රාජ්‍ය නිලධාරීන්ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ තිස්වන දිගහැරුම රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද" අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ තිස්වන වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.10.16 වන බදදා දින සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහනේ නිවේදන කටයුතු 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ජි. චන්ද්‍රමාලි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය. ක්ෂේත්‍ර අංශය නියෝජනය කරමින් කේ.කේ රිවිනි වාසනා මහත්මිය විසින් ඇයගේ විෂය පථයන්ට අදාළව ජාතික ඒකාබද්ධතා ප්‍රතිප්ති ක්‍රියාත්මක කරන ආකාරයත් ඊට අදාළව තොරතුරු යාවත්කාලීන කිරීම පිළිබඳවත් , ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැනත් හරවත් නිර්මාණශීලී දේශනයක් සිදුකරනු ලැබුවාය. වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම සඳහා 638 උඩුවර බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී පාලිකා නිලංගනි මහත්මිය සහභාගි වුවාය.
එහිදි ඇය විසින් වසමේ ජනතාව මුහුණ දෙන සාමාජික, ආර්ථික ගැටලු පිළිබඳවත් ,ඒ සඳහා ඇය විසින් ඔවුන්ගේ සුබ සාධනය උදෙසාක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහන් පිළිබඳවත් ,ස්වයං රැකියවන්හි නියෙලමෙන් දිවි සරුකරගන්නා තරුණ පිරිස මෙන්ම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් උඩුවර බටහිර වසමේ සුන්දර මිනිසුන් පිළිබඳවත් දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවාය .
අපි අපිම වෙමු" වැඩසටහන රසගැන්වීම සඳහා ගීත ගායනයෙන්ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මිය හා ඉෂිනි සන්ද්‍යා මහත්මිය සහභාගි වුහ .සමස්ථ වැඩසටහන පිළිබඳව සාමාලෝචනය වෙනුවෙන් අදහස් දැක්වීමට ආර්ථික සංවර්ධන නිලධාරී තරංග ඩයස් මහතා හා සමථ සංවර්ධන නිලධාරී එච්.එන් උදයංගනි යන මහත්ම මහත්මීන් අවස්ථාව ලබා ගත්හ.
සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) පුෂ්පකුමාර එල්ලාවල මහතා හා ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් හා ඇගයුම් ලබදීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්විය.

සැප්තැම්බරය, සාහිත්‍ය මාසයයි. විශේෂයෙන් මෙම මාසයේ දී, සාහිත්‍ය හා කලා රසය ඉස්මතු කිරීමෙහිලා විවිධ වැඩසටහන් රට පුරා සංවිධානය කරනු ලබන අතර, එහි ප්‍රධානතම වැඩසටහන ලෙස ජාතික සාහිත්‍ය කලා මහෝත්සව දැක්විය හැක.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිල්ලනිය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රයිගම් කෝරළාභිමානී ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය, 2024.10.09 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද්දේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මිල්ලනිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේගේ අශිර්වාදය මධ්‍යයේ ආරම්භ වූ සාහිත්‍යය මහෝත්සවයේ ආරාධිත දේශනය සිදු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සමන් රාජපක්ෂ මහතා විසිනි. කලා ක්ෂේත්‍රයට මහඟු දායකත්වයක් දැක්වූ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රවීණ කලාකරුවන් පස් දෙනෙක් සදහා, අංශ පහක් යටතේ, රයිගම් කෝරළාභිමාණී සම්මානය ප්‍රදානය කිරීම මෙහි සුවිශේෂම අංගයක් විය. ඒ අනුව ලේඛන කලාව අංශයෙන් සමන් පාලිත ගමගේ මහතා ද, චිත්‍ර කලා අංශයෙන් ජේ. තිලකරත්න මහතා ද, නර්තන අංශයෙන් කාංචන ලක්මාල් මහතා ද, මූර්ති හා කැටයම් ශිල්ප අංශයෙන් ජානක ප්‍රියන්ජිත් මහතා ද, සංගීතය අංශයෙන් රංජිත් ලීලාරත්න හෙට්ටිආරච්චි මහතා ද සම්මානයට පාත්‍ර විය.
තවද ඕඩිය නර්තන උළෙල ජයගත් නර්තන ශිල්පීන් විශේෂ ඇගයීමට ලක් කිරීමත්, ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රහණය කළ දරුවන්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත් සිදු විය. නලීන් චන්ද්‍රකුමාර මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සාහිත්‍ය මහෝත්සව තව තවත් වර්ණවත් කරමින් කොට්ඨාසයේ කලායතන වන "ජිත් රූ", "සම්පත්", "නයන සංඛ"හා "හෙල හටන් ශිල්ප" යන කලායතන විසින් සොඳුරු නර්තනාංග ඉදිරිපත් කරන ලදී.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!