අපගේ දැක්ම
වගකීමෙන් විශිෂ්ඨත්වයට
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති හා යහපාලන මූලධර්.ම මත පදනම්ව,කාර්.යක්ෂම,විනිවිදභාවයෙන් යුත් හා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් සැපයීම තුළින් තිරසාර සංවර්.ධනය ප්‍රවර්.ධනය කර ජනජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
පිහිටීම
කළුතර දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ මධ්‍යගතව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. මෙය උතුරින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද, ඊසාන හා නැගෙනහිරින් හොරණ හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගෙන්ද, ගිණිකොන , දකුණ හා නිරිත දිගින් කළුගං මිටියාවතින්ද, බටහිරින් හා වයඹින් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද මායිම් වේ.
මෙම කොට්ඨාසය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ අතර 1998 මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නමින් වෙන්කර පිහිටුවන ලද අතර මෙම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය හෙක්ටයාර් 7945 ක බිම් ප්‍රමාණයකින් යුතුව වසම් 44 කින් ආවරණය වී ඇත.
මෙම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශය බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සීමාවට අයත් ව තිබූ අතර නව ප්‍රාදේශීය සභාවක් ලෙස ස්ථාපිත වූ මිල්ලනිය ප්‍රාදේශීය සභාවට අයත්වේ.මෙහි උප කාර්යාල දෙකක් මිල්ලනිය හා ගල්පාත යන ප්‍රදේශ වල පිහිටුවා ඇත.
හොරණ, කළුතර, බණ්ඩාරගම යන ප්‍රධාන නගර වලට මධ්‍යයේ පිහිටා ඇති අතර මෙම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට එම නගර කරා පිවිසීමට ප්‍රවාහන පහසුකම් ඇත. මිල්ලනිය හා ගල්පාත නගර වැඩි වශයෙන් ජනාවාස වී ඇති අතර සෙසු ප්‍රදේශ ග්‍රාමීය ලෙස හැඳින්විය හැකිය.
හැඳින්වීම
ඉතා ඈත අතීතයේදී විශාල මිල්ල ගස්වලින් පිරුණු වන ලැහැබකින් සමන්විත වූ බැවින් මේ ප්‍රදේශය මිල්ල ඇණිය ලෙස හදුන්වා ඇත. පසුව මෙම ප්‍රදේශය මිල්ල දෙනිය ලෙසද ව්‍යවහාරයේ පහසුවට මෙය මිල්ලෙනිය නමින්ද භාවිතා වී වර්තමානයේ දී මිල්ලනිය වී ඇත. මෙම ප්‍රදේශයේ ගල්පාත හන්දිය අතීතයේදී ප්‍රධාන බඩු හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වී තිබී ඇත. එකල මෙම ස්ථානය නිරන්තරයෙන් සෙනග ගැවසුන ප්‍රධාන වෙලඳ මධ්‍යස්ථානයක් ලෙසත් සුවිශේෂ වූත් අලංකාර වූත් ගෘහනිර්මාණ ලක්ෂණ සහිත ගොඩනැගිලිවලින් යුක්තවත් පැවති බවට සාක්ෂි පවතී. දැනට ගරාවැටෙන මට්ටමක තිබුණද එකල මේ ප්‍රදේශය ඉතා දියුණු මට්ටමක පැවති බවට ජනප්රවාදයේ පවතී. නමුත් වර්තමානයේදී මේ ප්‍රදේශය තවමත් නොදියුණු නගරයකි.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අතීතයේදී රයිගම් කෝරලයට අයත් ග්‍රාමීය භූමි භාගයක් වේ. මෙම රයිගම් කෝරළය කෝට්ටේ යුගයේ ප්‍රාදේශීය පාලකයෙක් වන රයිගම් බණ්ඩාර රජු විසින් පාලනය කරන ලදී.
