ස්වෝත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම මෙහෙයවා, ව්‍යවසායක ලෝකය තුළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා පියමනින, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායක ප්‍රජාව දිරිගන්වනු වස්, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සංවිධානය කළ "මිල්ලනි ව්‍යවසාභිමානී 2024" තරඟය, මිල්ලනිය කොට්ටාසයේ ග්‍රාමීය ව්‍යවසායක ප්‍රජාවට නවමු අත්දැකීමක් විය. මෙම තරඟය සදහා කොට්ඨාසයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට සහයෝගය ද ලබා දෙමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ව්‍යාපාර නාම ලියාපදිංචිය, ගිණුම් පොත් තැබීම, ලේබල්කරණය, ඇසුරුම් කිරීම, විදෙස් වෙළෙඳපොල අවස්ථා, ප්‍රචාරණය, සමාජ මාධ්‍ය භාවිතය, වෙළඳබලපත්‍ර ආදි ක්ෂේත්‍ර පිළිබඳ විවිධ පුහුණු වැඩමුළු සහ ක්ෂේත්‍ර චාරිකා ද සංවිධානය කරනු ලැබිණි. එම වැඩමුළු සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ව්‍යවසායකත්ව සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (aat), ජාතික ශිල්ප සභාව, මිල්ලනිය ප්‍රාදේශීය සභාව, හල්තොට මහජන සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය ආදී ආයතනයන්හී සම්පත්දායකත්වය හිමි විය.

තරඟයට අයඳුම් කළ 70 වකට අධික තරඟකරුවන් අතරින් සුදුසුකම් පරික්ෂා කිරීමේ අදියර, සම්මුඛ පරීක්ෂණ අදියර හා අයතන නිරීක්ෂණ අදියර යන අදියර ත්‍රිත්වය ජයගනිමින්, ජයග්‍රහණය කළ ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් මිල්ලනිය ව්‍යවසාභිමානී 2024 සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානප්‍රදානෝත්සවය, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ත්‍රිමාන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, 2024.12.20 වන දින, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.

කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් ත්‍රිමාන්න මැතිතුමන් සමග මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ආරාධිතයින් ලෙස සහභාගී වූ හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා මැතිණිය, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් නිසංසලා පෙරේරා මැතිණිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) ඩී.එම්.පී. දිසානායක මැතිතුමා, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ (පාලන) නලින් චින්තක මැතිතුමා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම්.එන්.එෆ්. ෂාහිනා මැතිණිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.ඒ.සී.ඩී. සාවිත්‍රි මැතිණිය, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ රොහාන් දෙල්ගොඩ මැතිතුමා, මිල්ලනිය සහකාර ප්‍රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මැතිණිය, ගණකාධිකාරි කසුරි ගයන්තිකා මැතිණිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂ පී. එල්ලාවල මැතිතුමා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සම්පාදක එච්.එම්.එස්. හේරත් මහතා, කුඩා ව්‍යාපාර අංශයේ සංවර්ධන නිලධාරී කුෂාන් අකලංක මහතා, කළුතර දිස්ත්‍රික් විදාතා නිලධාරී කේ.ඩී.පී.ඩී. සිරිවර්ධන මහත්මිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසාය සංවර්ධන උපදේශක ගයාන් විතාරණ මහතා, ව්‍යාපාර භූෂණ, දේශබන්දු ප්‍රදීප් ප්‍රනාන්ද මහතා සහ එතුමන්ගේ කළමණාකරු රෝහාන් මහතා පොල්තෙල් පහන්සිළු දල්වා වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

සංවර්ධන නිලධාරී චතුර්ධ ඉසාරංග මහතාගේ මෙහෙය වීමෙන් ආරම්භ වූ සම්මාන ප්‍රදානෝත්සවයේ, ආරාධිතයින් ඇතුළු සියලු දෙනා පිලිගනිමින්, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණිය පිලිගැනීමේ කතාව සිදු කළහ. ඉන්පසු උත්සවය හැඩගන්වමින් ලබුගම ජිත්රූ කලායතනය සොඳුරු නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසාය සංවර්ධන උපදේශක, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක (ක්ෂුද්‍ර ණය) ගයාන් විතාරණ මහතා විසින් ආරාධිත දේශනය ඉදිරිපත් කරන ලදී.

