මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන "හිතමිතුරී " වැඩසටහනේ තවත් එක් පියවරක් වශයෙන්  සංවිධානය කරන ලද පිළිකා රෝගීන් සඳහා හිසකෙස් දන්දීමේ වැඩසටහන අති සාර්ථකව  මිල්ලනිය දේවරක්ශිත විද්‍යාලයේදී 2026.06.14 වන දින පවත්වන ලදී. පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ( ව්ග් ) සකස් කර ලබා දෙනු ලබන ආයතනයක් වන " නැණ පහන" පදනම හා එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී.

මේ සඳහා දිවයිනේ ඉතා දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණි පරිත්‍යාශීලින් 391 දෙනෙකු හිස කෙස් පරිත්‍යාග කරන ලදී. එම පිරිස අතර කුඩා දියණිවරුන්, තරුණයින් සහ අත දරු මව්වරුන් විශාල පිරිසක් වීම විශේෂත්වයකි. එමෙන්ම ඉතාමත් දිගු කොණ්ඩා පරිත්‍යාග කිරීමට පැමිණ සිටීමද  දක්නට හැකිවිය.

වැඩසටහන ආරම්භයේ දී හිස කෙස් අවශ්‍ය සුවය ලබමින් සිටින රෝගින් 10 දෙනෙකු සඳහා එම ආයතනය විසින් අලංකාර විග් පැලඳවීමද සිදු කරන ලදී. එමෙන්ම එම ප්‍රතිලාභීන් උදෙසා පෝෂ්‍යදායී ආහාරද්‍රව්‍ය  පාර්සලයක් පිරිනැමීමටද කටයුතු සංවිධානය කොට තිබුනි.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ "හිත මිතුරී" සමස්ථ ශ්‍රී ලංකාවේ වෙසන පිළිකා රෝගීන් වෙනුවෙන් සිය සහයෝගයේ දෑත් දිගු කළ තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයීය කාන්තා බලමණ්ඩල ඉතිහාසයේ සටහන් වනු ඇත.

WhatsApp Image 2026 06 15 at 3.26.53 AM

WhatsApp Image 2026 06 15 at 3.19.50 AM

WhatsApp Image 2026 06 15 at 3.19.49 AM

WhatsApp Image 2026 06 15 at 3.19.46 AM1

WhatsApp Image 2026 06 15 at 3.19.43 AM

WhatsApp Image 2026 06 15 at 3.19.46 AM

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top