පළාත් පාලන සති වැඩසටහනට සමගාමීව උඩුවර නැගෙනහිර, දකුණ, ග්‍රාම සංවර්ධන සමිති සහ උඩුවර දකුණ, නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංවිධාන දායකත්වය ඇතිව මිල්ලනිය ප්‍රාදේශීය සභාව සමග එක්ව සංවිධානය කළ පරිසර පොළ සහ  ආයුර්වේද වෛද්‍ය සහායනය ඊයේ(09/15) දින උඩුවර දකුණ ප්‍රජා  ශාලාව අසලදී පවත්වන ලදී.

WhatsApp Image 2025 09 16 at 7.19.09 AMWhatsApp Image 2025 09 16 at 7.19.09 AM1

තම සුදුසුකම්, හැකියා, කුසලතාවන්ට ඔබින, පහසුකම් හා උචිත වැටුපක් සහිත රැකියාවක නිරත වීම, සැමගේම අපේක්ෂාවයි. සිහිනයයි. විශේෂයෙන්, විචලනය වන දේශිය ආර්ථික ප්රවාහය තුළ, සාර්ථකව අනාගතයට මුහුණ දිම උදෙසා, මෙම රැකියා සිහිනය යතාර්ථයක් කර ගැනීම, සැමගේ කාලීන අවශ්යතාවයකි. මේ සඳහා සිදු කරන රාජ්ය මැදිහත්විමක් ලෙස ප්රාදේශිය රැකියාපොළ වැඩසටහන් හඳුන්වා දිය හැක.
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ, රැකියා අපේක්ෂිත ප්රජාව සඳහා රැකියා අවස්ථා ලබා දීම අරමුණු කර ගනිමින් සංවිධානය කළ, "2025 මිල්ලනිය ප්රාදේශිය රැකියාපොල සහ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළුව", 2025.07.31 වන දින දවස පුරා, මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ, "ඇරඹුමට ඇරයුමක්" යන තේමාව පෙරදැරි කර ගනිමිනි.
මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ ප්රතිපාදන මත, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී ටී.එස්. දමයන්ති මිය, නිපුණතා සංවර්ධන නිලධාරී කාන්ති පතිරගේ මිය, විදේශ රැකියා සංවර්ධන නිලධාරී ඩිලාන් සුලෝචන මයා හා මිහිරි පතිරගේ යන නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ශ්රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය, රජයේ පුහුණු ආයතන, ශ්රී ලංකා ගුවන් හමුදාව හා පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන රැසක් සම්බන්ධ විය.
මෙම වැඩසටහන තුළින් රැකියා සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, රැකියා සඳහා බඳවා ගැනීම, පුහුණු පාඨමාලා හඳුන්වා දීම සහ බඳවා ගැනීම, ව්යාපාරික උපදේශන සහ වෘත්තිය මාර්ගෝපදේශන වැනි ප්රතිලාභී රැසක්, රැකියා අපේක්ෂකයින්ට ලබා ගත හැකි විය.
රැකියා අපේක්ෂක සැමගේ රැකියා සිහිනය සැබෑ වේවායි පතමු!
WhatsApp Image 2025 08 04 at 11.41.42 AM2
 
