"උත්සහවන්තම ග්රාම නිලධාරී" ව්යාපෘතිය, ශ්රී ලාංකේය රාජ්ය යාන්ත්රණය තුළ, ජනතාවට සමීපතම රජයේ නිලධාරියා ලෙස, ග්රාම නිලධාරී තනතුර මගින් පැවරී ඇති රාජකාරි ඉටු කිරීමේ දී, පවතින සීමිත සම්පත් හා ශිල්පීය ඥානය, නිර්මාණශීලීව භාවිතා කරමින්, ප්රියමනාප සේවා පරිසරයක් තුළ වඩාත් කාර්යක්ෂම සුහදශීලී සේවාවක් සේවාලාභීන් වෙත ලබාදීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ විශේෂ ව්යාපෘතියකි.
අදියර හතරක් යටතේ ක්රියාත්මක මෙම වැඩසටහනෙහි, පළමු සහ දෙවන අදියරයන් සඳහා පිලිවෙලින් ග්රාම නිලධාරී කාර්යාල 09ක් සහ 10ක් තෝරා ගෙන තිබුණි. මෙහිදී සිදු වනුයේ ඵලදායිතා සංකල්ප හා රාජ්ය පරිපාලන චක්රලේඛ අනුව යමින්, කාර්යක්ෂම සහ සඵලදායී ජනතා සේවයක් ලබා දීම උදෙසා තාම සතු ශිල්පීය ඥානය හා සීමිත සම්පත් නිර්මාණශීලිව යොදා ගැනීමට දැඩි උත්සහයක නිරත වී සිටින ග්රාම නිලධාරීන් හඳුනා ගෙන ඔවුන් ඇගයීම හා ඒ තුළින් අනෙක් ග්රාම නිලධාරීන් ද අභිප්රේරණය කිරීමයි. ඒ ඒ අදියරයන්හි දී ඵලදායිතා සංවර්ධන නිලධාරී, පරිපාලන ග්රාම නිලධාරී සහ මාණ්ඩලික නිලධාරීන් අවස්ථා කිහිපයක දීම, එම තෝරා ගත් ග්රාම නිලධාරී කාර්යාලයන් නිරීක්ෂණය කරමින්, සකස් කර ගත් නිර්ණායක ඔස්සේ ඇගයීම් ලකුණු ලබා දෙනු ලැබීය. වැඩිම ලකුණු ලබාගත් ග්රාම නිලධාරී "උත්සහවන්තම ග්රාම නිලධාරී" ලෙස ජයග්රහණය කරයි.
මෙම ව්යාපෘතියෙහි, මේ වන විට අවසන් කර ඇති පළමු සහ දෙවන අදියරයන්ගේ ජයග්රාහකයන් ඇගයීම උදෙසා පවත්වනු ලැබූ, සම්මාන හා සහතිකපත්ර ප්රදානෝත්සවය 2025.01.31 දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පවත්වන්නට යෙදුණේ, ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මැතිනියගේ ප්රධානත්වයෙනි. පලමු අදියරෙහි ප්රථම, දෙවන හා තෙවන ස්ථානයන් දිනා ගනු ලැබුවේ පිලිවෙලින් 649/සී අධිකාරීගොඩ ග්රාම නිලධාරී තිලිනි විජේමාන්න මිය, 653 ලබුගම ග්රාම නිලධාරී ඉන්දිකා ක්රිෂාන්ති මිය හා 655 ගුංගමුව ග්රාම නිලධාරී මේනකා පෙරේරා මියයි. එසේම 647/බී කෙලෙස්ගමුව ග්රාම නිලධාරී චාමිකා ලක්මාලි මිය, 653/බී පෙතිගමුව උතුර ග්රාම නිලධාරී අමිලා ඉරෝෂිණී මිය හා 644/සී රද්දේගොඩ ග්රාම නිලධාරී සේපාලිකා කුමාරි මිය, දෙවන අදියරෙහි ප්රථම දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් දිනා ගනු ලැබීය.
ජයග්රාහී සැමට උණුසුම් සුභ පැතුම්!
තෙවන හා සිව්වන අදියරයන් සමගින් හමුවෙමු!
475132915 934713445492924 5904039086151324007 n
476751527 934713838826218 1270104778517302760 n
 

News & Events

06
ජන2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

Scroll To Top