මිල්ලනිය කොට්ඨාසයේ  ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා අලෙවි පොල  ඔක්තෝම්බර්  මස 31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදි සාර්ථකව පවත්වන ලදී.

ඒ සඳහා සහාය දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය හා සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන්ටත්, අනෙකුත් සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් ස්තූතිය පුද කර සිටිමි.WhatsApp Image 2022 11 03 aWhatsApp Image 2022 11 03 at 1.21.51 PM

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “දෙටු පුරවැසි” රඟ සොබා 2022 වැඩිහිටි විවිධ ප්‍රසංගය 2022.10.28 දින පැවැත්විණි.එහිදී ප්‍රාෙද්ශීය ලේකම්තුමිය පිලිගැනීම හා අරමුණු පැහැදිලි කරමින් ප්‍රාෙද්ශීය ලේකම්තුමිය වැඩිහිටිවියේ අගය හා සිය අතීත වර්තමාන අනාගත කාලය වෙනුවෙන් කැපකල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාදරයට පාත්‍රවිය යුතු පිරිසක් බව ද අවධාරණය කලේය. ජීවිතය විදිමින් වැඩිහිටි විය ගතකල යුතු බවද එතුමිය වැඩි දුරටත් සඳහන් කලාය.

දිස්ත්‍රික් වැඩිහිටි හිමිකමි ප්‍රවර්ධන නිලධාරී තුෂාර මහතා අදහස් දක්වමින් දිවයින පුරා ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවමින් වැඩිහිටිවිය හුදකලාවීමකින් තොරව ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකසා දීම එම කමිටු පිහිටුවීමේ අරමුණු බව පැහැදිලි කලේය.IMG 20221102 WA0044webIMG 20221102 WA0047 web

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 639 පාතකඩ ග්‍රාම නිලධාරි වසමේ ස්ථාපිත රන්සවි සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය මූලික කර ගනිමින් ඉදි කරන ලද පසු අස්වනු සැකසුම් මධ්‍යස්ථානය 2022.10.18 අගහරුවාදා දින පෙ.ව. 09.07 යෙදුණු සුබ මොහාතින් ජනතා අයිතියට පත් කරන ලදී.
කෘෂි කර්මාන්තය මූලික කර ගනිමින් නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් ඇති කල යුතු බවත්, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු බලපෑමක් ඇති කල හැකි බවත්, මෙමගින් සිදු වන වඩා වැදගත්ම කාර්යයය වන්නේ ග්‍රාමීයව ආර්ථික සවිබල ගැන්වීම බවත්, සුබ පැතුම් එක් කරමින් සමාජ සවිබල ගැන්වීමේ ගරු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවෙල් මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.
මෙම වැඩසටහනෙහි මේ දක්වා සාර්ථකත්වය අගය කරමින් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සංජීව කුලතිලක මැතිතුමා, සෞභග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න මැතිතුමා සහ කලුතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ඩබ්.ඒ.කේ.එස්. දමයන්ති මැතිනිය සුබ පැතුම් එක් කරන ලදී.
කල්තබා ගත හැකි පරිදි සකස් කරන ලද ගොටුකොළ සම්බෝල සහ ගොටුකොළ මැල්ලුම ආදී නිෂ්පාදන එලි දැක්වීමද මෙහිදී සිදු කරන ලද අතර විදේශ වෙළඳපොල ඉලක්ක කර ගනිමින් විජලිත ගොටුකොළ නිෂ්පාදන පිළිබද සැලැස්මද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මේ අවස්ථාව සදහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කළුතර දිස්ත්‍රික් මූලස්ථාන කෘෂිකර්ම උපදේශකතුමා, පාතකඩ විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ග්‍රාමීය සංවර්ධන බැංකු කළමණාකාරතුමා ඇතුලු මෙම වැඩසටහන සඳහා සම්බන්ධව කැපවීමෙන් කටයුතු කරන ලද නිලධාරීන් සහ සමිති සාමාජිකත්වය සම්බන්ධ වූහ.
රන්සවි සෞභාග්‍යා නිෂ්පාදනයන්ට තම අනන්‍යයතාවයකින් ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට හැකි වේවායි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ පැතුම් එක් කරමු.
312142212 425752696389004 5311888792 425752713055669 3

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවීමෙන් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩ සටහනේ (බස්නාහිර පළාත) අනුග්‍රහයෙන් එන්.සී.සී කොන්ත්‍රාත් සමාගම ස්මැක් මාස්ටර් හේලීස් උපදේශන සමාගම හා ඉන්ඩිකොස් සේවා සැපයීමේ ආයතනය ඒකාබද්ධව වැඩ සටහන 2022.10.14 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ IRoad ව්‍යාපෘතිය හරහා ප්‍රථිලාභ ලබන කෙලෙස්ගමුව,පෙතිගමුව දකුණ,මිල්ලනිය,දෙල්දොරවත්ත,වෙනිවැල්පිටිය යන වසම්වල ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ වසමකින් කාන්තා ප්‍රතිලාභීන් 03 ක් වැඩ සටහන සඳහා සහභාගී විය.

රුධිර පරීක්ෂාවක් සිදුකර සෞඛ්‍යමය වැඩ සටහන පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා සාර්ථකව ක්‍රියාත්මක විය.

IMG 20221014 WA0009 webIMG 20221014 WA0013 web

 

News & Events

09
ඔක්2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය...

Scroll To Top