ශ්රී ලංකාව මේ වන විට පසු කරමින් පවතින ආර්ථික වශයෙන් අසීරු කාලසීමාව, සමාජය කෙරෙහි බහුවිධි බලපෑම් එල්ල කරමින් පවතියි. ඉහල යන භාණ්ඩ මිල හා අවම වන මූල්යමය හැකියාව හමුවේ ජනතාව මූලික අවශ්යතා සපුරා ගැනීමට ද මහත් වෙහෙසක් දරමින් සිටිති. බොහෝ දෙනෙකු ස්වයංරැකියා වැනි අතිරේක ආදායම් අවස්ථා සඳහා දැනුම, තාක්ෂණය, අවස්ථාවන් සොයමින් පසුවෙති. කුඩා පරිමාණ ව්යාපාරකරුවන් ද ඉහල යන අමුද්රව්ය, ප්රවාහන, විදුලිය, සේවක වැටුප් ආදී වියදම් හා පහල යන ඉල්ලුම හා වෙළඳාම හමුවේ දැඩි අසීරුතාවන්ට මුහුණ දෙති.
බිම් මට්ටමේ ජනතාවට සමීපතම රාජ්ය ආයතනයක් ලෙස ඉහත සියලු පාර්ශ්ව වෙත සහනයක් සලසනු පිණිස, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද "සැමට සහන" අලෙවි ප්රදර්ශන 2023.12.15 සහ 16 යන දෙදින පුරා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී අතිසාර්ථකව පවත්වන්නට යෙදුනි. කොට්ඨාසයේ කුඩා පරිමාණ ව්යාපාරකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව විවර කරමින් ද ප්රදේශයේ ජනතාවට සහන මිලට භාණ්ඩ මිල දී ගැනීමට ද අවස්ථාව විවර කරමින් ද පිසූ ආහාර, වියලි ආහාර, රෙදිපිලි, වේවැල් භාණ්ඩ, මැටි භාණ්ඩ, ප්ලාස්ටික් භාණ්ඩ, ලිපි ද්රව්ය, මල් පැළ, විදුලි උපකරණ, සබන්, සුවඳ විලවුන්, මල් සැරසිලි, බිත්ති සැරසිලි, පාවහන් ආදී වෙළඳ කුටි අලෙවි ප්රදර්ශනය සඳහා එක් කර තිබුණි.
ප්රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මියගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ උපදෙස් පරිදි කුඩා ව්යාපාර අංශය හා ආර්ථික සංවර්ධන නිලධාරී එකමුතුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනෙහි දී භාණ්ඩ අලෙවියට සමගාමීව තවත් වැඩසටහන් රාශියක් දියත් කළහ. ඒ අනුව පළමු දිනයේ දී එනම් 2023.12.15 වන දින නව ආදායම් අවස්ථා සොයන ප්රජාව වෙනුවෙන් සබන්, පාපිසි, බිම්මල්, හඳුන්කූරූ, පපඩම්, ග්ලිටර් බෝර්ඩ් නිර්මාණ ආදීය නිෂ්පාදනය සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩමුළු දවස පුරා පැවැත් විය. දෙවන දිනය එනම් 2023.12.16 දිනය වෙන් කර තිබුණේ දරුවන්ගේ රසවින්දනය සඳහායි. ඒ අනුව දරුවන් වෙනුවෙන් රචනා, පද්ය ගායනා, ගීත ගායනා, බැලුම් පිපිරවීම, ටොෆි ඇහිදීම, කණාමුට්ටි බිඳීම, අලියට ඇහැ තැබීම, සංගීත පුටු, තොප්පි දැමීම ආදී තරඟ රැසක් පැවැත් වූ අතර ජයග්රහණ හා සහභාගීත්වය සඳහා සහතික පත් ද ප්රදානය කෙරුණි.
මේ වෙනුවෙන් උපදේශනයෙන්, සහයෝගීත්වයෙන් හා සහභාගිත්වයෙන් සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට ගෞරවණීය ස්තුතිය පුද කරමු!
 414556601 676472951316976 7
 
 414698332 676473247983613 1
 
................................................................

කුඩා පරිමාණ ව්යාපාරික ප්රජාවටත් මහජනතාවටත් සහන සැලසූ "සැමට සහන" භාණ්ඩ අලෙවි ප්රදර්ශනය - 2023.12.15 සහ 16

