අභ්යන්තර කටයුතු ඒකකය
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සුපිළිපන් රාජ්ය සේවයක් සඳහා ඔබත් දායක වන්න!
ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) මගපෙන්වීම යටතේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ අභ්යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත.
මෙම ඒකකයේ ප්රධාන අරමුණ වන්නේ අප කාර්යාලයෙන් ජනතාවට ලබා දෙන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්ත සහ දූෂණයෙන් තොර සේවාවක් බවට තහවුරු කිරීමයි.
ඔබට පැමිණිලි කළ හැක්කේ කුමන අවස්ථා වලදීද?
ඔබ අප ආයතනයට පැමිණි අවස්ථාවකදී අප ආයතනයේ කිසිදු නිලධාරියෙක් / සේවකයෙක් විසින්,
👉 ඔබගෙන් අල්ලස් ඉල්ලන්නේ නම්
👉 දූෂණ / නීතිවිරෝධී ක්රියාවක නිරත වන්නේ නම්
👉 වෙනත් කිසියම් අක්රමිකතාවයක් / අයුතු ලෙස ප්රමාද කිරීමක් සිදු කරන්නේ නම්
ඒ පිළිබඳව අපට දැනුම් දීමට ඔබට දැන් අවස්ථාව ඇත.
ඔබගේ තොරතුරු වල රහස්යභාවය 100%ක් ආරක්ෂා කිරීමට අපි බැඳී සිටින්නෙමු.
ඔබගේ පැමිණිල්ල පහත ක්රම වලින් අප වෙත යොමු කරන්න:
📞 දුරකථන: 0342252844
💬 WhatsApp: 0715250461
📧 Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
📍 ස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිල්ලනිය
🔍 QR Code එක Scan කර පැමිණිල්ල යොමු කරන්න.
මීට අමතරව CIABOC හොට්ලයින් 1954 ඔස්සේද පැමිණිලි කළ හැක.
ඔබගේ එක් පැමිණිල්ලක් තුළින් වඩා යහපත් රාජ්ය සේවයක් ගොඩනැගීමට දායක වන්න.


ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්රිකයේ රාජ්ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට
2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ දී රාජ්ය අංශය (Public Sector) කාණ්ඩය යටතේ වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල අංශයෙන්, කළුතර දිස්ත්රික්කයේ තෙවන ස්ථානය දිනා ගැනීම සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වී ඇති බව සතුටින් දැනුම් දෙමු!
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා ගත් මෙම සුවිශේෂි ජයග්රහණය, රාජ්ය යාන්ත්රණය බිම් මට්ටමෙහි ක්රියාත්මක කිරීමෙහිලා විසල් මෙහෙවරක නිරත වෙමින්, කොට්ඨාසයේ මහජනතාවට ගුණාත්මක හා මිත්රශිලී සේවාවක් ලබා දීමට කාර්‍යාලයීය නිලධාරී මණ්ඩලය සිදු කරන කැපවීම යලි යලිත් තහවුරු කර ඇත.
ඉදිරියටත් ඵලදායී හා කාර්යක්ෂම සේවයක නිරත වෙමින් උසස් ජනතා මෙහෙවරක නිරත වන්නට සියලු නිලධාරීන්ට සුභාශිංසන ප්රාර්ථනා කරමු!
මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන "හිතමිතුරී " වැඩසටහනේ තවත් එක් පියවරක් වශයෙන් සංවිධානය කරන ලද පිළිකා රෝගීන් සඳහා හිසකෙස් දන්දීමේ වැඩසටහන අති සාර්ථකව මිල්ලනිය දේවරක්ශිත විද්‍යාලයේදී 2026.06.14 වන දින පවත්වන ලදී. පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ( ව්ග් ) සකස් කර ලබා දෙනු ලබන ආයතනයක් වන " නැණ පහන" පදනම හා එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී.
මේ සඳහා දිවයිනේ ඉතා දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණි පරිත්‍යාශීලින් 391 දෙනෙකු හිස කෙස් පරිත්‍යාග කරන ලදී. එම පිරිස අතර කුඩා දියණිවරුන්, තරුණයින් සහ අත දරු මව්වරුන් විශාල පිරිසක් වීම විශේෂත්වයකි. එමෙන්ම ඉතාමත් දිගු කොණ්ඩා පරිත්‍යාග කිරීමට පැමිණ සිටීමද දක්නට හැකිවිය.
වැඩසටහන ආරම්භයේ දී හිස කෙස් අවශ්‍ය සුවය ලබමින් සිටින රෝගින් 10 දෙනෙකු සඳහා එම ආයතනය විසින් අලංකාර විග් පැලඳවීමද සිදු කරන ලදී. එමෙන්ම එම ප්‍රතිලාභීන් උදෙසා පෝෂ්‍යදායී ආහාරද්‍රව්‍ය පාර්සලයක් පිරිනැමීමටද කටයුතු සංවිධානය කොට තිබුනි.
මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ "හිත මිතුරී" සමස්ථ ශ්‍රී ලංකාවේ වෙසන පිළිකා රෝගීන් වෙනුවෙන් සිය සහයෝගයේ දෑත් දිගු කළ තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයීය කාන්තා බලමණ්ඩල ඉතිහාසයේ සටහන් වනු ඇත.






උත්සව සමය වෙනුවෙන් ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු.5000.00 දීමනාව සඳහා ලබා දෙන වවුචර්පත පහත දින වලදී අදාළ මාතෘ සායන වලදී ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.ඒ සඳහා ඔබ වසමේ පහත ඇමුණුම් වල නම් සඳහන් ගර්භණී මව්වරුන් දැනුවත් කරන මෙන් දන්වා සිටිමි.
2025.12.16 - ගල්පාත සායනය
හල්තොට සායනය
පැල්පොල සායනය
2025.12.17 - ගුංගමුව සායනය
වැලිකල සායනය
පරගස්තොට සායනය
2020.12.18 - උඩුවර සායනය
යටවර සායනය
2025.12.16 හා17 යන දින වලදී අදාළ සායන වලින් පේෂණ වවුචර් ලබා ගැනීමට නොහැකි වූ මව්වරුන් හට 2025.12.18 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ලබා ගත හැකි බවද දන්වා සිටිමි.















