සැප්තැම්බරය, සාහිත්‍ය මාසයයි. විශේෂයෙන් මෙම මාසයේ දී, සාහිත්‍ය හා කලා රසය ඉස්මතු කිරීමෙහිලා විවිධ වැඩසටහන් රට පුරා සංවිධානය කරනු ලබන අතර, එහි ප්‍රධානතම වැඩසටහන ලෙස ජාතික සාහිත්‍ය කලා මහෝත්සව දැක්විය හැක.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිල්ලනිය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රයිගම් කෝරළාභිමානී ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය, 2024.10.09 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද්දේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මිල්ලනිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේගේ අශිර්වාදය මධ්‍යයේ ආරම්භ වූ සාහිත්‍යය මහෝත්සවයේ ආරාධිත දේශනය සිදු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සමන් රාජපක්ෂ මහතා විසිනි. කලා ක්ෂේත්‍රයට මහඟු දායකත්වයක් දැක්වූ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රවීණ කලාකරුවන් පස් දෙනෙක් සදහා, අංශ පහක් යටතේ, රයිගම් කෝරළාභිමාණී සම්මානය ප්‍රදානය කිරීම මෙහි සුවිශේෂම අංගයක් විය. ඒ අනුව ලේඛන කලාව අංශයෙන් සමන් පාලිත ගමගේ මහතා ද, චිත්‍ර කලා අංශයෙන් ජේ. තිලකරත්න මහතා ද, නර්තන අංශයෙන් කාංචන ලක්මාල් මහතා ද, මූර්ති හා කැටයම් ශිල්ප අංශයෙන් ජානක ප්‍රියන්ජිත් මහතා ද, සංගීතය අංශයෙන් රංජිත් ලීලාරත්න හෙට්ටිආරච්චි මහතා ද සම්මානයට පාත්‍ර විය.

තවද ඕඩිය නර්තන උළෙල ජයගත් නර්තන ශිල්පීන් විශේෂ ඇගයීමට ලක් කිරීමත්, ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රහණය කළ දරුවන්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත් සිදු විය. නලීන් චන්ද්‍රකුමාර මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සාහිත්‍ය මහෝත්සව තව තවත් වර්ණවත් කරමින් කොට්ඨාසයේ කලායතන වන "ජිත් රූ", "සම්පත්", "නයන සංඛ"හා "හෙල හටන් ශිල්ප" යන කලායතන විසින් සොඳුරු නර්තනාංග ඉදිරිපත් කරන ලදී.

 සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!

467315865 875741391390130 1218309621676005740 n1

467222559 875741481390121 5672135788573370004 n

 467401509 875741404723462 2181648596821257205 n1

467424506 875741544723448 3915811222285316660 n

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top