රාජ්‍ය නිලධාරීන්ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ තිස්වන දිගහැරුම රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද" අපි අපිම වෙමු"  වැඩසටහන් මාලාවේ තිස්වන වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.10.16 වන බදදා දින සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහනේ නිවේදන කටයුතු 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ජි. චන්ද්‍රමාලි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය. ක්ෂේත්‍ර අංශය නියෝජනය කරමින් කේ.කේ රිවිනි වාසනා මහත්මිය විසින් ඇයගේ විෂය පථයන්ට අදාළව ජාතික ඒකාබද්ධතා ප්‍රතිප්ති ක්‍රියාත්මක කරන ආකාරයත් ඊට අදාළව තොරතුරු යාවත්කාලීන කිරීම පිළිබඳවත් , ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැනත් හරවත් නිර්මාණශීලී දේශනයක් සිදුකරනු ලැබුවාය. වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම සඳහා 638  උඩුවර බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී පාලිකා නිලංගනි මහත්මිය සහභාගි වුවාය.
එහිදි ඇය විසින් වසමේ ජනතාව මුහුණ දෙන සාමාජික, ආර්ථික ගැටලු පිළිබඳවත් ,ඒ සඳහා ඇය විසින් ඔවුන්ගේ සුබ සාධනය  උදෙසාක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහන් පිළිබඳවත් ,ස්වයං රැකියවන්හි නියෙලමෙන් දිවි සරුකරගන්නා තරුණ පිරිස මෙන්ම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්  උඩුවර බටහිර වසමේ සුන්දර මිනිසුන් පිළිබඳවත් දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවාය .
අපි අපිම වෙමු" වැඩසටහන රසගැන්වීම සඳහා ගීත ගායනයෙන්ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මිය හා ඉෂිනි සන්ද්‍යා මහත්මිය සහභාගි වුහ .සමස්ථ වැඩසටහන පිළිබඳව සාමාලෝචනය වෙනුවෙන් අදහස් දැක්වීමට ආර්ථික සංවර්ධන නිලධාරී තරංග ඩයස් මහතා හා සමථ සංවර්ධන නිලධාරී එච්.එන් උදයංගනි යන මහත්ම මහත්මීන් අවස්ථාව ලබා ගත්හ.
සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) පුෂ්පකුමාර එල්ලාවල මහතා හා  ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් හා ඇගයුම් ලබදීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්විය.

468941826 886437736987162 1748587915489047749 n

468840462 886437776987158 5268235284777822919 n

468839485 886437710320498 4355812450430663909 n


සැප්තැම්බරය, සාහිත්‍ය මාසයයි. විශේෂයෙන් මෙම මාසයේ දී, සාහිත්‍ය හා කලා රසය ඉස්මතු කිරීමෙහිලා විවිධ වැඩසටහන් රට පුරා සංවිධානය කරනු ලබන අතර, එහි ප්‍රධානතම වැඩසටහන ලෙස ජාතික සාහිත්‍ය කලා මහෝත්සව දැක්විය හැක.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිල්ලනිය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රයිගම් කෝරළාභිමානී ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය, 2024.10.09 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද්දේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මිල්ලනිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේගේ අශිර්වාදය මධ්‍යයේ ආරම්භ වූ සාහිත්‍යය මහෝත්සවයේ ආරාධිත දේශනය සිදු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සමන් රාජපක්ෂ මහතා විසිනි. කලා ක්ෂේත්‍රයට මහඟු දායකත්වයක් දැක්වූ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රවීණ කලාකරුවන් පස් දෙනෙක් සදහා, අංශ පහක් යටතේ, රයිගම් කෝරළාභිමාණී සම්මානය ප්‍රදානය කිරීම මෙහි සුවිශේෂම අංගයක් විය. ඒ අනුව ලේඛන කලාව අංශයෙන් සමන් පාලිත ගමගේ මහතා ද, චිත්‍ර කලා අංශයෙන් ජේ. තිලකරත්න මහතා ද, නර්තන අංශයෙන් කාංචන ලක්මාල් මහතා ද, මූර්ති හා කැටයම් ශිල්ප අංශයෙන් ජානක ප්‍රියන්ජිත් මහතා ද, සංගීතය අංශයෙන් රංජිත් ලීලාරත්න හෙට්ටිආරච්චි මහතා ද සම්මානයට පාත්‍ර විය.

