දරුවන් මනා ලෙස සමාජානුයෝජනය විම සඳහා ඔවුන් සතු දක්ෂතා, කුසලතා, සාරධර්ම, නායකත්වය සහ සාමුහිකත්වය ආදී ගුණාංග වර්ධනය වීම ඉතා වැදගත් වන අතර ඒ වෙනුවෙන් ළමා සමාජ සහභාගිත්ව තුළින් ලැබෙන පන්නරය අතිමහත් ය.
මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ පිහිටු වීම සහ සක්රීය කිරීමේ වැඩසටහන් මේ වන විට සාර්ථකව දියත් කරමින් පවතින අතර ඊට සමගාමීව දැල්කඩ විහාරස්ථානයේ ස්ථාපිත දැල්කඩ ශ්රි විජය දහම් පාසලේ ළමා සමාජය පිහිටු වීමේ වැඩසටහන 2023.07.02 දින විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පවත්වන ලදී
මේ අවස්ථාව වෙනුවෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ දෙමාපියන්ගේ ද සහභාගිත්වයෙනි. මෙහි දී ළමා සමාජයක ඇති වැදගත්කම මෙන්ම ළමා ආරක්ෂාව හා රැකවරණය පිළිබඳ ව සියලු දෙනා දැනුම්වත් කිරීම ද සිදු විය.
 
357515010 582674877363451 6
358019576 582674644030141 5
358123443 582674584030147 6

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ශ්‍රවණාබාධ සහිත වැඩිහිටියන් නව දෙනෙකු සඳහා ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනක් 2023.06.30 වන දින මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මුල්‍ය අනුග්‍රහය යටතේ, මෙම වැඩසටහන සඳහා ශ්‍රවණ උපකරණ ලබා දිම සිදු කරනු ලැබුවේ Ear Master ආයතනයයි. මේ අවස්තාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය, Ear Master ආයතනයේ කළමනාකාරීතුමන් ඇතුලු කාර්යය මණ්ඩලය ද සහභාගී විය.

347399069 581190967511842 2007429072694187604 n

347395369 581486034149002 8

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ආපදා කමිටු රැස්වීම 2023.4.21  දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේ දී ප්‍රදේශීය ලේකම් බී.ඒ.එන්. දිල්රුක්ෂි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ආපදා කලමනකරණ ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ඇතුළු සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රාදේශීය සභා ආදී රාජ්‍ය ආයතන නිලධාරීන් සමඟ ඉදිරියේ ඇති වි හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් පිලිබඳව සාකච්ඡා කරන ලදී.

                 IMG 20230426 WA0018 WEB

IMG 20230426 WA0016 WEB


75 වන නිදහස් සමරුවට සමගාමීව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන ලේකම්  කාර්යාලයේ කෘෂිකර්ම අංශය  හා එක්ව ලබුගම, දෙල්දොරවත්ත  සහ මුල්කඩකන්ද යන ග්‍රාම නිලධාරී වසම් වලදී   ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 මෙම අවසථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය , පරිපාලන ග්‍රාම නිලධාරීතුමා සහ මුල්කඩකන්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේද, ලබුගම හේමමාලී  භික්ෂුනි ආරාමයේ මෙහෙනින් වහන්සේලාද, අදාල වසම් වල ග්‍රාම නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන   නිලදාරීන් ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, අනෙකුත් රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී විය.

මෙම වැඩසටහන අදාල වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරී,ග්‍රාම නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හා එක්ව  සංවිධානය කොට තිබුනි.

මෙහිදී අනුශාසනාව  මුල්කඩකන්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර මෙම අවස්තා වලදී ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් රුක් රෝපනයේ ඇති වැදගත්කම හා අව‍ශ්‍යතාවය පිළිබඳ අදහස් දැක්වීමද, මෙම කටයුතු මනාව සංවිධානය කරන ලද නිලධාරීන්ට සහ ප්‍රදේශවාසින්ට තුති පුදකිරීමද සිදුකරන ලදී.

WhatsApp Image 2023 02 09 at 5.10.10 AM

WhatsApp Image 2023 02 09 at 5.10.13 AM

WhatsApp Image 2023 02 09 at 5.10.12 AM

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top