ඉන්පසු සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය ආරම්භ විය. පළමුව තරඟයේ අවසන් වටය නියෝජනය කළ ලුෂී ක්‍රියේෂන් ආයතනයෙහි අධිපති දිල්නි හංසිකා මෙනෙවිය, රීඩ් ක්‍රියේෂන් ආයතනයෙහි අධිපති යශෝමා ප්‍රියංගනී මහත්මිය, යසචන්ද්‍ර ට්‍රැඩිෂනල් මාස්ක් හවුස් ආයතනයෙහි අධිපති නෙලුක චන්ද්‍රනාත් මහතා, නිව් නව රස ආයතනයෙහි අධිපති රේණුකා ප්‍රියංගනී මහත්මිය, රශ්මි බයිට් ආයතනයෙහි අධිපති අරුණ නිරෝෂන් මහතා, ස්ටාර් ආහාර නිෂ්පාදන ආයතනයෙහි අධිපති නන්දිමිත්‍ර ස්ටැන්ලි මහතා, කොකෝ ක්‍රාෆ්ට් ආයතනයෙහි අධිපති මංජුලා පෙරේරා මහත්මිය යන ව්‍යවසායකයින් හත් දෙනා සඳහා, විශිෂ්ඨ කුසලතා සහතික ප්‍රදානයන් සිදු කරනු ලැබීය. තරඟයේ තෙවන ස්ථානය දිනා ගනිමින් මලීෂ බේබි පැෂන් ආයතනයෙහි අධිපති සුසන්තිකා දමයන්ති මහත්මිය සම්මානයට පාත්‍ර විය. දෙවන ස්ථානය දිනා ගනිමින් සම්පත් ඒ.එස්.ඕ.වුඩ් පුද්ගලික සමාගමේ අධිපති නුවන් සම්පත් මහතා සම්මානයට පාත්‍ර විය. මිල්ලනිය ව්‍යවසාභීමානි 2024 තරඟයේ හොඳම ව්‍යවසායකයා උදෙසා පිදෙන සම්මානය දිනා ගනු ලැබුවේ ලක් නේචර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධිපති ලක්මිණී නදීශානි වීරක්කොඩි මෙනෙවියයි. ජයග්‍රාහකයිහට සම්මාන සමඟින් මුදල් ත්‍යාග ද හිමි විය. අපනයන සංවර්ධන නිලධාරී සමන්තිකා වික්‍රමරත්න මහත්මියගේ ස්තූති කතාවෙන් පසු උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මාන සකස් කිරීම සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවේ මොරටුව ජාතික මෝස්තර මධ්‍යස්ථානයයි. සහතික සහ මූල්‍ය ත්‍යාග සඳහා දේශබන්ධු, ව්‍යාපාර භූෂණ ප්‍රදීප් ප්‍රනාන්දු මහතා දායකත්වය ලබා දෙන ලදී.

තරඟය සංවිධානයෙන් ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා, අපනයන සංවර්ධන නිලධාරී සමන්තිකා වික්‍රමරත්න මිය, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඉනෝකා ලක්මාලි මිය, විද්‍යා හා තාක්ෂණ නිලධාරී ඒ.එස්. අලුත්ගේ මිය, ක්ෂේත්‍ර සම්බන්ධීකාරක හංසනී තිලකරත්න මිය දායක විය.

ලබන වසරේ මිල්ලනිය ව්‍යවසාභිමානී 2025 සමගින් හමුවෙමු.

471596675 903805938583675 8934712041315937588 n

471662770 903805751917027 8574255239227500665 n

471855607 903805451917057 1509312197734855514 n

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top