2025-11-22 වන දින පැවති බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලාකරු උපහාර උළෙල 2025 ප්‍රතිභාපූර්ණ කලාකරුවන්  අතරින් නර්තන ක්ෂේත්‍රයෙන්  මිල්ලනිය කොට්ඨාශයේ ප්‍රවීණ නර්තන ශිල්පී සම්පත් උක්වත්ත මහතා  සම්මානයට පාත්‍ර විය.

 

WhatsApp Image 2025 11 22 at 9.28.38 PM

 

 

WhatsApp Image 2025 11 22 at 9.28.39 PM

 

2025 ලෝක  ළමා දින සමරමින්  මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මිල්ලනිය  පොලිස්  ස්ථානය  එක්ව සංවිධානය  කරන ලද  ගී රස වින්දන  වැඩසටහන  2025.19.02  දින  මිල්ලනිය  දේවක්ෂිත  මහ විද්‍යාලයේ  9 හා  10  වසර  දරුවන් සඳහා  බොද්දෙල්ගොඩ  විහාරස්ථ  ධර්ම ශාලාවේදී  පවත්වන ලදි. මෙම වැඩසටහන  සංවිධානය  සඳහා සංස්කෘතික  නිලධාරී  බුද්ධිකා  වික්‍රමසිංහ  මෙනවිය  මිල්ලනිය පොලිස් ස්ථානයෙ ළමා හා කාන්තා කාර්යංංශයේ ස්ථානාධිපති  හේමමාලි මහත්මියගේ  පූර්ණ සහය ලැබුණු  අතර ගීත  ගායනය  සදහා සමාජ සේවා සහකාර  නිරංජලා මහත්මිය  හා මිල්ලනිය  විදුහලේ  උසස්  පෙළ අංශයේ දියණියකගේ  සහය  ලැබුණී.ගීටහ් විචාරය  සදහා   සම්පත් දායකත්ව  පානදුර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  බෞද්ධ කටයුතු සමායෝජක  අනූෂ පෙරේරා මහතා විසින්  ලබා දෙන ලදි . මෙම  වැඩසටහන මෙහෙය වීම අප කාර්යාලයේ  චතුර්ද ඉසරංග  මහතා විසින් සිදු කරන ලදි .  මෙම අවස්තාව සදහා අප  කාර්යාලයේ    ජා.ඒ. සං  නි. රිවිනි  මහත්මිය ද සහභාගී  විය. මේ  මගින් දරුවන් සුභාවිත  ගීරස වින්දනයට  යොමු කිරීම හා     දරුවන් තුල  ආකල්පමය  වෙනසක් ඇති  කිරීම අපේක්ෂා කෙරේ.  ඒ අනුව  ආදරයේ  උල්පත වූ අම්මා, පුරුදු පාරේ   අදත් යනවා, විදුලිය  එළිය  දැක ගිණිහිල  දියේ හොවා ,බුදුහාමුදුරුවො  වැඩියා වාගේ,  මගෙ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ  මිහිරිම වෙලාවයි    යන  ගීත  මේ අවස්ථාවට  තෝරා ගන්න අදී. මෙම වැඩසටහන  සාර්ථක කර  ගැනීමට  සහය  දැක් වූ සැමට තුති.

WhatsApp Image 2025 10 05 at 11.02.57 PM

WhatsApp Image 2025 10 05 at 11.03.02 PM1

WhatsApp Image 2025 10 05 at 11.03.00 PM

WhatsApp Image 2025 10 05 at 11.03.01 PM

WhatsApp Image 2025 10 05 at 11.02.58 PMWhatsApp Image 2025 10 05 at 11.03.02 PM1

