මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අත්කම් නිර්මාණකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ස්ථාපිත සංගමය, MilArts සංගමයයි. එය ස්ථාපනයට අඩිතාලම වූ, MilArts 2024 අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේ ආරම්භයේ පටන්ම, ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසල් සහයෝගයක් MilArts සාමාජිකයින් වෙත ලබා දුන් අතර, ඉන්පසුවද විවිධ වැඩසටහන් හා වැඩමුළු ද පවත්වමින් ඔවුන්ව දැනුමින් සුපෝෂිත කිරීමට දායක විය.
එවන් වැඩමුළුවක් අතරතුරදී, එම ආයතනයේ සභාපති කසුන් රණතුංග මහතාගේ යෝජනාවක්, කඩිනමින් යථාර්ථයක් බවට පත් වෙමින්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මොරටුව වැඩ අංගනයේ, ක්ෂේත්‍ර නීරීක්ෂණ චාරිකාවක නියැලීමට, 2024.09.03 වන දින MilArts සාමාජිකයින්ට මහඟු අවස්ථාවක් හිමි විය.
එම වැඩ අංගනයේ රෙදිපිළි අංශය, වේවැල් අංශය, වඩු අංශය, මැටි භාණ්ඩ අංශය, ආභරණ අංශය ඇතුළු සෑම අංශයක්ම නිරීක්ෂණය කරමින්, නවීන යන්ත්‍රෝපකරණ භාවිත කර, නව තාක්ෂණයන් ඔස්සේ, නවීන මෝස්තර යොදා ගනිමින්, උසස් අත්කම් භාණ්ඩ නිර්මාණ කරන ආකාරය පිළිබඳව, න්‍යායාත්මක ඉගෙනීමටත්, ප්‍රායෝගිකව අත්දැකීමටත්, මෙහිදී අවස්ථාව සලසා දෙනු ලැබීය.
ක්ෂේත්‍ර නිරීක්ෂණය අවසානයේ දී, අත්කම් නිර්මාණකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව හා අත්කම් නිර්මාණකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳව, එම ආයතනයේ විෂය ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමට ද MilArts සාමාජිකයින්ට හැකි විය. මෙම චාරිකාව සඳහා මිල්ලනිය ප්රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු MilArts සංවිධායක මණ්ඩලය ද සහභාගී වූහ.
මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සාර්ථකව සංවිධානය කිරීමටත්, MilArts සාමාජිකයන්ට දැනුම ලබා දීමටත් සහයෝගය ලබා දුන්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමන්, අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයටත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පොඩිනිලමේ මැතිතුමාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.




"අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් විසිහතර වන වැඩසටහන 2024.8.8 වන දින පවත්වන්නට යෙදිණි
මෙම වැඩසටහන ගරු ප්‍රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මැතිණියගේ නවමු සංකල්පයක් මත , ක්ෂේත්‍ර ගත නිලධාරීන් වන ආර්ථික සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්ර නිලධාරීන්ගේ වැඩිමනත් නියෝජනයෙන් ඔවුන්ගේ , මෘදු කුසලතා යාවත්කාලීන කිරීම වෙනුවෙන් ම සමාරම්භ කරන්නට යෙදුණු වැඩසටහන් මාලාවකි.
එදින සංඛ්‍යා ලේඛන නිලධාරී කුෂාන්ත ගුණසේකර මහතා සිය විෂය පථයන්ට අදාළ වු , ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව දීර්ඝ දේශනයක් ඉදිරිපත් කරන ලදි ...
විදිමත් සංගනනයක තොරතුරු රටක ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට කොතරම් ඉවහල් වන්නෙද, එම සංගනන ක්‍රියාත්මක කරන ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් අපගෙන් ඊට ඉටවිය යුතු දායකත්වය පිළිබඳව ද මනා අවබෝධයක් එම දේශනය හරහා සභාව වෙත ලබා දුණි...
ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන නිලධාරී දේශනය වෙනුවෙන් 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ටි.චන්ද්‍රමාලි මහත්මිය විසින් සිය වසමේ සාමාජික ,ආර්ථික පසුබිම මෙන්ම පාතකඩ වසමේ මූලාරම්භයත් , ස්වයං රැකියවන්හි නිරත ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳවත් දීර්ඝ විවරණයක් කරනු ලැබුවාය.
ගීත ගායනයෙන් හිටපු පරිපාලන ග්‍රාම නිලධාරී එන්.ගුණසේන මහතා හා ලගාන ආර්ථික සංවර්ධන නිලධාරී ඉෂිනි සන්ද්‍යා මහත්මිය විසින් සිය දායකත්වය ලබාදෙමින් වැඩසටහන තවත් අලංකාර කරනු ලැබුහ.
වැඩසටහන අවසන සමස්ථ වැඩසටහන් සමාලෝචනය ඉරේෂා ලොකු විතාන මහත්මිය හා ක්ෂේත්‍ර නිලධාරී ප්‍රසාදි මහත්මිය විසින් සිදුකරනු ලැබුහ.
එදින සහකාර ප්රාදේශීය ලේකම් තුමියගේ ඇගයුම් හා නිර්දේශයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය.





















