රානුකූලව බී.ඒ.එන් දිල්රුක්ෂි මැතිණියගේ ප්‍රධානත්වයෙන් කිරි ඉතිරවීමෙන් ආගමානුකූලව නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.ජාතික ධජය ඔසවා ජාතික ගීය හා කාර්යාල ගීතය වාදනය කිරිමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් ලෙස නව වසරේ වැඩ කටයුතු ආරම්භ කීරීම වෙනුවෙන් ප්‍රතිඥාව ලබාදුනි.පසුව කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙකු නව වසර වෙනුවෙන් සභාව අමතන ලදී.
2020 වසරේ පැවැත්වූ ඵලදායීතා තරඟාවලියේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙනුවෙන් පිරිනැමූ කුසලතා සම්මානය හා සහතක පත්‍රය ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල නිලධාරීන් වෙත ලබා දීම ද සිදු කරන ලදි.
අනතුරුව කාර්යාලිය නියමුවරිය හරවත් කථාවක් කරමින් සභාව අමතන ලදී.මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂ සැළසුම් තුමා, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමා හා පරිපාලන නිලධාරීතුමිය ඇතුලු සියලූම නිලධාරීන් සහභාගී විය.
