තම සුදුසුකම්, හැකියා, කුසලතාවන්ට ඔබින, පහසුකම් හා උචිත වැටුපක් සහිත රැකියාවක නිරත වීම, සැමගේම අපේක්ෂාවයි. සිහිනයයි. විශේෂයෙන්, විචලනය වන දේශිය ආර්ථික ප්‍රවාහය තුළ, සාර්ථකව අනාගතයට මුහුණ දිම උදෙසා, මෙම රැකියා සිහිනය යතාර්ථයක් කර ගැනීම, සැමගේ කාලීන අවශ්‍යතාවයකි. මේ සඳහා සිදු කරන රාජ්‍ය මැදිහත්විමක් ලෙස ප්‍රාදේශිය රැකියාපොළ වැඩසටහන් හඳුන්වා දිය හැක.
මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, රැකියා අපේක්ෂිත ප්‍රජාව සඳහා රැකියා අවස්ථා ලබා දීම අරමුණු කර ගනිමින් සංවිධානය කළ, "2025 මිල්ලනිය ප්‍රාදේශිය රැකියාපොල සහ වෘත්තීය මාර්ගෝපදේශ වැඩමුළුව", 2025.07.31 වන දින දවස පුරා, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ, "ඇරඹුමට ඇරයුමක්" යන තේමාව පෙරදැරි කර ගනිමිනි.
මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී ටී.එස්. දමයන්ති මිය, නිපුණතා සංවර්ධන නිලධාරී කාන්ති පතිරගේ මිය, විදේශ රැකියා සංවර්ධන නිලධාරී ඩිලාන් සුලෝචන මයා හා මිහිරි පතිරගේ යන නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය, රජයේ පුහුණු ආයතන, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන රැසක් සම්බන්ධ විය.
මෙම වැඩසටහන තුළින් රැකියා සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, රැකියා සඳහා බඳවා ගැනීම, පුහුණු පාඨමාලා හඳුන්වා දීම සහ බඳවා ගැනීම, ව්‍යාපාරික උපදේශන සහ වෘත්තිය මාර්ගෝපදේශන වැනි ප්‍රතිලාභී රැසක්, රැකියා අපේක්ෂකයින්ට ලබා ගත හැකි විය.
රැකියා අපේක්ෂක සැමගේ රැකියා සිහිනය සැබෑ වේවායි පතමු!
WhatsApp Image 2025 08 04 at 11.41.42 AM2
 
WhatsApp Image 2025 08 04 at 11.41.42 AM

පළාත් පාලන සති වැඩසටහනට සමගාමීව උඩුවර නැගෙනහිර, දකුණ, ග්‍රාම සංවර්ධන සමිති සහ උඩුවර දකුණ, නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංවිධාන දායකත්වය ඇතිව මිල්ලනිය ප්‍රාදේශීය සභාව සමග එක්ව සංවිධානය කළ පරිසර පොළ සහ  ආයුර්වේද වෛද්‍ය සහායනය ඊයේ(09/15) දින උඩුවර දකුණ ප්‍රජා  ශාලාව අසලදී පවත්වන ලදී.

WhatsApp Image 2025 09 16 at 7.19.09 AMWhatsApp Image 2025 09 16 at 7.19.09 AM1

ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයක් මෙම සබැඳිය හරහා ඔබට නැරඹිය හැකිය. එසේම මෙම වීඩියෝ පටය සංස්කරණය කිරීමකින් තොරව ඔ්නෑම මාධ්‍යයක් හරහා භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
මෙම වීඩියෝ පටය තුළ ජනාධිපති අරමුදලට අයදුම්පත්‍ර යොමු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඉතා සරලව හා පැහැදිළිව දක්වා ඇති බැවින් මෙම වීඩියෝ පටය ඔබගේ ආයතනයේ නිල Facebook / TikTok / Instagram / X / Youtube වැනි සමාජ මාධ්‍ය හරහා හෝ ඔබගේ ආයතනයේ නිල වෙබ් අඩවිය තුළ හෝ ආයතනය තුළ ඇති ප්‍රචාරක අවස්ථා හරහා (උදා. රූපවාහිනී තිර වැනි) ප්‍රචාරය කිරීමට යොදා ගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමු.
 

News & Events

09
ඔක්2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

01
ඔක්2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය මිල්ලනියට

 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී කළුතර දිස්ත්‍රිකයේ රාජ්‍ය...

Scroll To Top