මෙම යුගයේදී වැව් කීපයක් තිබූ බව සදහන් වන අතර ඒ අතර රෙමුණ වැව, පෙතිගමුව වැව, වෙනිවැල්පිටිය වැව, හා උඩදෙණිය වැව ආදී වැව් ප්රමුඛ වේ. යටත් විජිත යුගය ආරම්භ වීමත් සමගම මෙම වැව් විනාශ වී ඇත. පෘතුගීසි යුගයේදී එදිරිල්ලේ රාළ විසින් පෘතුගීසින්ට අල්ලාදුන් ස්ථානය උඩුවර වේ. මෙම යුගයේදී කළු ගගේ සිට පානදුර දක්වා බඩු ප්‍රවාහනයට කැපූ ඇළ යොදාගන්නා ලදී. ඉංග්‍රීසි පාලනයත් සමගම මෙම ප්‍රෙද්ශය තුල තේ හා රබර් වගාව ආරම්භ කර ඇති අතර නිව්චැටල් වතුයාය හා මිල්ලනිය වතුයාය දැනටමත් පවතින රබර් වගාවෙන් යුතු වතු යායන් වේ. මෙම කාලයේදී බඩු ප්‍රවාහනය සදහා මිල්ලනිය ආශ්‍රිතව තොටුපලවල් සාදා ගෙන ඇත. එය මිල්ටරි තොටුපල ලෙස අදද හදුන්වනු ලබයි. පරගස්තොට ප්‍රදේශයේදී පාලම් පාරුවකින් යුධ ටැංකියක් ප්‍රවාහනය කිරීමට යාමෙන් ගිලී ඇත. මෙම ප්‍රදේශයේ එම කාලයේදී ආරම්භ කල ගැලවීමේ හමුදා කදවුරු අදටත් දක්නට ලැබේ. බටගොඩ, කූරගොඩ, පැල්පොල ප්‍රදේශ වල මිනිරන් කර්මාන්තය තිබූ බව සදහන් වේ.
නිදහසින් පසු යුගයේදී වතුවල පාලනය සමාගම් වලට භාරදෙන ලදී. තේ වගාව ඉවත් කර රබර් වගාව ආරම්භ කරන ලද අතර වතු වටා ඇති ආරක්ෂිත කැලෑ විනාශ කොට ජනතාව පදිංචි කර ඇත. නමුත් අද වන විට පවතින නිරන්තර වර්ෂාපතනය නිසා හා තේ සදහා ඇති විශාල ඉල්ලුම හා ඉහල මිල මත තේ වගාව රබර් වගාව අබිබවා නැවත සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර අතුරු වගාවක් ලෙසත් ගෙවත්තේ වගාවක් ලෙසත් ප්‍රදේශයේ ජනතාව තේ වගාව සිදුකරගෙන යමින් පවතී. විවිධ කර්මාන්ත මෙම ප්‍රදේශට පැමිණි නිසා ස්වාභාවික පැවති ග්‍රාමීය බව නැතිවී ගොස් ඇති අතර මේ වන විට විශාල ලෙස කර්මාන්ත ශාලා ව්‍යාප්ත වෙමින් ඉතා දියුණු මට්ටමකට පත්වෙමින් පවතින අතර මහා මාර්ග ක්ශේත්රෙයේද අද වන විට විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත. කර්මාන්තශාලා සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමට එක් ප්‍රධාන සාධකයක් ලෙස මෙය දැක්විය හැකිය.
මෙම ප්‍රදේශයේ වැව් ආදිය නොමැති වීම නිසා කුඹුරු වගාවට වැසි ජලයම අවශ්‍ය වේ.
ආර්ථික පසුබිම
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථික පසුබිම ගැන සාකච්ඡා කිරීමේදී වී ගොවිතැන ප්‍රධාන වන අතර මීට අමතරව පොල් තේ රබර් ගෙවතු වගා හා සත්ව පාලනය ප්‍රධාන වේ.
මෙම ප්‍රදේශය තුල පවතින මඩ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් තුල වී වගාව සිදු කරන අතර වී වගාව සදහා කොට්ඨාශයේ ඇති මඩ ඉඩම් ප්‍රමාණයෙන් 60% ක ප්‍රතිශතයක් යොදා ගනු ලැබේ.
