මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අත්කම් නිර්මාණකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ස්ථාපිත සංගමය, MilArts සංගමයයි. එය ස්ථාපනයට අඩිතාලම වූ, MilArts 2024 අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේ ආරම්භයේ පටන්ම, ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසල් සහයෝගයක් MilArts සාමාජිකයින් වෙත ලබා දුන් අතර, ඉන්පසුවද විවිධ වැඩසටහන් හා වැඩමුළු ද පවත්වමින් ඔවුන්ව දැනුමින් සුපෝෂිත කිරීමට දායක විය.

එවන් වැඩමුළුවක් අතරතුරදී, එම ආයතනයේ සභාපති කසුන් රණතුංග මහතාගේ යෝජනාවක්, කඩිනමින් යථාර්ථයක් බවට පත් වෙමින්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මොරටුව වැඩ අංගනයේ, ක්ෂේත්‍ර නීරීක්ෂණ චාරිකාවක නියැලීමට, 2024.09.03 වන දින MilArts සාමාජිකයින්ට මහඟු අවස්ථාවක් හිමි විය.

එම වැඩ අංගනයේ රෙදිපිළි අංශය, වේවැල් අංශය, වඩු අංශය, මැටි භාණ්ඩ අංශය, ආභරණ අංශය ඇතුළු සෑම අංශයක්ම නිරීක්ෂණය කරමින්, නවීන යන්ත්‍රෝපකරණ භාවිත කර, නව තාක්ෂණයන් ඔස්සේ, නවීන මෝස්තර යොදා ගනිමින්, උසස් අත්කම් භාණ්ඩ නිර්මාණ කරන ආකාරය පිළිබඳව, න්‍යායාත්මක ඉගෙනීමටත්, ප්‍රායෝගිකව අත්දැකීමටත්, මෙහිදී අවස්ථාව සලසා දෙනු ලැබීය.

ක්ෂේත්‍ර නිරීක්ෂණය අවසානයේ දී, අත්කම් නිර්මාණකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව හා අත්කම් නිර්මාණකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳව, එම ආයතනයේ විෂය ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමට ද MilArts සාමාජිකයින්ට හැකි විය. මෙම චාරිකාව සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු MilArts සංවිධායක මණ්ඩලය ද සහභාගී වූහ.

මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සාර්ථකව සංවිධානය කිරීමටත්, MilArts සාමාජිකයන්ට දැනුම ලබා දීමටත් සහයෝගය ලබා දුන්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමන්, අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයටත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පොඩිනිලමේ මැතිතුමාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

460215060 833131345651135 688765264757298411 n

460321498 833131432317793 4834986629908543016 n

 