තවද ඕඩිය නර්තන උළෙල ජයගත් නර්තන ශිල්පීන් විශේෂ ඇගයීමට ලක් කිරීමත්, ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රහණය කළ දරුවන්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත් සිදු විය. නලීන් චන්ද්‍රකුමාර මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සාහිත්‍ය මහෝත්සව තව තවත් වර්ණවත් කරමින් කොට්ඨාසයේ කලායතන වන "ජිත් රූ", "සම්පත්", "නයන සංඛ"හා "හෙල හටන් ශිල්ප" යන කලායතන විසින් සොඳුරු නර්තනාංග ඉදිරිපත් කරන ලදී.

 සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!

467315865 875741391390130 1218309621676005740 n1

467222559 875741481390121 5672135788573370004 n

 467401509 875741404723462 2181648596821257205 n1

467424506 875741544723448 3915811222285316660 n

මූල්‍යකරණය, ව්‍යාපාරයක යහපැවැත්ම සඳහා ව්‍යවසායකයෙකුට අතිශය වැදගත් දැනුම් ක්ෂේත්‍රයකි. මූලික වශයෙන් ව්‍යාපාරක් තුළ ආදායම් වියදම් හැසිරවීම හා මූල්‍ය පරිපාලනය උදෙසා වැදගත් වන මෙම දැනුම, වෙළඳපොල තුළ ව්‍යාපාර පරිසරය අවබෝධය කර ගැනිම, ව්‍යාපාරයක අනාගතය පුරෝකථනය, නව ව්‍යාපාරික අවස්ථා ගවේශණය, ව්‍යාපාරයක ලාභය ඉහළ නැංවීම ආදී  පැතිකඩයන් සඳහා ද අතිශය වැදගත් වන්නකි.

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොඳම ව්‍යවසායකයා තේරීමේ "ව්‍යවසාභීමානී 2024" තරඟාවලියට සමගාමීව, කොට්ඨාසයේ ව්‍යවසායකයින් වෙනුවෙන් සංවිධානය කළ "ව්‍යාපාර කළමනාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්, 2024.10.07 වන දින සමෘද්ධි කලාප මට්ටමින් සාර්ථකව පවත්වන්නට යෙදුණි. මිල්ලනිය හා හල්තොට සමෘද්ධි කලාපවල ව්‍යවසායකයින් වෙනුවෙන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ද, ගල්පාත සමෘද්ධි කලාපයේ ව්‍යවසායකයින් වෙනුවෙන්, ගල්පාත සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේ ද පවත්වන්නට යෙදුනු මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයයි.

ව්‍යාපාර මූල්‍යකරණය පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයතනයක් වන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ (AAT) සම්පත්දායකත්වය මත පැවැත් වූ මෙම වැඩමුළුව සඳහා, එම ආයතනයේ සභාපති වසන්ත මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය සහභාගී විය. භාණ්ඩයක නිශ්පාදන පිරිවැය ගණනය කිරීම, භාණ්ඩයක මිල නියම කිරීම, මුදල් පොත සැකසීම ආදී ව්‍යාපාර මූල්‍යකරණය විෂය හා සබැඳි වැදගත් පැතිකඩයන් පිළිබඳව ව්‍යවසායකයින් මනාව දැනුවත් කිරීම් මෙහිදී සිදු විය.

සංවිධානයෙන්, සම්පත්දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොඳම ව්‍යවසායකයා තේරීමේ "ව්‍යවසාභීමානී 2024" තරඟාවලියට ඔබ සැමට ආරාධනා!

