75 වන නිදහස් සැමරුමට සමගාමීව පරිසර සංරක්ෂණය තේමා කර ගනිමින් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ රුක් රෝපන වැඩසටහනක් උඩුවර දකුණ,යටවර, පුන්සිරිපුර සහ ලබුගම යන ග්‍රාම නිලධාරී වසම් තුලදී 2022.11.18 දින සිදු කෙරිනි.
පරිසරය සංරක්ශණය කිරීම මගින් තිරසාර ආර්ථිකයක් ඇතිකර ගැනීම සහ අනාගත පරපුර වෙනුවෙන් පරිසර පද්ධතිය ආරක්ශා කරගැනීම අරමුණු කර ගනිමින් 75 නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක කල මෙම වැඩසටහන සඳහා රෝපන ද්‍රව්‍ය ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය මගින් සිදුකරන ලදී.
මිල්ලනිය ප්‍රාදෙශීය ලේකම් කාර්යලීය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම රුක් රෝපන වැඩසටහන සඳහා උඩුවර ගොඩේවත්ත කෙත්තාරාමයේ විහාරාධිපති උඩුවර සුමනරතන හිමි සහ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්,අදාල වසම් වල ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම ලබුගම විද්‍යලයේ විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය මෙන්ම පාසල් දරු දැරියන් මේ අවස්ථාවට සහභාගී විය.
පරිසර පද්ධතිය ආරක්ශා කිරීම සදහා ඉතා සුළුවෙන් හෝ දායකත්වයක් සැපයීමට හැකියාවක් ලැබීම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස අප ලද මහත් භාග්‍යක් ලෙස සලකමු.
 
IMG 20221122 WA0003 new web
IMG 20221122 WA0001new WEB

ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම උදෙසා පසුගාමී ආර්ථික  කටයුතු අමාත්‍යංශය මගින් කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත ලබාදුන් මුදල් ප්‍රතිපාදන සහ ප්‍ර‍ථිලාභීනගේ මූල්‍ය දායකත්වය මත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එළු පාලනය දිරිමත් කිරීමේ අරමුණින් පළමු අධියර යටතේ මිල්ලගස්පොල වසමේ ජේ.සංජීව මහතා සහ වැලිකල වසමේ  නයනි දුශාන්ති මහත්මිය වෙත 2022.11.16 දින එළුවන් ලබා දීමේ වැඩසටහන මිල්ලනිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,මිල්ලනිය පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යතුමිය ,සත්ව සංවර්ධන නිලධාරීතුමා සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂි කර්ම නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම කාර්ය සිදු කිරීමේදී මිල්ලනිය පශු වෛද්‍ය කාර්යාලය මගින් ප්‍රථිලාභීන් සහ නිරෝගී සතුන් තොරා ගැනීම සඳහා මනා සහයෝගයක් ලබා දෙන ලදී.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය ඉහල නැංවීම මගින් ඔවුන්ගේ දරිද්‍රතාවය තුරන් කිරීම රජයේ අරමුණ වන අතර එම අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සිදු කරනු ලබන මෙවැනි කර්තව්‍යන් මගින් ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාවය අවම කර ගැනීමට ශක්තියක් වේවායි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැතුමයි.........

 

new webIMG 20221122 WA0008 new web

මුල් ළමාවිය සංවර්ධනය පිලිබද ජාතික ලේකම් කාර්යාලය මගින් පර්යේෂණාත්මකව සකස් කරන ලද "මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිති වෙත දරුවා ළගා වන බව තහවුරු කර ගැනීම සදහා මුල් ළමාවියේ පසුවන දරුවන් තක්සේරුකරණය කිරීම සදහා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2022.11.03 හා 04 යන දෙදින තුළ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පවත්වනු ලැබීය.

new webIMG 20221110 WA0000 newweb

 
සංවේදී යහපත් ආකල්පයන්ගෙන් හා පෞරුෂත්වයෙන් පිරිපුන් අනාගත දරු පරපුරක් වෙනුවෙන් ගර්භණී මවුවරුන් උදෙසා උපදේශනාත්මක රසවින්දන වැඩසටහනක් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී 2022.11.04 දින පවත්වන ලදී.
මිල්ලනිය හල්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයට අයත් හල්තොට කලාපයේ ගර්භණී මවුවරුන් 160ක් පමණ සහභාගි වූ අතර උපදේශන නිලධාරී අනුරාධා ලියනාරච්චි මහත්මිය හා ආපදා සහන සේවා නිලධාරි වාසනා අතුකෝරල මහත්මිය විසින් එක්ව සංවිධානය කරන ලදී.
මෙහිදී රූපවාහිනී ගුවන් විදුලි සංස්ථා සංගීත අධ්‍යක්ෂ ජගත් වටවල මහතා හා සංගීත ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
මේ සඳහා අනුග්‍රහය දැක්වූ කළුතර අධිකරණ කලාපයේ නීතිඥ ජීවනී වීරසේන මහත්මියට, මවුවරුන් සහභාගි කරවා ගැනීමට සහයෝගය දැක්වූ හල්තොට වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ට CBL ආයතනයට, මවුවරුන් සඳහා උදෑසන ආහාරය ලබාදුන් හොරණ ව්‍යාපාරික ජීවන්ත ප්‍රියදර්ශන මහතාට, දිවා ආහාරය පිළියෙල කරදුන් අප කාර්‍යාලායේ ආයතන අංශය ප්‍රධාන සියළුම කාර්‍යාල මණ්ඩලයට, පානීය ජලය සපයා දුන් ඇල්කා වොට(ර්) පෞද්ගලික සමාගම ඇතුළු මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියළුම දෙනා හට ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමු.
 

20221104 092429new WEB

IMG 20221109 WA0001WEB NEW

පාසල් දරුවන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීමේ අරමුණින් විධානය කරන ලද ධාරිතා සංවර්ධන වැඩසටහන 2022.11.06 වන දින දිනය පුරා පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.

පාතකඩ කණිෂ්ඨ විද්‍යාලීය 8-11 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ තාර්කික හැකියාව, නිවැරදි තීරණ ගැනීම, දරා ගැනීම, සැලසුම්කරනය වැනි නායකත්ව ගුණාාංග ඇති කිරීමේ හා සංවර්ධනය කිරීගේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව, පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයය එක්ව සංවිධානය කරන ලදී.

මෙහි දී ජාතික තරුණ ගස්වා සභාවේ කළුතර දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ලලිත් වන්නිආරච්චි මහතා සහ මිල්ලනිය තරුණ සේවා නිලධාරි රුවන්ත මාලිංග ඇතුළු කණ්ඩායම අදාළ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

මේ සදහා දායකත්වය දැක් වූ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමන් ඇතුළු කණ්ඩායමට, විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා දෙමවිපින්ට ස්තූතිවන්ත වෙමු.ළමා ලොව වීරයන්ගේ හෙට දින වෙනුවෙන් දකින සිහින සැබෑ වේවායි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ පැතුම් එක් කරමු.

314370160 439439441686996 7808141666767403222 n313929416 439439361687004 9132954163101394302 n

News & Events

09
ඔක්2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය...

Scroll To Top