WhatsApp Image 2025 08 04 at 11.41.42 AM
අලුත් අවුරුදු සිරියාව, බක් මාසය පුරාවටම පවතී. එහි සාමූහික විනෝදය ගෙන දෙන සොඳුරුතම ඉසව්ව බක්මහ උළෙලයි. සතුට, විනෝදය මෙන්ම ශක්තිය, නිර්භීතකම, එකමුතුකම ආදී ගුණාංගයන් ද ස්මතු කරලන බක්මහ උළෙල, දේශිය ක්රීඩා සංස්කෘතිය අනාගතයට රැගෙන යයි.
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණේ මිල්ලනිය ප්රාදේශිය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙනි. පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් ආරම්භ වූ මෙම බක්මහ උළලේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන්, ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා, විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අවුරුදු ක්රීඩාවන් ආරම්භ කරමින් පළමුව පුංචි දරුපැටවුන් සඳහා වන ක්රීඩා ඉසව් පවත්වන්නට යෙදුනි. අංක බෝල ඇහිඳීම, බැලුම් පිපිරවීම, මාළුවාට ඇහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම ආදී ක්රීඩා පුංචි දරුවන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් අතර දරුවන් සඳහා ත්යාග පිරිනැමීමද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව අනෙක් ක්රීඩා ඉසව් ආරම්භ විය. ඒ අනුව කණා මුට්ටි බිඳීම, පිරිමි කොට්ටපොර, කාන්තා කොට්ටපොර, බැලුම් ඩාන්ස්, වතුර බැලුම් ඇල්ලීම, බෝතලයට වතුර පිරවීම, රබන් ගැසීමේ තරඟය, සංගීත පුටු තරඟය, කඹ ඇඳීම, ඉඳිකටුවට නූල දැමීම, සැඟවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු වස්තුව හා මල සෙවීම ආදි තරඟ ඉසව් පැවති අතර, නිලධාරීන් බොහෝ උද්යෝගයෙන් එම ඉසව් සඳහා සහභාගී වී ත්යාග දිනා ගත්හ. කාර්යාලයෙන් ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්, තරඟ විනිශ්ච කටයුතු සඳහා අරාධනා ලැබ දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සඳහා විශේෂ අවුරුදු තරඟයක් ද, සමරු ත්යාග ප්රදානයක් ද සිදු කරන ලදී.
හවස් යාමය තවත් අපුරූ ක්රීඩා ඉසව් කිහිපයක් සඳහා වෙන් කර තිබුණි. ඒ හොඳම හිනාව, හොඳම ඇඬීම, කාර්යාල අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය යන තරඟයි. ආරාධිත විනිශ්ෂ මණ්ඩලය මඟින් තෝරාගනු ලැබූ කාර්යාල අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කිරුළු පැළදි අවස්ථාව බක්මහ උළලේ සොඳුරුතම අවස්ථාවයි. මෙවර කාර්යාල අවුරුදු කුමරා ලෙස තේරී පත් වූයේ ඉඩම් අංශයේ ධනුක රංගන මහතායි. එහිදී ආයතන අංශයේ ගිහාන් දර්ශන මහතා සහ එම අංශයේම චන්දන උදයකාන්ත මහතා පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. කාර්යාලයීය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදියේ ක්ෂේත්ර අංශයේ වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි තරංගනී මහත්මියයි. එම අංශයේ පංවමී මහත්මිය හා ග්රාම නිලධාරී මේනකා පෙරේරා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනූ කුමරියන් බවත් පත්විය. ඔවුන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම්!
බක්මහ උළෙල සඳහා මැක්ටයිල් ආයතනය ඇතුළු කොට්ඨාසයේ ආයතන රැසක් මූල්ය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ටත්, බක්මහ උළෙල සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන් සැමටත්, සහභාගී වූ සැමටත් 
ස්තූතිවන්ත වෙමු!
 
495935224 999658258998442 2997647195171335913 n
497107504 999658335665101 5845679853689990953 n496941133 999658385665096 883296568226260026 n
 
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26
................................................................................
අලුත් අවුරුදු සිරියාව, බක් මාසය පුරාවටම පවතී. එහි සාමූහික විනෝදය ගෙන දෙන සොඳුරුතම ඉසව්ව බක්මහ උළෙලයි. සතුට, විනෝදය මෙන්ම ශක්තිය, නිර්භීතකම, එකමුතුකම ආදී ගුණාංගයන් ද ස්මතු කරලන බක්මහ උළෙල, දේශිය ක්රීඩා සංස්කෘතිය අනාගතයට රැගෙන යයි.
මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණේ මිල්ලනිය ප්රාදේශිය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ ප්රධානත්වයෙනි. පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් ආරම්භ වූ මෙම බක්මහ උළලේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන්, ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා, විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අවුරුදු ක්රීඩාවන් ආරම්භ කරමින් පළමුව පුංචි දරුපැටවුන් සඳහා වන ක්රීඩා ඉසව් පවත්වන්නට යෙදුනි. අංක බෝල ඇහිඳීම, බැලුම් පිපිරවීම, මාළුවාට ඇහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම ආදී ක්රීඩා පුංචි දරුවන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් අතර දරුවන් සඳහා ත්යාග පිරිනැමීමද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව අනෙක් ක්රීඩා ඉසව් ආරම්භ විය. ඒ අනුව කණා මුට්ටි බිඳීම, පිරිමි කොට්ටපොර, කාන්තා කොට්ටපොර, බැලුම් ඩාන්ස්, වතුර බැලුම් ඇල්ලීම, බෝතලයට වතුර පිරවීම, රබන් ගැසීමේ තරඟය, සංගීත පුටු තරඟය, කඹ ඇඳීම, ඉඳිකටුවට නූල දැමීම, සැඟවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු වස්තුව හා මල සෙවීම ආදි තරඟ ඉසව් පැවති අතර, නිලධාරීන් බොහෝ උද්යෝගයෙන් එම ඉසව් සඳහා සහභාගී වී ත්යාග දිනා ගත්හ. කාර්යාලයෙන් ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්, තරඟ විනිශ්ච කටයුතු සඳහා අරාධනා ලැබ දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සඳහා විශේෂ අවුරුදු තරඟයක් ද, සමරු ත්යාග ප්රදානයක් ද සිදු කරන ලදී.
හවස් යාමය තවත් අපුරූ ක්රීඩා ඉසව් කිහිපයක් සඳහා වෙන් කර තිබුණි. ඒ හොඳම හිනාව, හොඳම ඇඬීම, කාර්යාල අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය යන තරඟයි. ආරාධිත විනිශ්ෂ මණ්ඩලය මඟින් තෝරාගනු ලැබූ කාර්යාල අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කිරුළු පැළදි අවස්ථාව බක්මහ උළලේ සොඳුරුතම අවස්ථාවයි. මෙවර කාර්යාල අවුරුදු කුමරා ලෙස තේරී පත් වූයේ ඉඩම් අංශයේ ධනුක රංගන මහතායි. එහිදී ආයතන අංශයේ ගිහාන් දර්ශන මහතා සහ එම අංශයේම චන්දන උදයකාන්ත මහතා පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. කාර්යාලයීය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදියේ ක්ෂේත්ර අංශයේ වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි තරංගනී මහත්මියයි. එම අංශයේ පංවමී මහත්මිය හා ග්රාම නිලධාරී මේනකා පෙරේරා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනූ කුමරියන් බවත් පත්විය. ඔවුන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම්!
බක්මහ උළෙල සඳහා මැක්ටයිල් ආයතනය ඇතුළු කොට්ඨාසයේ ආයතන රැසක් මූල්ය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ටත්, බක්මහ උළෙල සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන් සැමටත්, සහභාගී වූ සැමටත් ස්තූතිවන්ත වෙමු!
 
