මිල්ලනිය කොට්ඨාසයේ ප්රතිලාභීන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා අලෙවි පොල ඔක්තෝම්බර් මස 31 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්රයේදි සාර්ථකව පවත්වන ලදී.
ඒ සඳහා සහාය දැක්වූ ප්රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය හා සහකාර අධ්යක්ෂකතුමා ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන්ටත්, අනෙකුත් සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් ස්තූතිය පුද කර සිටිමි.

ජාත්යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය හා ප්රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “දෙටු පුරවැසි” රඟ සොබා 2022 වැඩිහිටි විවිධ ප්රසංගය 2022.10.28 දින පැවැත්විණි.එහිදී ප්රාෙද්ශීය ලේකම්තුමිය පිලිගැනීම හා අරමුණු පැහැදිලි කරමින් ප්රාෙද්ශීය ලේකම්තුමිය වැඩිහිටිවියේ අගය හා සිය අතීත වර්තමාන අනාගත කාලය වෙනුවෙන් කැපකල ජ්යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාදරයට පාත්රවිය යුතු පිරිසක් බව ද අවධාරණය කලේය. ජීවිතය විදිමින් වැඩිහිටි විය ගතකල යුතු බවද එතුමිය වැඩි දුරටත් සඳහන් කලාය.
දිස්ත්රික් වැඩිහිටි හිමිකමි ප්රවර්ධන නිලධාරී තුෂාර මහතා අදහස් දක්වමින් දිවයින පුරා ග්රාමීය වැඩිහිටි කමිටු පිහිටුවමින් වැඩිහිටිවිය හුදකලාවීමකින් තොරව ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවශ්ය පරිසරය සකසා දීම එම කමිටු පිහිටුවීමේ අරමුණු බව පැහැදිලි කලේය.



ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවීමෙන් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩ සටහනේ (බස්නාහිර පළාත) අනුග්‍රහයෙන් එන්.සී.සී කොන්ත්‍රාත් සමාගම ස්මැක් මාස්ටර් හේලීස් උපදේශන සමාගම හා ඉන්ඩිකොස් සේවා සැපයීමේ ආයතනය ඒකාබද්ධව වැඩ සටහන 2022.10.14 දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.
මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ IRoad ව්‍යාපෘතිය හරහා ප්‍රථිලාභ ලබන කෙලෙස්ගමුව,පෙතිගමුව දකුණ,මිල්ලනිය,දෙල්දොරවත්ත,වෙනිවැල්පිටිය යන වසම්වල ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ වසමකින් කාන්තා ප්‍රතිලාභීන් 03 ක් වැඩ සටහන සඳහා සහභාගී විය.
රුධිර පරීක්ෂාවක් සිදුකර සෞඛ්‍යමය වැඩ සටහන පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා සාර්ථකව ක්‍රියාත්මක විය.

