 

"වයස යනු හුදෙක්ම ඉලක්කමක් පමණි".
මෙම වැකිය සපථ කරමින්, ගතින් වියපත් වූවත් සිතින් තරුණ කලාකාමි වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය සහ මිල්ලනිය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "දෙටු පුරවැසි රඟ සොබා - 2024" ජ්‍යෙෂ්ඨ පුරවැසි දක්ෂතා දැක්වීමේ වැඩසටහන, 2024.10.22 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

උත්සවයේ අරාධිතයින් ලෙස බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) පුෂ්පකුමාර එල්ලාවල මහතා, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී නෙලූපානි කළුබෝවිල මෙනෙවිය, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී මංගල අශෝක මහතා සහ මිල්ලනිය සිංහ සාමාජයේ සරත් සූරියආරච්චි මහතා සහභාගී විය.

කොට්ඨාසයේ ග්‍රාමීය වැඩිහිටි කමිටු 44හි සාමාජිකයින්ගේ විශේෂාංග රැසකින් සමන්විත වූ මේ හෝරා කිහිපය සාම්ප්‍රදායික නර්තනාංග, නිර්මාණාත්මක නර්තනාංග, ගීත ගායන, විරිඳු ගායන ආදී අංග රැසකින් සමන්විත වූහ. දිවා ආහාරය සහ ත්‍යාග ප්‍රදනය සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවේ හොරණ වාසනා බේකර්ස් ආයතනය හා හොරණ ඌෂා ආයතනයයි.

කොට්ඨාසයේ කලාකාමී වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන් අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ගෞරවණීය ස්තූතිය පුද කරමු.

ආදරණීය වැඩිහිටියනි, ආයු බොහෝ වේවා! නිදුක් නිරෝගී වේවා! කලාකාමී සිත් සතුටින් පිරි ඉතිරේවා!

467232949 875754111388858 4295143520698942375 n

467392921 875754131388856 8158424006067514302 n

467334998 875752031389066 4968648749432896093 n

467337227 875752308055705 4470395097855318415 n

පශු සම්පත පාලනය, කර්මාන්තයක් ලෙස ගත් කළ, ඉතා දිගු ඉතිහාසයක් පවතින කර්මාන්තයකි. කෘෂිකර්මාන්තය මූලික කරගත් දේශිය ජන ජීවිතය, ඒ හා සබැඳි පශු සම්පත පාලනයට ද නිතැතින්ම යොමු වී තිබුණි. අද වන විට නිරෝගී ජන ජීවිතය සඳහා අවැසි සත්ත්ව ප්‍රෝටීන ලබා දෙමින්, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින් හා ආහාර සුරක්ෂිතතාවයට දායක වෙමින්, පශු සම්පත් පාලනය දේශිය ආර්ථිකය තුළ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන සිටියි.

පශු සම්පත් පාලනය පිළිබඳ ප්‍රජාවගේ දැනුම ඉහළ නංවමින් හා ඒ සඳහා ප්‍රජාව යොමු කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීම් වැඩසටහනක්, 2024.10.10 වන දින, පෙතිගමුව බෝධිගල ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ, 653/B පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී වසමේ පශු සම්පත් පාලනයෙහි නිරතව සිටින හා නිරත වීමට බලාපොරොත්තු වන ප්‍රජාව මූලික කර ගනිමිනි.

653/ B පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී අමිලා ඉරෝශනී මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරී කිත්සිරි කලුබෝවිල මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී ලසික එරන්ද මහතාගේ සම්බන්ධීකරණය මත, සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ, මිල්ලනිය පශු වෛද්‍ය නිලධාරී බී.ආර්. අලහප්පෙරුම මහත්මිය හා මිල්ලනිය සත්ත්ව සංවර්ධන උපදේශන නිලධාරී වොලියා විතාන මහත්මිය විසිනි. එහිදී පශු සම්පත් පාලනය ආරම්භ කිරීම, සතුන් තොරා ගැනීම, කූඩූ සැකසීම, ආහාර සැකසීම, රෝග පාලනය, අතුරු නිශ්පාදන සිදු කිරීම, නව තාක්ෂණය මුසු කිරීම ආදී විෂය පැතිකඩ පිළිබඳව දීර්ඝව පැහැදිලි කිරීම සිදු විය.

සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!

 465142753 864865399144396 5197410781068330683 n

465225494 864865275811075 4000375240963340767 n

465116980 864865232477746 1248909227477705787 n

News & Events

09
அக்2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

குடியுரிமை சாசனம்

Scroll To Top