මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2023.01.02 වන දින ආගමානුකූලව පිරිත් සජ්ජායනය අතරතුර චාරිත්‍රානුකූලව බී.ඒ.එන් දිල්රුක්ෂි මැතිණියගේ ප්‍රධානත්වයෙන් කිරි ඉතිරවීමෙන් ආගමානුකූලව නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.ජාතික ධජය ඔසවා ජාතික ගීය හා කාර්යාල ගීතය වාදනය කිරිමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් ලෙස නව වසරේ වැඩ කටයුතු ආරම්භ කීරීම වෙනුවෙන් ප්‍රතිඥාව ලබාදුනි.පසුව කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙකු නව වසර වෙනුවෙන් සභාව අමතන ලදී.

2020 වසරේ පැවැත්වූ ඵලදායීතා තරඟාවලියේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙනුවෙන් පිරිනැමූ කුසලතා සම්මානය හා සහතක පත්‍රය ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල නිලධාරීන් වෙත ලබා දීම ද සිදු කරන ලදි.

අනතුරුව කාර්යාලිය නියමුවරිය හරවත් කථාවක් කරමින් සභාව අමතන ලදී.මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂ සැළසුම් තුමා, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමා හා පරිපාලන නිලධාරීතුමිය ඇතුලු සියලූම නිලධාරීන් සහභාගී විය.

IMG 20230102 WA0059web

IMG 20230103 WA0007 nnweb


75 වන නිදහස් සැමරුමට සමගාමීව පරිසර සංරක්ෂණය තේමා කර ගනිමින් මිල්ලනිය ප්රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ රුක් රෝපන වැඩසටහනක් උඩුවර දකුණ,යටවර, පුන්සිරිපුර සහ ලබුගම යන ග්රාම නිලධාරී වසම් තුලදී 2022.11.18 දින සිදු කෙරිනි.
පරිසරය සංරක්ශණය කිරීම මගින් තිරසාර ආර්ථිකයක් ඇතිකර ගැනීම සහ අනාගත පරපුර වෙනුවෙන් පරිසර පද්ධතිය ආරක්ශා කරගැනීම අරමුණු කර ගනිමින් 75 නිදහස් දිනයට සමගාමීව ක්රියාත්මක කල මෙම වැඩසටහන සඳහා රෝපන ද්රව්ය ලබාදීම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය මගින් සිදුකරන ලදී.
මිල්ලනිය ප්රාදෙශීය ලේකම් කාර්යලීය නිලධාරීන් සහ ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ක්රියාත්මක කරන ලද මෙම රුක් රෝපන වැඩසටහන සඳහා උඩුවර ගොඩේවත්ත කෙත්තාරාමයේ විහාරාධිපති උඩුවර සුමනරතන හිමි සහ ප්රාදේශීය ලේකම්කාර්යාලයේ පරිපාලන ග්රාම නිලධාරීතුමන්,අදාල වසම් වල ග්රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම ලබුගම විද්යලයේ විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය මෙන්ම පාසල් දරු දැරියන් මේ අවස්ථාවට සහභාගී විය.
පරිසර පද්ධතිය ආරක්ශා කිරීම සදහා ඉතා සුළුවෙන් හෝ දායකත්වයක් සැපයීමට හැකියාවක් ලැබීම මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය ලෙස අප ලද මහත් භාග්යක් ලෙස සලකමු.
 
IMG 20221122 WA0003 new web
IMG 20221122 WA0001new WEB

බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්රියාවට නන්වන තිරසර පුණ්යග්රාම වැඩසටහනට සමගාමීව , කළුතර දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක කුමාර මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, මිල්ලනිය ප්රාදේශීය ලේකම් නිලූකා දිල්රුක්ෂි මැතිණියගේ අධීක්ෂණය හාඉමග පෙන්වීමෙන් , මිල්ලනිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී , සභාපති විහාරාධිපති වහන්සේලාගේ ආශිර්වාදයෙන් මිල්ලනිය මුල්ගඩකන්ද ශ්රී ජයන්තියාරාම විහාරස්ථානයේදී තිරසර පුණ්යග්රාම සමාලෝචන උත්සවය 2022.12.11 වන දින පෙ. ව. 8.30 ට බෞද්ධ කටයුතු සමායොජක නිලධාරී විරංග ප්රියදර්ශන මහතා සහ කල්යාණි මුණසිංහ මහත්මියගේ කැපවීම සහ සංවිධායක දායකත්වයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා මිල්ලනිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්රපති පූජ්ය මොල්ලිගොඩ අරියරතන නායක ස්වාමීන් වහන්සේ , ශ්රී ජයන්තියාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය ද, මිල්ලනිය ප්රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරමින් පරිපාලන ග්රාම නිලධාරීතුමන් ද සහභාගී විය. මෙම වැඩසටහනට සමගාමීව පුණ්යග්රාම කමිටු සාමජිකයින්ට සහ දහම් පාසල් දරුවන් අගයනු වස් සහතික පත්ර ප්රදානය කිරීම ද සිදුකරන ලදී.

vvvnewvvvvnew

ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම උදෙසා පසුගාමී ආර්ථික  කටයුතු අමාත්‍යංශය මගින් කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත ලබාදුන් මුදල් ප්‍රතිපාදන සහ ප්‍ර‍ථිලාභීනගේ මූල්‍ය දායකත්වය මත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එළු පාලනය දිරිමත් කිරීමේ අරමුණින් පළමු අධියර යටතේ මිල්ලගස්පොල වසමේ ජේ.සංජීව මහතා සහ වැලිකල වසමේ  නයනි දුශාන්ති මහත්මිය වෙත 2022.11.16 දින එළුවන් ලබා දීමේ වැඩසටහන මිල්ලනිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,මිල්ලනිය පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යතුමිය ,සත්ව සංවර්ධන නිලධාරීතුමා සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂි කර්ම නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම කාර්ය සිදු කිරීමේදී මිල්ලනිය පශු වෛද්‍ය කාර්යාලය මගින් ප්‍රථිලාභීන් සහ නිරෝගී සතුන් තොරා ගැනීම සඳහා මනා සහයෝගයක් ලබා දෙන ලදී.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය ඉහල නැංවීම මගින් ඔවුන්ගේ දරිද්‍රතාවය තුරන් කිරීම රජයේ අරමුණ වන අතර එම අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සිදු කරනු ලබන මෙවැනි කර්තව්‍යන් මගින් ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාවය අවම කර ගැනීමට ශක්තියක් වේවායි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැතුමයි.........

 

new webIMG 20221122 WA0008 new web

News & Events

06
ஜன2026
පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

පිළිකා රෝගින් සඳහා නොමිලේ හිසකෙස් ලබාදීම.

මිල්ලනිය ප්‍රාදේශිය කාන්තා බලමණ්ඩලයේ සමාජ මෙහෙවරක් වන...

குடியுரிமை சாசனம்

Scroll To Top