ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  • ග්‍රාම නිලධාරී සහතික, පදිංචි සහතික අනු අත්සන් කිරීම
  • ජාතික හැඳුනුම්පත් සම්බන්ධ කටයුතු
  • ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත යුතු තොරතුරු වාර්තා පිළිබඳ කටයුතු
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම, මත්පැන් බලපත්‍ර ලබාදීම, උකස් බලපත්‍ර ලබා දීම සම්බන්ධ රාජකාරි
  • ආදායම් සහතික නිකුත් කිරීම, ආදායම් වටිනාකම් සහතික නිකුත් කිරීම, වාහන පැවරීම් රාජකාරි හා විදුලි පරීක්ෂණ කටයුතු
  • සත්ව බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි

ආයතන අංශයේ වෙනත් රාජකාරි

  • කාර්යාලීය ග්‍රාම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි‍ ගොනු පවත්වා ගෙන යෑම
  • නිළධාරීන්ගේ නිවාඩු, ණය හා ‍දුම්රිය බලපත්‍ර සම්බන්ධ රාජකාරි
  • කාර්යාලයේ තැපෑල සම්බන්ධ රාජකාරි
  • කාර්යාලීය වාහන, විදුලි, දුරකථන, ඉන්ධන, ජලය සම්බන්ධ කටයුතු
  • කාර්යාලීය උපකරණ නඩත්තුව
   

සමාජ සේවා අංශය

දැක්ම

සමාජ සංවර්ධනය තුල අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරි ගැන්වීම සහ පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම.

ප්‍රධාන කාර්යයන්
  • මහජන ආධාර ලබාදිම
  • රෝගාධාර ගෙවිම
  • වැඩිහිටි දිමනාව ගෙවිම
  • විශේෂිත මහජන ආධාර ගෙවිම
  • ආබාධ සහිත පුද්ගලයන්ට උපකරණ ලබාදිමට අදාල නිර්දේශ
  • පුනරුත්තාපන ආධාර ලබාදිම
  • විශේෂ නිවාස ආධාර ලබාදිම
  • අනියම් සහනාධාර ලබාදිම
  • නඩත්තු ආධාර ලබාදිම
  • වැඩිහිටියන් නිවාසගත කිරිම
  • ප්‍රජාමුල පුනරුප්තාපන වැඩසටහන
  • සමාජ ආරක්ෂන විශ්‍රාම වැටුපට දායකයන් ගැනිම
  • ආබාදිත පුද්ගලයන්
  • නිවාස ආධාර ලබාදිම
  • ස්වයං රැකියා ආධාර
  • වෛද්‍ය ආධාර
  • අධ්‍යාපන ආධාර
  • ආබාදිත පුද්ගලයන් වෘත්තිය පුහුණු වැඩසටහන් වලට යොමු කිරිම
  • ආබාධිත පුද්ගලයන්ට ජිවනාධාර දිම
  • ආපදා හේතුවෙන් හානි වු නිවාස සඳහා ආධාර දිම
  • වැඩිහිටි හැදුනුම්පත් ලබා දිම සම්බන්ධ කටයුතු
  • තනි මා පිය පවුල් පුනරුත්තාපන වැඩසටහන
  • විස්තිරන ආපදා සම්බන්ධ කටයුතු
  • ජනාධිපති අරමුදල සම්බන්ධ නිර්දෙශිත වාර්තා සැකසිම
  • ළමා හිමිකම් පිළිබඳ කටයුතු
  • උපදේශන සේවා සැපයීම කටයුතු
  • ළමා රක්ෂඛ කටයුතු
  • පූර්ව ළමාවිය සංවර්ධන කටයුතු

