රාජ්‍ය නිලධාරීන්⁣ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ විසිහයවන දිගහැරුම.
රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද " අපි අපිම වෙමු ". වැඩසටහන් මාලාවේ විසිහයවන දිගහැරුම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.9.4 වන බදදා පෙ.ව 9.00 ට සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහන මෙහෙයවන ලද්දේ කැන්නන්තුඩාව  ආර්ථික සංවර්ධන නිලධාරී කුමුදුනී හඳපාන්ගොඩ මහත්මිය යි.
ප්‍රථම දේශනය ආපදා කළමනාකරණය හා සහන සේවා නිලධාරී වාසනා සඳමාලි මහත්මිය විසින් සිදුකල අතර
 ඇයගේ දේශනයෙන් ආපදාවකදී, ජනතාව ඊට තිබිය යුතු පෙර සූදානමත්, ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන ගත වීමේ වටිනාකමත්, මනාව පැහැදිලි කරනු ලැබුවාය .
වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම 639 මහදුරුපිටිය ආර්ථික සංවර්ධන නිලධාරී වරුණි ලංකා මහත්මිය විසිනි.
 මහදුරුපිටිය වසමේ ජනතා සිතුම් , පැතුම් මෙන්ම
 ස්වයං රැකියවන්හි නියෙලෙමින් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙහෙසන අහිංසක ගැමි ජනතාව ගැනද,
 මහදුරුපිටිය ග්‍රාමයේ පිහිටා ඇති අලංකාර ස්ථානයක් වන එල්ලෙන වැල් පාලමේ ඓතිහාසික ⁣තොරතුරු රාශියක් ද ඇය ඉදිරිපත් කරනු ලැබුවාය .
එදින වැඩසටහන රසවත් කිරීමට ගීත ගායනයෙන් ,
 ක්ෂේත්‍ර නිලධාරී තනුජා මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි මහත්මිය එක්වුහ.
 වැඩසටහන් සාමාලෝචනය සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් දෙපළක් වන ,
 විරංග ප්‍රියදර්ශන මහතා හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී කාංචනා ⁣මහත්මිය විසින් සිය අදහස් දක්වන ලදි .
 වැඩසටහන අවසන සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) එල්ලාවල මහතාගේ අදහස් දැක්විමෙන් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය .

461697885 843643324599937 5920424742052998311 n

461780190 843643557933247 6581202386095386391 n


මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , කේෂ්ත්‍ර ගත නිලධාරීන්ගේ හැකියාවන් ඔප් නැංවීම උදෙසා ගරු ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ නවමු සංකල්පයක් මත ,එතුමියගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහකි. අපි අපිම වෙමු" එදින වැඩසටහන් පුර්වක ලෙස සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී මනෝරි කාංචනා මහත්මි වැඩසටහන මෙහෙයවන ලදි.

කේෂ්ත්‍ර අංශය නියෝජනය කරමින් දේශනය සඳහා විදාතා හා තාක්ෂණ නිලධාරී ශිරාන් අලුත්ගේ මහතා සිය අදහස් දක්වන ලදි. ගමට විද්‍යාව ගෙන යාමේ අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකට එක් මධ්‍යස්ථානයක් ලෙස එය ආරම්භ කරන්නට යෙදුණු බවත්, එම විදාතා මධ්‍යස්ථානය හරහා ජනතාව වෙත ලබා දෙන පාඨමාලාවන් , ව්‍යාපාරයක් සිදු කිරිමේදි අවශ්‍ය තාක්ෂණය පිළිබඳව අවබෝධයත්,ප්‍රමිති කරණය සඳහා තත්ව සහතික ලබා ගැනීමට  අවශ්‍ය පියවරයන් පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් සභාව වෙත ලබා දුණි.

නදීෂා ජයලත් මහත්මියත්,රිවිනි වාසනා මහත්මිය හා ශිරාන් අලුත් ගේ මහතාත් අලංකාර ගීත කිපයක් ගායනා කරන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරීන් නියෝජනය කරමින් ගයාන් රොද්‍රිගෝ මහතා 643 ඒ පුන්සිරි පුර වසම පිළිබඳව ⁣දේශනයක් ඉදිරිපත් කරන ලදි.
කලුතර උතුරු පොලිස් බලප්‍රදේශයට අයත් පුන්සිරි පුර වසම මැත කාලයේ රාජා සමරනායක මහතා විසින් ආරම්භ කරන්නට යෙදුණු ගමක් බවත්, එහි ආර්ථික පසුබිම මෙන්ම සාමාජික වපසරිය පිළිබඳව ත් ව්‍යාපාරයන්හි නියැලෙමින් ස්වයංව නැගිසිටීමට උත්සාහ කරන දිරිමත් ජනතාව පිළිබඳවත් දිර්ඝ දේශනයක් ඉදිරිපත් කරන ලදි.

සහොදර නිලධාරීන් විසින් සිදුකරන ලද වැඩසටහන පිළිබඳව
ඇගයුම්  පැසසුම් ලබා දීම සඳහා ආර්ථික සංවර්ධන නිලධාරී කිත්සිරි කළුබෝවිල මහතා හා ඵලදායිතා සංවර්ධන නිලධාරී අනුෂ්ක දීපාල් මහතාට අවස්ථාව ලැබිණි.
වැඩසටහන නිමා කිරීමට ප්‍රථම පරිපාලන ග්‍රාම නිලධාරී ආර් .සි. සනත් මහතා විසින් වැඩසටහන පිළිබඳව සමස්ථ සමාලෝචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය.