පාසල් දරුවන් තුළ අනෙක් ආගම් හා ජාතීන් පිළිබඳ ඇති ගෞරවය වර්ධනය කිරීමත්, අනෙක් ජාතීන්ගේ සංස්කෘතික හා ආගමික සිරිත් විරිත් පිළිබඳ දැනුම වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින්, අධිකරණ අමාත්යාංශයේ, ජාතික සමගිය හා ප්රතිසංවිධානය සඳහා වන කාර්යාලයේ ප්රතිපාදන මත, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් සංවිධානය කරන ලද "සංහිඳියාවෙන් නව ලොවක්" කලා හා සංස්කෘතික වැඩසටහන, 2024.08.09 වනදා මිල්ලනිය නිව්චැටල් දෙමළ විද්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි. මිල්ලනිය ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මැතිණියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතීන්ට ආවේණික විවිධ උත්සව, නර්තනාංග, ගීත, ආහාරපාන රසවිඳීමට දරුවන්ට අවස්ථාව හිමි විය. ඒ ඒ ජාතීන්ගේ සැරසිලිවලට අනුව හැඩ ගැන් වූ නිවාස හතරක්, දරුවන් විසින් අපූරුවට නිර්මාණය කර තිබූ අතර, ඒ ඒ ජාතීන්ගේ ඇඳුම් පැළඳුම්වලට අනුව දරුවන් සහ ගුරුවරුන් සැරසී සිටියහ.
ප්රාදේශීය ලේකම්තුමිය, හොරණ අධ්යාපන කලාපයේ දෙමළ මාධ්ය සහකාර අධ්යාපන අධ්යක්ෂ එම්. චන්ද්රමෝහන් මහතා, මදුරාවල මහා විද්යාලයේ විදුහල්පති අනුර පෙරේරා මහතා සහ දික්හේන දෙමළ විද්යාලයේ විදුහල්පතිනි රෙබේකා මලර් මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් විද්යාල පරිශ්රය වෙත පිළිගනු ලැබුවේ, සිංහල සංස්කෘතිය අනුව බුලත් හුරුළු පිලිගන්වමින්, දමිළ සංස්කෘතිය අනුව නළලත පොට්ටු තබමින්, මුස්ලිම් සංස්කෘතිය අනුව සලාතේ නමදිමින් හා බර්ගර් සංස්කෘතිය අනුව අතට අත දෙමිනි.
ඉන් අනතුරුව වැඩසටහනේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්රාර්ථනා කරමින්, ආගම් සිහි කිරීම සිදු විය. එහිදී අම්පිටිගල ශ්රී සුමංගලාරාමාධිපති පූජ්ය හාතියල්වෙල චන්දනන්ද ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ ආගමානුකූලව ද, හොරණ ශාන්ත මාර්ටින් ද ජෝෂප් දේවස්ථානයේ චාල්ස් රජීව් පියතුමන් විසින් ක්රිස්තියානි ආගමානූකූලව ද, කොළඹ අල් මක්කුම් ඉස්ලාමීය දේශක අල්හාලීම් නසාර් මව්ලවීතුමන් ඉස්ලාමීය ආගමානුකූලව ද ආගම සිහි කිරීම සිදු කළ අතර හින්දු චාරිත්ර පාසලේ ආචාරීනී කේ. හර්ෂණී මහත්මිය විසින් සිදු කරනු ලැබීය.
ඉන් අනතුරුව ආරාධිත අමුත්තන්, දරුවන් ද කැටුව එක් එක් ජාතීන්ගේ සංස්කෘතිය අනුව සකස් කළ නිවෙස්වලට ගමන් කළහ. සිංහල නිවසට පැමිණි සියල්ලන්ටම අලුත් අවුරුදු චාරිත්ර ඉටු කිරීමටත්, කිරිබත් හා කැවුම්, කොකිස් ආදී රස කැවිලි රස බැලීමටත් අවස්ථාව උදා විය. දමිළ නිවසේ දී තෛපොංගල් චාරිත්ර ඉටු කිරීමෙන් අනතුරුව සියලු දෙනා වඩේ, තෝසේ, ඉට්ලි ආදී ආහාර රස වින්ඳෝය. ඉන් අනතුරුව මුස්ලිම් නිවසේ දී රටඉඳි, බූන්දි, වටලප්පන් රස වින්ඳේ හජ්ජි උත්සව චාරිත්ර ඉටු කිරීමෙන් පසුවය. අවසන් වශයෙන් බර්ගර් නිවසට පැමිණි සියල්ලෝම නත්තල් සීයා සමඟ නත්තල් සමරමින් කේක්, චොක්ලට්, බිස්කට් රස බැලූහ.
වැඩසටහන තවත් රසවත් කරමින් විවිධ සංස්කෘති පිළිබිඹු කරන නර්තනාංග ද පාසල් දරුවන් ඉදිරිපත් කළහ. වැඩසටහන අවසානයේ දී අම්පිටිගල ශ්රී සුමංගලාරාමාධිපති පූජ්ය හාතියල්වෙල චන්දනන්ද ස්වාමීන් වහන්සේ විසින් පාසලේ පළමු ශේණියේ දරුවන් උදෙසා ත්යාග ලබා දුන් සේක. සොඳුරු සිනහවන්, අලුත් අත්දැකීම්, රසබර ආහාරවලින් පිරුණු මේ දිනය, පාසල් දරුවන්ට අමතක නොවන මතකයක් වනු ඇති බවට නිසැකය. මිල්ලනිය ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ උපදෙස් මත, මෙම වැඩසටහන සංවිධානයට ශක්තිය ලබා දුන් සංවර්ධන නිලධාරී (ජාතික ඒකාබද්ධතා) රිවිනි වාසනා මහත්මිය හා සංවර්ධන නිලධාරී (වැවිලි ප්රජා) ප්රසාදි ජයසූරිය මහත්මිය ප්රමුඛ ක්ෂේත්ර අංශයටත්, නිව්චැට්ල් දෙමිළ විද්යාලයේ විදුහල්පති ආර්. ලෝරන්ස් මහතා ඇතුළු ගුරුභවතුන්, දෙමාපියන් හා දරුවන්ටත්, සහභාගීත්වයෙන් දායක වූ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරී වසන්ත කරුණාරත්න මහතා සහ මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
 
456205594 816314130666190 9035691646325835896 n
456405033 816314990666104 3321934596767848420 n

"අපි අපිම වෙමු"  වැඩසටහන් මාලාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කරමින්  විසිහතර වන වැඩසටහන 2024.8.8 වන දින පවත්වන්නට යෙදිණි

මෙම වැඩසටහන ගරු ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ නවමු සංකල්පයක් මත , ක්ෂේත්‍ර ගත නිලධාරීන් වන ආර්ථික සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ වැඩිමනත් නියෝජනයෙන් ඔවුන්ගේ , මෘදු කුසලතා යාවත්කාලීන කිරීම වෙනුවෙන් ම සමාරම්භ කරන්නට යෙදුණු වැඩසටහන් මාලාවකි.