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  • යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  • විමධ්‍යගත, පළාත් සභා සහ වෙනත් අමාත්‍යංශ යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • සිවිල් ඉංජිනේරුමය කටයුතු
  • පාසල් ක්‍රීඩා පිටි සංවර්ධන කටයුතු
  • ග්‍රාමීය ජනතාවට විද්‍යාව හා තාක්ෂණය හඳුන්වාදීම
  • ග්‍රාම සංවර්ධන සමිති ක්‍රියාකාරීත්වය පිළිබඳ රාජකාරි
  • ජනවාර්ගික හා ආගමික සහජීවන කටයුතු
  • සංස්කෘතික කටයුතු හා සාහිත්‍ය කටයුතු
  • රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම
  • ක්‍රීඩා කටයුතු,‍ යෞවන සමාජ හා තරුණ කටයුතු
  • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හා ප්‍රාදේශීය කෘෂිකර්මික කමිටුව පැවැත්වීම
  • නිවාස සංවර්ධන කටයුතු
  • විහාරස්ථාන හා දහම් පාසල් සම්බන්ධ කටයුතු
  • සංඛ්‍යා ලේඛණ තොරතුරු රැස්කිරීම හා වාර්තා කිරීම
  • වෙරළ සංරක්ෂණ කටයුතු
  • වෘත්තීය මාර්ගෝපදේශන සහ ඵලදායී කටයුතු
  • ආයුර්වේද සංරක්ෂණ කටයුතු
  • සම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ කටයුතු
  • ව්‍යවසාය සංවර්ධන කටයුතු

ගිණුම් අංශය

දැක්ම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  • මුදල් ගෙවීම හා ලැබීම් භාර ගැනීම
  • අත්තිකාරම් බී ගිණුම් සැකසීම
  • චෙක්පත් ලිවීම හා නිකුත් කිරීම
  • මාසික ගිණුම් සාරාංශය සැකසීම (මධ්‍යම රජය හා පළාත් සභා)
  • විවිධ තැම්පත් ගෙවීම්
  • වැටුප් ගෙවීම
  • බැංකු සැසඳුම් වාර්තා සැකසීම
  • අයවැය ඇස්තමේන්තු සැකසීම
  • විසර්ජන ගිණුම සැකසීම
  • ලේඛණාගාරය පිළිබඳ කටයුතු
  • ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  • උපත්, විවාහ අයදුම්පත් වලට අදාල සහතික කළ පිටපත් නිකුත් කිරීම
  • ·කල්පසු වූ උපත් මරණ ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම
  • උප්පැන්න, මරණ ලේඛණවල වෙනස්වීම් හා වැරදි සංශෝධනය කිරීම
  • කාර්යාලය වෙත පැමිණෙන විවාහයන් සිදුකිරීම්

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  • විශ්‍රාම වැටුප් වාර්තා නිකුත් කිරීම.
  • විවිධ චක්‍රලේඛ වලට අදාල සංශෝධන සකස් කර ගෙවිම.
  • දස අවුරුදු විශ්‍රාම වැටුප් සකස් කර ගෙවීම.
  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සකස් කර ගෙවීම.
  • ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් මුලික පරීක්ෂණ සිදු කිරීම.
  • විදේශගවී නැවත පැමිණි පසු විශ්‍රාම වැටුප් සකස් කිරීම.
  • අවස්ථාවෝචිත පරිදි විශ්‍රාම වැටුප් ‍ගෙවීම් නතර කිරීම
  • විශ්‍රාමිකයන්ට දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.

ඉඩම් අංශය

දැක්ම පරිසරය ආරක්ෂා වන අයුරින් නිවැරදිව බලපත් ලබාදීම හා ඉඩම් ගැටලු නිරාකරණය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීම
ප්‍රධාන කාර්යයන්
  • රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි
  • ඉඩම් අත්පත් කර ගැනීමේ රාජකාරි
  • ඉඩම් පරිහරණ සැලසුම් රාජකාරි
  • දැව හෙලීම, දැව ප්‍රවාහනය, දැව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ රාජකාරි, සත්ව බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි
  • ගල්, වැලි ප්‍රවාහනය සම්බන්ධ බලපත්‍ර දීම

 

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top