මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන "හිතමිතුරී " වැඩසටහනේ තවත් එක් පියවරක් වශයෙන් සංවිධානය කරන ලද පිළිකා රෝගීන් සඳහා හිසකෙස් දන්දීමේ වැඩසටහන අති සාර්ථකව මිල්ලනිය දේවරක්ශිත විද්‍යාලයේදී 2026.06.14 වන දින පවත්වන ලදී. පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ( ව්ග් ) සකස් කර ලබා දෙනු ලබන ආයතනයක් වන " නැණ පහන" පදනම හා එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී.
මේ සඳහා දිවයිනේ ඉතා දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණි පරිත්‍යාශීලින් 391 දෙනෙකු හිස කෙස් පරිත්‍යාග කරන ලදී. එම පිරිස අතර කුඩා දියණිවරුන්, තරුණයින් සහ අත දරු මව්වරුන් විශාල පිරිසක් වීම විශේෂත්වයකි. එමෙන්ම ඉතාමත් දිගු කොණ්ඩා පරිත්‍යාග කිරීමට පැමිණ සිටීමද දක්නට හැකිවිය.
වැඩසටහන ආරම්භයේ දී හිස කෙස් අවශ්‍ය සුවය ලබමින් සිටින රෝගින් 10 දෙනෙකු සඳහා එම ආයතනය විසින් අලංකාර විග් පැලඳවීමද සිදු කරන ලදී. එමෙන්ම එම ප්‍රතිලාභීන් උදෙසා පෝෂ්‍යදායී ආහාරද්‍රව්‍ය පාර්සලයක් පිරිනැමීමටද කටයුතු සංවිධානය කොට තිබුනි.
මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ "හිත මිතුරී" සමස්ථ ශ්‍රී ලංකාවේ වෙසන පිළිකා රෝගීන් වෙනුවෙන් සිය සහයෝගයේ දෑත් දිගු කළ තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයීය කාන්තා බලමණ්ඩල ඉතිහාසයේ සටහන් වනු ඇත.






2025-11-22 වන දින පැවති බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලාකරු උපහාර උළෙල 2025 ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අතරින් නර්තන ක්ෂේත්‍රයෙන් මිල්ලනිය කොට්ඨාශයේ ප්‍රවීණ නර්තන ශිල්පී සම්පත් උක්වත්ත මහතා සම්මානයට පාත්‍ර විය.


උත්සව සමය වෙනුවෙන් ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු.5000.00 දීමනාව සඳහා ලබා දෙන වවුචර්පත පහත දින වලදී අදාළ මාතෘ සායන වලදී ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.ඒ සඳහා ඔබ වසමේ පහත ඇමුණුම් වල නම් සඳහන් ගර්භණී මව්වරුන් දැනුවත් කරන මෙන් දන්වා සිටිමි.
2025.12.16 - ගල්පාත සායනය
හල්තොට සායනය
පැල්පොල සායනය
2025.12.17 - ගුංගමුව සායනය
වැලිකල සායනය
පරගස්තොට සායනය
2020.12.18 - උඩුවර සායනය
යටවර සායනය
2025.12.16 හා17 යන දින වලදී අදාළ සායන වලින් පේෂණ වවුචර් ලබා ගැනීමට නොහැකි වූ මව්වරුන් හට 2025.12.18 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ලබා ගත හැකි බවද දන්වා සිටිමි.
2025 ලෝක ළමා දින සමරමින් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මිල්ලනිය පොලිස් ස්ථානය එක්ව සංවිධානය කරන ලද ගී රස වින්දන වැඩසටහන 2025.19.02 දින මිල්ලනිය දේවක්ෂිත මහ විද්‍යාලයේ 9 හා 10 වසර දරුවන් සඳහා බොද්දෙල්ගොඩ විහාරස්ථ ධර්ම ශාලාවේදී පවත්වන ලදි. මෙම වැඩසටහන සංවිධානය සඳහා සංස්කෘතික නිලධාරී බුද්ධිකා වික්‍රමසිංහ මෙනවිය මිල්ලනිය පොලිස් ස්ථානයෙ ළමා හා කාන්තා කාර්යංංශයේ ස්ථානාධිපති හේමමාලි මහත්මියගේ පූර්ණ සහය ලැබුණු අතර ගීත ගායනය සදහා සමාජ සේවා සහකාර නිරංජලා මහත්මිය හා මිල්ලනිය විදුහලේ උසස් පෙළ අංශයේ දියණියකගේ සහය ලැබුණී.ගීටහ් විචාරය සදහා සම්පත් දායකත්ව පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක අනූෂ පෙරේරා මහතා විසින් ලබා දෙන ලදි . මෙම වැඩසටහන මෙහෙය වීම අප කාර්යාලයේ චතුර්ද ඉසරංග මහතා විසින් සිදු කරන ලදි . මෙම අවස්තාව සදහා අප කාර්යාලයේ ජා.ඒ. සං නි. රිවිනි මහත්මිය ද සහභාගී විය. මේ මගින් දරුවන් සුභාවිත ගීරස වින්දනයට යොමු කිරීම හා දරුවන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව ආදරයේ උල්පත වූ අම්මා, පුරුදු පාරේ අදත් යනවා, විදුලිය එළිය දැක ගිණිහිල දියේ හොවා ,බුදුහාමුදුරුවො වැඩියා වාගේ, මගෙ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි යන ගීත මේ අවස්ථාවට තෝරා ගන්න අදී. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දැක් වූ සැමට තුති.





















