ග්‍රාම නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ පුහුණු වැඩසටහන් ආරම්භ කෙරේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ඉ-ග්‍රාම නිලධාරී වැඩසටහනෙහි තවත් අදියරක් ලෙස ග්‍රාම නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් පවත්වනු ලබන මූලික පරිගණක පුහුණු පාඨමාලාව 2022.09.21 දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ ) වරුණ ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන BCS ශ්‍රි ලංකා ශාඛාවෙහි සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙහිදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් 38 ක් සහ මදුරාවල ප්ර්ර්රදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් 4 ක් මිල්ලනිය දේවරක්ශිත ජාතික පාසල් විද්‍යාගාරයේදී පුහුණුව සම්පූර්ණ කිරීමට නියමිතය.
ඉ-ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන, පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවන් වෙනුවෙන් බිම් මට්ටමේ වඩාත් සක්‍රීය හා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබන ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා දෙනු ලබන ලබන මහජන සේවා හා වෙනත් රාජකාරීමය අවශ්‍යතා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනකි.
















