සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන මිල්ලනිය ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය, 2023.10.25 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මිල්ලනිය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙවර උත්සවයේ පොල්තෙල් පහන හා වේදිකාව විශේෂයෙන් හැඩගැන්වූයේ ගොක්කොල නිර්මාණ භාවිතා කරමිනි. උත්සවයේ විශේෂ අවස්ථාවන් ලෙස කලා ක්ෂෙත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් 05 දෙනෙකු වෙත රයිගම් කෝරළාභීමානී සම්මානය පිරිනැමීමත්, ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ලද කලාකරුවන් ඇගයීමට ලක් කිරීමත්, ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයන්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත්, කොට්ඨාසයේ ප්‍රවීණ කලාකරුවෙකු මෙන්ම කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් වන එන්. කේ. ගුණසේන මහතාගේ "හද විල මල්" ගීතය දොරට වැඩුමත්, මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිර්දේශිත යොනාල් බෝජිත ලේඛකයානන්ගේ "වත්ත පහල සුමිතුරෝ" කෘතිය පිළිගැන්වීත් සිදු විය. උත්සවය වර්ණවත් කරමින් නර්තනාංග ඉදිරිපත් කරනු ලැබුවේ පරගස්තොට නයනසංඛ, හල්තොට සව්සත් හා ලබුගම සිත්රූ යන කලායතන ත්‍රිත්වයේ නර්තන ශිල්පීන් සහ චාතූර්යා එදිරිසිංහ, විනුකි රිතාරා, චමික නිමේෂ් යන දරුදැරියන් විසිනි. එසේම කාර්යාලයේ නිලධාරීන් වන කාන්ති පතිරගේ මහත්මිය හා ලලිත් කුමාර මහතා විසින් නාට්‍යමය විරිඳු ගායනයක් ද ඉදිරිපත් කළහ.
උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය ධීවර අමාත්‍යාංශ අධ්‍යක්ෂ (සංවර්ධන) කපිල ජනක බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී. එසේම මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කල්ලන්චියේ පියරතන ස්වාමීන් වසන්සේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්(වැ.බ.) සමන්තිකා පී. ලියනගේ මහත්මිය ඇතුළු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා ගණකාධිකාරිතුමිය, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්, මිල්ලනිය දේවරක්ෂිත විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා පරගස්තොට විද්‍යාලයේ විදුහල්පතිතුමන් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.
 
396526755 646455767652028 4
398218987 646352460995692 7
398232934 646352317662373 6
398256888 646352254329046 8
රටේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ නව ආදායම් මාර්ග අරමුණු කර ගනිමින් බොහෝ දෙනෙකු ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු වෙමින් පවතී. නමුත් නිසි දැනුම්වත්භාවයකින් හෝ පුහුණුවකින් තොරව එවන් රැකියා අවස්ථා සඳහා යොමු වීමට වඩා, දැනුම හා පුහුණුව සහිතව ස්වයං රැකියා සඳහා යොමු වීම, ගැටළු සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අවම කරනු ඇත. මේ නිසා වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගනිමින්, උචිත ස්වයං රැකියා අවස්ථා පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන මේ වන විට විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පවතී.
අවශ්‍යතාවක් මෙන්ම විලාසිතාවක් ලෙස ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පාවහන් කර්මාන්තය සඳහා ප්‍රජාව දිරිගන්වමින්, ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023.10.23 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන ජාතික ව්‍යවසායකත්ව අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ I.B.M. පුහුණු උපදේශිකා දිලානි මේනකා මහත්මිය විසිනි. කොට්ඨාසයේ මේ වන විටත් පාවහන් නිෂ්පාදන කර්මාන්තයට යොමු වී ඇති සහ යොමු වීමට අපේක්ෂා කරන ප්‍රජාව වෙනුවෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 80කට අධික පිරිසක් සහභාගී වූ අතර අමුද්‍රව්‍ය හා අච්චු සපයා ගැනීමේ සිට ප්‍රමිතියෙන් යුතු පාවහන් නිෂ්පාදය කර වෙළඳපොළට යොමු කිරීම දක්වා වූ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගිකව ඔවුන් පුහුණු කිරීම සිදු කෙරුණි.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දැක් වූ සැමට ස්තූතිවන්ත වෙමු.
 