All reactions:
 
ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයක් මෙම සබැඳිය හරහා ඔබට නැරඹිය හැකිය. එසේම මෙම වීඩියෝ පටය සංස්කරණය කිරීමකින් තොරව ඔ්නෑම මාධ්‍යයක් හරහා භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
මෙම වීඩියෝ පටය තුළ ජනාධිපති අරමුදලට අයදුම්පත්‍ර යොමු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඉතා සරලව හා පැහැදිළිව දක්වා ඇති බැවින් මෙම වීඩියෝ පටය ඔබගේ ආයතනයේ නිල Facebook / TikTok / Instagram / X / Youtube වැනි සමාජ මාධ්‍ය හරහා හෝ ඔබගේ ආයතනයේ නිල වෙබ් අඩවිය තුළ හෝ ආයතනය තුළ ඇති ප්‍රචාරක අවස්ථා හරහා (උදා. රූපවාහිනී තිර වැනි) ප්‍රචාරය කිරීමට යොදා ගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමු.
 
"ක්‍රීඩාව" පුද්ගලයෙකු තුළ ධෛර්යය, ආත්ම ශක්තිය, නායකත්වය වැනි ගුණාංග මෙන්ම ඉවසීම, දරා ගැනීම වැනි ගුණාංග ද වර්ධනය කරනු ලබන්නකි. එසේම එය මානසික, ශාරීරික හා සාමාජීය යහපැවැත්ම උදෙසා ද, ධනාත්මක බලපෑම් ඇති කරනු ලබන බැවින් බොහෝ ආයතනික පරිසරයන් තුළ සුහදතාවය වර්ධනය කිරීම උදෙසා ක්‍රීඩාව යොදා ගනු ලබයි.
 
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ මානසික හා ශාරීරික සුවතාවය වෙනුවෙන් ද, නිලධාරීන් අතර සුහදත්වය වර්ධන කිරීම උදෙසා ද, ප්‍රාදේශිය ලේකම්තුමියගේ උපදෙස් මත, කාර්යාලයීය ක්‍රීඩා සමිතිය හා සුභ සාධක සංගමය එක්ව සංවිධානය කළ සුහද ක්‍රිකට් තරඟාවලියක්, 2025.02.21 වන දින උඩුවර උතුර රණවිරුගම ක්‍රීඩා පිටියේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ හා සහකාර ප්‍රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මැතිණියගේ ප්‍රධානත්වයෙනි. 
 
තරඟය සඳහා පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 03ක් ද, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 02ක් ද සහභාගී විය. තරඟය නරඹමින් ක්‍රීඩකයින් දිරිගැන්වීම උදෙසා සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමන් හා පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ඇතුළු කාර්යාලයීය නිලධාරීන් රැසක් ද මේ අවස්තාව හා එක් විය. ආරම්භයේ පටන් තරඟාවලිය උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසානයේ තේරී පත් වූ ජයග්‍රාහක කණ්ඩායම් උදෙසා සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. 
 
ක්‍රිකට් තරඟය සඳහා අවශ්‍ය ක්‍රීඩා පිටිය, ශබ්ද විකාශන යන්ත්‍ර, ආහාරපාන හා අනෙකුත් පහසුකම් සැපයීමට හා සම්බන්ධීකරණය කිරීමට, ප්‍රාදේශිය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, උඩුවර උතුර ග්‍රාම නිලධාරී දිමුතු වෙල්ගම මහතා, කාර්යාලයීය සුබ සාධක සංගමය හා රණවිරු සේවා සුබ සාධක සමිතිය විශාල සහයෝගයක් ලබා දෙන ලදී. 
 
සංවිධානයෙන් හා සහභාගීත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!
WhatsApp Image 2025 03 21 at 10.52.56 AM
WhatsApp Image 2025 03 21 at 10.52.51 AM
WhatsApp Image 2025 03 21 at 10.52.51 AM1

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top