සංවේදී යහපත් ආකල්පයන්ගෙන් හා පෞරුෂත්වයෙන් පිරිපුන් අනාගත දරු පරපුරක් වෙනුවෙන් ගර්භණී මවුවරුන් උදෙසා උපදේශනාත්මක රසවින්දන වැඩසටහනක් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නව ශ්රවණාගාරයේදී 2022.11.04 දින පවත්වන ලදී.
මිල්ලනිය හල්තොට සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලයට අයත් හල්තොට කලාපයේ ගර්භණී මවුවරුන් 160ක් පමණ සහභාගි වූ අතර උපදේශන නිලධාරී අනුරාධා ලියනාරච්චි මහත්මිය හා ආපදා සහන සේවා නිලධාරි වාසනා අතුකෝරල මහත්මිය විසින් එක්ව සංවිධානය කරන ලදී.
මෙහිදී රූපවාහිනී ගුවන් විදුලි සංස්ථා සංගීත අධ්යක්ෂ ජගත් වටවල මහතා හා සංගීත ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
මේ සඳහා අනුග්රහය දැක්වූ කළුතර අධිකරණ කලාපයේ නීතිඥ ජීවනී වීරසේන මහත්මියට, මවුවරුන් සහභාගි කරවා ගැනීමට සහයෝගය දැක්වූ හල්තොට වෛද්ය නිලධාරීතුමිය ඇතුළු පවුල් සෞඛ්ය සේවා නිලධාරීතුමියන්ට CBL ආයතනයට, මවුවරුන් සඳහා උදෑසන ආහාරය ලබාදුන් හොරණ ව්යාපාරික ජීවන්ත ප්රියදර්ශන මහතාට, දිවා ආහාරය පිළියෙල කරදුන් අප කාර්යාලායේ ආයතන අංශය ප්රධාන සියළුම කාර්යාල මණ්ඩලයට, පානීය ජලය සපයා දුන් ඇල්කා වොට(ර්) පෞද්ගලික සමාගම ඇතුළු මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියළුම දෙනා හට ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමු.
 

20221104 092429new WEB

IMG 20221109 WA0001WEB NEW

මුල් ළමාවිය සංවර්ධනය පිලිබද ජාතික ලේකම් කාර්යාලය මගින් පර්යේෂණාත්මකව සකස් කරන ලද "මුල් ළමාවිය සංවර්ධන ප්රමිති වෙත දරුවා ළගා වන බව තහවුරු කර ගැනීම සදහා මුල් ළමාවියේ පසුවන දරුවන් තක්සේරුකරණය කිරීම සදහා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2022.11.03 හා 04 යන දෙදින තුළ මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

new webIMG 20221110 WA0000 newweb

මිල්ලනිය කොට්ඨාසයේ  ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා අලෙවි පොල  ඔක්තෝම්බර්  මස 31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදි සාර්ථකව පවත්වන ලදී.

ඒ සඳහා සහාය දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය හා සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන්ටත්, අනෙකුත් සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් ස්තූතිය පුද කර සිටිමි.WhatsApp Image 2022 11 03 aWhatsApp Image 2022 11 03 at 1.21.51 PM

පාසල් දරුවන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීමේ අරමුණින් විධානය කරන ලද ධාරිතා සංවර්ධන වැඩසටහන 2022.11.06 වන දින දිනය පුරා පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.

පාතකඩ කණිෂ්ඨ විද්‍යාලීය 8-11 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ තාර්කික හැකියාව, නිවැරදි තීරණ ගැනීම, දරා ගැනීම, සැලසුම්කරනය වැනි නායකත්ව ගුණාාංග ඇති කිරීමේ හා සංවර්ධනය කිරීගේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව, පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයය එක්ව සංවිධානය කරන ලදී.

මෙහි දී ජාතික තරුණ ගස්වා සභාවේ කළුතර දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ලලිත් වන්නිආරච්චි මහතා සහ මිල්ලනිය තරුණ සේවා නිලධාරි රුවන්ත මාලිංග ඇතුළු කණ්ඩායම අදාළ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

මේ සදහා දායකත්වය දැක් වූ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමන් ඇතුළු කණ්ඩායමට, විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා දෙමවිපින්ට ස්තූතිවන්ත වෙමු.ළමා ලොව වීරයන්ගේ හෙට දින වෙනුවෙන් දකින සිහින සැබෑ වේවායි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ පැතුම් එක් කරමු.

314370160 439439441686996 7808141666767403222 n313929416 439439361687004 9132954163101394302 n

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “දෙටු පුරවැසි” රඟ සොබා 2022 වැඩිහිටි විවිධ ප්‍රසංගය 2022.10.28 දින පැවැත්විණි.එහිදී ප්‍රාෙද්ශීය ලේකම්තුමිය පිලිගැනීම හා අරමුණු පැහැදිලි කරමින් ප්‍රාෙද්ශීය ලේකම්තුමිය වැඩිහිටිවියේ අගය හා සිය අතීත වර්තමාන අනාගත කාලය වෙනුවෙන් කැපකල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාදරයට පාත්‍රවිය යුතු පිරිසක් බව ද අවධාරණය කලේය. ජීවිතය විදිමින් වැඩිහිටි විය ගතකල යුතු බවද එතුමිය වැඩි දුරටත් සඳහන් කලාය.

දිස්ත්‍රික් වැඩිහිටි හිමිකමි ප්‍රවර්ධන නිලධාරී තුෂාර මහතා අදහස් දක්වමින් දිවයින පුරා ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවමින් වැඩිහිටිවිය හුදකලාවීමකින් තොරව ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකසා දීම එම කමිටු පිහිටුවීමේ අරමුණු බව පැහැදිලි කලේය.IMG 20221102 WA0044webIMG 20221102 WA0047 web

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top