397969703 647359217561683 5
 
398007898 647359110895027 2
 
උත්සවයේ අරාධිතයින් ලෙස ශ්‍රී සුචරිත වර්ධනාරාමාධිපති ගරු පූජ්‍ය දාපනේ ධර්මා සුමනපාල මෙහෙණින් වහන්සේ, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, මිල්ලනිය සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී නෙලූපානි කළුබෝවිල මෙනෙවිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී දුෂ්මන්ත ධර්මසිරි මහතා, කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී මංගල අශෝක මහතා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී යසකුමාර කහවල මහතා සහ හොරණ වාසනා බේකර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රංජන් ප්‍රේමලාල් මහතා සහභාගී විය.
කොට්ඨාසයේ ග්‍රාමීය වැඩිහිටි කමිටු 44හි සාමාජිකයයින්ගේ විශේෂාංග රැසකින් සමන්විත වූ මේ හෝරා කිහිපය සාම්ප්‍රදායික නර්තනාංග, නිර්මාණාත්මක නර්තනාංග, ගීත ගායන, විරිඳු ගායන ආදී අංග රැසකින් සමන්විත වූහ. ඒ විශේෂාංග අතර 2023 ජාත්‍යන්තර වාඩිහිටි දිනයට සමගාමීව බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ පුරවැසි තරඟාවලිය සඳහා මිල්ලනිය වැඩිහිටි බලමණ්ඩලය නියෝජනය කරමින් සමූහ ගායනා අංශයේ ප්‍රථමස්ථානය දිනා ගත් සමූහ ගීත ගායනය ද, ඒකල ගායනා අංශයේ ප්‍රථමස්ථානය දිනාගත් පරගස්තොට ග්‍රාමීය වැඩිහිටි කමිටුවේ චන්ද්‍රා මුණසිංහ මහත්මියගේ ගායනය ද, තුන්වන ස්ථානය දිනාගත් බංකු රබන් වාදනයත ද ඇතුළත් විය. එසේම එම ජයග්‍රාහකයන් සඳහා තිලිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි.
උත්සවයේ උදෑසන තේපැන් සංග්‍රහය සඳහා පුන්සිරිපුර හා කෙලෙස්ගමුව ග්‍රාමීය වැඩිහිටි කමිටු අනුග්‍රහය දැක් වූ අතර, දහවල් ආහාරය සඳහා හොරණ වාසනා බේකර්ස් ආයතනය අනුග්‍රහය දක්වන ලදී. එසේම විශේෂාංග ඉදිරිපත් කළ සියලු වැඩිහිටියන් සඳහා තිලිණ ප්‍රදානය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය දක්වනු ලැබුවේ ද හොරණ වාසනා බේකර්ස් ආයතනයයි.
කොට්ඨාසයේ කලාකාමී වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන් අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ගෞරවණීය ස්තූතිය පුද කරමු.
ආදරණීය වැඩිහිටියනි, ආයු බොහෝ වේවා! නිදුක් නිරෝගී වේවා! කලාකාමී සිත් සතුටින් පිරි ඉතිරේවා!
 
397982557 647397537557851 6596826827110625686 n
 
 
398519664 647398140891124 6264521133633779834 n
396473628 647397797557825 4494111627027003927 n
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා, නව ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කර ගනිමින් ස්වයං රැකියා අවස්ථා පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද තවත් එක් වැඩසටහනක් 2023.10.27 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදී.
විසිතුරු අත්බෑග් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම උදෙසා සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ IDB පුහුණු උපදේශිකා දිලානි මේනකා මහත්මිය විසිනි. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන ජාතික ව්‍යවසායකත්ව අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි දී විසිතුරු බෑග් නිෂ්පාදය පිළිබඳ සියලුම පියවරන් ප්‍රායෝගික අත්දැකීමට හා සිදු කිරීමට ප්‍රජාවට අවස්ථාව හිමි විය.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දැක් වූ සැමට ස්තූතිවන්ත වෙමු.
 
397891006 647403190890619 3
397953714 647403444223927 1
 
රටේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ නව ආදායම් මාර්ග අරමුණු කර ගනිමින් බොහෝ දෙනෙකු ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු වෙමින් පවතී. නමුත් නිසි දැනුම්වත්භාවයකින් හෝ පුහුණුවකින් තොරව එවන් රැකියා අවස්ථා සඳහා යොමු වීමට වඩා, දැනුම හා පුහුණුව සහිතව ස්වයං රැකියා සඳහා යොමු වීම, ගැටළු සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අවම කරනු ඇත. මේ නිසා වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගනිමින්, උචිත ස්වයං රැකියා අවස්ථා පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන මේ වන විට විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පවතී.
අවශ්‍යතාවක් මෙන්ම විලාසිතාවක් ලෙස ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පාවහන් කර්මාන්තය සඳහා ප්‍රජාව දිරිගන්වමින්, ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා විසින් සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023.10.23 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන ජාතික ව්‍යවසායකත්ව අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ I.B.M. පුහුණු උපදේශිකා දිලානි මේනකා මහත්මිය විසිනි. කොට්ඨාසයේ මේ වන විටත් පාවහන් නිෂ්පාදන කර්මාන්තයට යොමු වී ඇති සහ යොමු වීමට අපේක්ෂා කරන ප්‍රජාව වෙනුවෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 80කට අධික පිරිසක් සහභාගී වූ අතර අමුද්‍රව්‍ය හා අච්චු සපයා ගැනීමේ සිට ප්‍රමිතියෙන් යුතු පාවහන් නිෂ්පාදය කර වෙළඳපොළට යොමු කිරීම දක්වා වූ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගිකව ඔවුන් පුහුණු කිරීම සිදු කෙරුණි.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දැක් වූ සැමට ස්තූතිවන්ත වෙමු.
 
398546951 647359024228369 2996607598230363131 n
 
398007898 647359110895027 2344638165388149787 n

News & Events

09
அக்2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

குடியுரிமை சாசனம்

Scroll To Top