හරිත පැහැ සොබාදම හැමවිටම නෙතට ප්රිය දසුනකි. මනසට සහනයකි. මිනිසා කෙතෙක් සොබාදම අභියෝගට ලක් කරන්නට වෙර දැරූවද, එය ව්යර්ථ වී යන්නේ එහි භයානක බලපෑම් නැවත පෙරලා එනුයේ මිනිසා වෙතටම බැවිනි. එබැවින් හරිත පැහැ සොබාදම වියැකී යන්නට නොදී, එය රැකගැන්ම, අප සොබාදම වෙත පමණක් නොව අප අප කෙරෙහිම ඉටු කරනා යුතුකමක්ම ය.
මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන "හුස්ම රකින තුරු මිතුරු" රුක් රෝපණ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023.12.12 දින පාතකඩ බණ්ඩාර දේවාරාරාම විහාරස්ථාන පරිශ්රයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනි. ප්රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මියගේ හා සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ උපදෙස් මත පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් සංවිධාන කළ මෙම වැඩසටහනෙහි දී විහාරස්ථානයේ භූමි පරිශ්රය තුළ මී, නෙල්ලි, අඹ, රඹුටන්, පේර වැනි පැල වර්ග රාශියක් රෝපණය කරන ලදී.
සහකාර ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සංවිධානයෙන් සහ සහභාගිත්වයෙන් සහය ලබා දුන් විහාරස්ථ ස්වාමීන් වහන්සේලා, පරිපාලන ග්රාම නිලධාරී, මිල්ලනිය ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන්, පාතකඩ ග්රාම නිලධාරී, පාතකඩ ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු අනෙක් සියලු නිලධාරීන් සහ ග්රාමීය ප්රජාවට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

412622199 673111328319805 7

412623938 673111681653103 5

ප්රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ග්රාම නිලධාරීන්ගේ, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්ගේ කථික, නිවේදක, ඉදිරිපත් වීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන "අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ සිව්වන දිගහැරුම 2023.11.01 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී සාර්ථක පවත්වන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරී ඉෂානී මධුසංකා මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනෙහි දී පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් "තිරසර හුස්ම" යන ප්රස්තුථය යටතේ ජීවය සඳහා වාතයේ ඇති වැදගත්කම පිළිබඳවත්, වෙනිවැල්පිටිය ආර්ථික සංවර්ධන නිලධාරී වජිරා දමයන්ති මහත්මිය විසින් වෙනිවැල්පිටිය ග්රාම නිලධාරී වසම පිළිබඳවත් දේශනයන් ඉදිරිපත් කරනු ලැබීය.ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මියගේ ගීත ගායනයෙන් වැඩසටහන රසවත් විය.
 
399267103 648229074141364 9
 
399296518 648229160808022 7
කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල සඳහා වැඩි සැපයුම් හා සේවා ලබාගැනීම පිණිස 2024 වර්ෂය වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති පිළිගත් නිෂ්පාදකයින්ගෙන් /දේශීය ඒජන්තවරුන්ගෙන් /සැපයුම්කරුවන්ගෙන් /සේවා සැපයුම්කරුවන්ගෙන් සහ කොන්ත්රාත්කරුවන් අයදුම්පත් කැඳවනු ලැබේ.
පහත සඳහන් ආකෘතිය පරිදි සකස් කරන ලද අයදුම්පත් නිසි පරිදි සම්පුර්ණ කර 2023.12.15 දිනට පෙර දිස්ත්රික් ලේකම්, දිස්ත්රික් ලේකම් කාර්යාලය, කළුතර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “2024 වර්ෂය සඳහා භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් කොන්ත්රාත්කරුවන් ලියාපදිංචි කිරීම " යනුවෙන් සඳහන් කළ යුතුය.
 
404717537 661780666119538 7
 
405730172 661808512783420 5
 
ප්රාදේශීය ලේකම් කාර්යාල මඟින් සැපයෙන ප්රමුඛ සේවාවක් වන රජයේ ඉඩම් සම්බන්ධ සේවාවන්, ජනතාවගේ පහසුව පිණිස, ඔවුන් සමීපයට ගොස් සැපයීම සඳහා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන "ගමින් ගමට ඔබේ ළඟට ඉඩම් ජංගම සේවය" වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 647/A දොඹගොඩ ග්රාම නිලධාරී වසමේ ජනතාව වෙනුවෙන් 2023.10.31 වන දින බටගොඩ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනි.
මිල්ලනිය ප්රාදේශීය ලේකම් (වැ.බ.) සමන්තිකා පී. ලියනගේ මහත්මියගේ උපදෙස් මත, සහකාර ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම ජංගම සේවා වැඩසටහන සඳහා ඉඩම් අංශයේ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර රජයේ ඉඩම් සඳහා බලපත්ර, දීමනාපත්ර සැකසීම, මුල් අයිතිය ලබා ගැනීම, පසු අයිතිය නම් කිරීම, මායිම් ගැටළු නිරාකරණය, අනවසරකරුවන් හඳුනා ගැනීම, ආරවුල් විසඳීම ආදී සේවා සැපයීමේ කටයුතු මෙහිදී සිදු කරන ලදී.
මෙම කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සඳහා 647/A දොඹගොඩ ග්රාම නිලධාරී වසමේ ග්රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් දැක්වූ සහයෝගයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
 
398441661 647563534207918 4
 
398758457 647563614207910 8

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top