වැඩිම වී වගා බිම් ප්‍රමාණයක් පවතින වසම් ලෙස දික්හේන, බොරලැස්ස, වැලිකල පෙන්වා දිය හැක. කොට්ඨාශය තුල අඩුම වී වගා බිම් ප්‍රමාණය පවතින්නේ උඩුවර නැගෙනහිර, උඩුවර බටහිර යටවර උතුර, ගල්පාත බටහිර වේ. මෙම ප්‍රෙද්ශ වල වී වගා කිරීමට මිනිසුන් උනන්දු නොවීමට ප්‍රධාන හේතුව ලෙස ගංවතුර තර්ජනය පෙන්වා දිය හැක. එසේම මෙම වසම් වල බහුලව රබර් වගාව දැකියහැකි අතර උඩුවර නැගෙනහිර නිව්චැටල් වතුයාය මේ සදහා පෙන්වා දීමට පුළුවන. නමුත් තේ වගාවේත් විශාල වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙන අතර කුඩා වතු වල හා පොල් වගාවේ අතුරු වගාවක් ලෙසත් තේ වගාව සිදුකරගෙන යයි.
වී වගාවට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය ලෙස රබර් වගාව හා තේ වගාව පෙන්වා දිය හැක. පොල් වගාව මහා පරිමානව සිදු නොවන අතර පරිභෝජනය සදහා ප්‍රමාණවත් පොල් ප්‍රමාණයක් ප්‍රදේශය තුල නිෂ්පාදනය වේ.
කෘෂිකර්මාන්තය හැරුණුවිට වර්තමානය වන විට සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ කර්මාන්තශාලා මෙම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල ව්‍යාප්ත වෙමින් පවතින අතර ඊට සමගාමීව රුකියා අවස්ථාද විශාල ලෙස වර්ධනය වෙමින් පවතී.
කාලගුණය
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පහතරට තෙත් කලාපයට අයත් දේශගුණික ලක්ෂණ වලින් යුක්ත වන අතර මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 2153 ක් වන අතර, වාර්ෂික උෂ්ණත්වය 27C පමණ වේ. මෙම කොට්ඨාසයට මාර්තු අප්‍රේල් කාල පරිච්ඡේදය අන්තර් මෝසම් සුළගින හා නොවැම්බර්, ජනවාරි කාල පරිච්ඡේදය ඊසාන දිග මෝසම් සුළගින් ද වර්ෂය පුරා වර්ෂාව ලැබේ. කළු ගග මෙම කොට්ඨාසයට ගංවතුරින් තර්ජනය ඇති කරයි.
භූ විෂමතාවය
මිල්ලනිය ප්‍රදේශී ලේකම් කොට්ඨාශයේ භූමි ප්‍රමාණයෙන් විශාල වපසරියක් වන 94% ක් තැනිතලා බිම් වලින් යුක්ත වන අතර 6% ක් අඩි 200 ට අඩු හුදෙකලා කදු ලෙස පිහිටා ඇත. කදු අතර කොට්ඨාසයේ උපරිම උසකින් යුත් කන්ද පිහිටා ඇත්තේ දෙල්ගොඩ ග්‍රාම නිලධාරී වසම තුලය.
ආයතනයේ විකාශනය
1998 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| කේ.චන්ද්‍රෙස්න මහතා | 1998.09.17 | 2002.08.12 |
| චන්ද්රෙප්ර්ම ගමගේ මහතා (වැ.බ) | 2002.08.20 | 2002.10.01 |
| වි.කේ.ඒ.අනුර මහතා | 2002.10.02 | 2005.12.08 |
| සුනිල් වීරසිංහ මහතා | 2005.12.16 | 2006.03.02 |
| ධම්මික රාජපක්ෂ මහතා | 2006.03.03 | 2010.08.24 |
| විමල් ගුණතුංග මහතා | 2010.08.25 | 2013.01.16 |
| අයි.බි.ගුණවර්ධන මිය | 2013.01.17 | 2017.03.01 |
| සමන්තිකා පී ලියනගේ මිය | 2017.03.02 | 2021.10.03 |
| බී.රුවනී සමරසිංහ මිය | 2021.10.15 | 2022.03.01 |
| බී.ජී.එන්.දිල්රුක්ෂි මිය. | 2022.03.14 | 2023.08.22 |
| සමන්තිකා පී ලියනගේ මිය (වැ.බ) | 2023.08.23 | 2023.11.28 |
| කේ.ටිී.සාරංගී ධීරරත්න මිය. | 2023.11.29 | 2024.04.01 |
| එරංගී ප්‍රනාන්දු මිිය | 2024.04.02 | 2025.06.19 |
| පී.එල්.ජී ගීතිකා මිය. | 2025.07.04 |