එදින සංඛ්‍යා ලේඛන නිලධාරී කුෂාන්ත ගුණසේකර මහතා සිය විෂය පථයන්ට අදාළ වු , ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව දීර්ඝ දේශනයක් ඉදිරිපත් කරන ලදි ...

විදිමත් සංගනනයක තොරතුරු රටක ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට කොතරම් ඉවහල් වන්නෙද, එම සංගනන ක්‍රියාත්මක කරන ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් අපගෙන් ඊට ඉටවිය යුතු දායකත්වය පිළිබඳව ද මනා අවබෝධයක් එම දේශනය ⁣හරහා සභාව වෙත ලබා දුණි...

ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන නිලධාරී දේශනය වෙනුවෙන් 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ටි.චන්ද්‍රමාලි මහත්මිය විසින් සිය වසමේ සාමාජික ,ආර්ථික පසුබිම මෙන්ම පාතකඩ වසමේ මූලාරම්භයත් , ස්වයං රැකියවන්හි නිරත ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳවත් දීර්ඝ විවරණයක් කරනු ලැබුවාය.

ගීත ගායනයෙන් හිටපු පරිපාලන ග්‍රාම නිලධාරී එන්.ගුණසේන මහතා හා ලගාන ආර්ථික සංවර්ධන නිලධාරී ඉෂිනි සන්ද්‍යා මහත්මිය විසින් සිය දායකත්වය ලබාදෙමින් වැඩසටහන තවත් අලංකාර කරනු ලැබුහ.

වැඩසටහන අවසන සමස්ථ වැඩසටහන් සමාලෝචනය  ඉරේෂා ලොකු විතාන මහත්මිය හා ක්ෂේත්‍ර නිලධාරී ප්‍රසාදි මහත්මිය විසින් සිදුකරනු ලැබුහ.

එදින සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ඇගයුම් හා නිර්දේශයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය.

458475561 825032479794355 9188952292561686363 n

458280547 825032526461017 8533790745904654989 n

458396735 825032489794354 8332335293102407387 n

රාජ්ය නිලධාරීන්ගේගේ මෘදු කුසලතා හා හැකියාවන් වර්ධනය සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු " වැඩසටහන් මාලාවේ විසිවන දිග හැරුම පෙ.ව. නවයේ කණිසමට 2024.7 10 වන දින පවත්වන්නට යෙදිණි .
ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්ර නිලධාරීන්⁣ගේ වැඩිමනත් නියෝජනයෙන් හා මාණ්ඩලික නිලධාරීන් වන සහකාර ප්රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර අධ්යක්ෂ (සැලසුම්) තුමන්ගේ සහභාගිත්වයෙන්
ගරු ප්රදේශිය ලේකම්තුමිය තනා දුන් ඒ ප්රශස්ත වේදිකාවේ ,
වැඩසටහන් පුර්වක ලෙස විදේශ රැකියා සංවර්ධන නිලධාරී මිහිරි මදුකා පතිරගේ මහත්මියත් ,
ව්යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් නව ව්යවසායකයන් නඟා සිටුවීම හා අභිප්රේරණය පිළිබඳව දීර්ඝ දේශනයක් හා බොරලැස්ස ආර්ථික සංවර්ධන නිලධාරී දුලීකා ලක්මාලි මහත්මිය විසින් එම වසම හා එහි සාමාජික ආර්ථික පසුබිමත්, ස්වභාවික පිහිටීම පිළිබඳවත් දේශනයක් ඉදිරිපත් කරන ලදහ.
සහකාර අධ්යක්ෂ (සැලසුම්) පුෂ්පකුමාර එල්ලාවල මහතා විසින් ව්යාපෘති ක්රියාත්මක කරන ආකාරයත් ඊට අදාළ කොන්දේසි හා අදාළ වැය ශිර්ෂයන් පිළිබඳවත් ,විශේෂ දේශනයක් අපි අපිම වෙමු වැඩසටහන වෙත එකතු කරන ලදි
එදින රසාලිප්ත ගීත කිහිපයක් ගායනා කිරීමෙන් , ආර්ථික සංවර්ධන නිලධාරී දුලංජි මෙනවිය,කිත්සිරි කළුබෝවිල මහතා,හා එරන්දි මහත්මියත් සිය දායකත්වය ලබා දුන්හ.
වැඩසටහනේ සමස්ථ සමාලෝචන ඇගයීම් වෙනුවෙන් මොනිකා සඳමාලි හා හර්ෂනී මදුමතී යන ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මීන් විසින් අදහස් දක්වන ලදහ.
 452258419 798854565745480 3178486088527430976 n
452621661 798854842412119 6780965263625831180 n
452545941 798843775746559 8037043223821685894 n

News & Events

06
ஜன2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

குடியுரிமை சாசனம்

Scroll To Top