461563444 843556034608666 3613365840559664879 n

461778362 843556164608653 8125977127387970768 n



මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අත්කම් නිර්මාණකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ස්ථාපිත සංගමය, MilArts සංගමයයි. එය ස්ථාපනයට අඩිතාලම වූ, MilArts 2024 අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේ ආරම්භයේ පටන්ම, ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසල් සහයෝගයක් MilArts සාමාජිකයින් වෙත ලබා දුන් අතර, ඉන්පසුවද විවිධ වැඩසටහන් හා වැඩමුළු ද පවත්වමින් ඔවුන්ව දැනුමින් සුපෝෂිත කිරීමට දායක විය.

එවන් වැඩමුළුවක් අතරතුරදී, එම ආයතනයේ සභාපති කසුන් රණතුංග මහතාගේ යෝජනාවක්, කඩිනමින් යථාර්ථයක් බවට පත් වෙමින්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මොරටුව වැඩ අංගනයේ, ක්ෂේත්‍ර නීරීක්ෂණ චාරිකාවක නියැලීමට, 2024.09.03 වන දින MilArts සාමාජිකයින්ට මහඟු අවස්ථාවක් හිමි විය.

එම වැඩ අංගනයේ රෙදිපිළි අංශය, වේවැල් අංශය, වඩු අංශය, මැටි භාණ්ඩ අංශය, ආභරණ අංශය ඇතුළු සෑම අංශයක්ම නිරීක්ෂණය කරමින්, නවීන යන්ත්‍රෝපකරණ භාවිත කර, නව තාක්ෂණයන් ඔස්සේ, නවීන මෝස්තර යොදා ගනිමින්, උසස් අත්කම් භාණ්ඩ නිර්මාණ කරන ආකාරය පිළිබඳව, න්‍යායාත්මක ඉගෙනීමටත්, ප්‍රායෝගිකව අත්දැකීමටත්, මෙහිදී අවස්ථාව සලසා දෙනු ලැබීය.

ක්ෂේත්‍ර නිරීක්ෂණය අවසානයේ දී, අත්කම් නිර්මාණකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව හා අත්කම් නිර්මාණකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳව, එම ආයතනයේ විෂය ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමට ද MilArts සාමාජිකයින්ට හැකි විය. මෙම චාරිකාව සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු MilArts සංවිධායක මණ්ඩලය ද සහභාගී වූහ.

මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සාර්ථකව සංවිධානය කිරීමටත්, MilArts සාමාජිකයන්ට දැනුම ලබා දීමටත් සහයෝගය ලබා දුන්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමන්, අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයටත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පොඩිනිලමේ මැතිතුමාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

460215060 833131345651135 688765264757298411 n

460321498 833131432317793 4834986629908543016 n

 

"අපි අපිම වෙමු"  වැඩසටහන් මාලාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කරමින්  විසිහතර වන වැඩසටහන 2024.8.8 වන දින පවත්වන්නට යෙදිණි

මෙම වැඩසටහන ගරු ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ නවමු සංකල්පයක් මත , ක්ෂේත්‍ර ගත නිලධාරීන් වන ආර්ථික සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ වැඩිමනත් නියෝජනයෙන් ඔවුන්ගේ , මෘදු කුසලතා යාවත්කාලීන කිරීම වෙනුවෙන් ම සමාරම්භ කරන්නට යෙදුණු වැඩසටහන් මාලාවකි.

එදින සංඛ්‍යා ලේඛන නිලධාරී කුෂාන්ත ගුණසේකර මහතා සිය විෂය පථයන්ට අදාළ වු , ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව දීර්ඝ දේශනයක් ඉදිරිපත් කරන ලදි ...

විදිමත් සංගනනයක තොරතුරු රටක ජාතික මෙන්ම ජාත්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට කොතරම් ඉවහල් වන්නෙද, එම සංගනන ක්‍රියාත්මක කරන ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් අපගෙන් ඊට ඉටවිය යුතු දායකත්වය පිළිබඳව ද මනා අවබෝධයක් එම දේශනය ⁣හරහා සභාව වෙත ලබා දුණි...

ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන නිලධාරී දේශනය වෙනුවෙන් 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ටි.චන්ද්‍රමාලි මහත්මිය විසින් සිය වසමේ සාමාජික ,ආර්ථික පසුබිම මෙන්ම පාතකඩ වසමේ මූලාරම්භයත් , ස්වයං රැකියවන්හි නිරත ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳවත් දීර්ඝ විවරණයක් කරනු ලැබුවාය.

ගීත ගායනයෙන් හිටපු පරිපාලන ග්‍රාම නිලධාරී එන්.ගුණසේන මහතා හා ලගාන ආර්ථික සංවර්ධන නිලධාරී ඉෂිනි සන්ද්‍යා මහත්මිය විසින් සිය දායකත්වය ලබාදෙමින් වැඩසටහන තවත් අලංකාර කරනු ලැබුහ.

වැඩසටහන අවසන සමස්ථ වැඩසටහන් සමාලෝචනය  ඉරේෂා ලොකු විතාන මහත්මිය හා ක්ෂේත්‍ර නිලධාරී ප්‍රසාදි මහත්මිය විසින් සිදුකරනු ලැබුහ.

එදින සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ඇගයුම් හා නිර්දේශයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය.

458475561 825032479794355 9188952292561686363 n

458280547 825032526461017 8533790745904654989 n

458396735 825032489794354 8332335293102407387 n

News & Events

09
அக்2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

குடியுரிமை சாசனம்

Scroll To Top