

මුල් ළමාවිය සංවර්ධනය පිලිබද ජාතික ලේකම් කාර්යාලය මගින් පර්යේෂණාත්මකව සකස් කරන ලද "මුල් ළමාවිය සංවර්ධන ප්රමිති වෙත දරුවා ළගා වන බව තහවුරු කර ගැනීම සදහා මුල් ළමාවියේ පසුවන දරුවන් තක්සේරුකරණය කිරීම සදහා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2022.11.03 හා 04 යන දෙදින තුළ මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.


මිල්ලනිය කොට්ඨාසයේ ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා අලෙවි පොල ඔක්තෝම්බර් මස 31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදි සාර්ථකව පවත්වන ලදී.
ඒ සඳහා සහාය දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය හා සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන්ටත්, අනෙකුත් සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් ස්තූතිය පුද කර සිටිමි.

පාසල් දරුවන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීමේ අරමුණින් විධානය කරන ලද ධාරිතා සංවර්ධන වැඩසටහන 2022.11.06 වන දින දිනය පුරා පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.
පාතකඩ කණිෂ්ඨ විද්‍යාලීය 8-11 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ තාර්කික හැකියාව, නිවැරදි තීරණ ගැනීම, දරා ගැනීම, සැලසුම්කරනය වැනි නායකත්ව ගුණාාංග ඇති කිරීමේ හා සංවර්ධනය කිරීගේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව, පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයය එක්ව සංවිධානය කරන ලදී.
මෙහි දී ජාතික තරුණ ගස්වා සභාවේ කළුතර දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ලලිත් වන්නිආරච්චි මහතා සහ මිල්ලනිය තරුණ සේවා නිලධාරි රුවන්ත මාලිංග ඇතුළු කණ්ඩායම අදාළ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
මේ සදහා දායකත්වය දැක් වූ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමන් ඇතුළු කණ්ඩායමට, විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා දෙමවිපින්ට ස්තූතිවන්ත වෙමු.ළමා ලොව වීරයන්ගේ හෙට දින වෙනුවෙන් දකින සිහින සැබෑ වේවායි මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ පැතුම් එක් කරමු.


ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “දෙටු පුරවැසි” රඟ සොබා 2022 වැඩිහිටි විවිධ ප්‍රසංගය 2022.10.28 දින පැවැත්විණි.එහිදී ප්‍රාෙද්ශීය ලේකම්තුමිය පිලිගැනීම හා අරමුණු පැහැදිලි කරමින් ප්‍රාෙද්ශීය ලේකම්තුමිය වැඩිහිටිවියේ අගය හා සිය අතීත වර්තමාන අනාගත කාලය වෙනුවෙන් කැපකල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාදරයට පාත්‍රවිය යුතු පිරිසක් බව ද අවධාරණය කලේය. ජීවිතය විදිමින් වැඩිහිටි විය ගතකල යුතු බවද එතුමිය වැඩි දුරටත් සඳහන් කලාය.
දිස්ත්‍රික් වැඩිහිටි හිමිකමි ප්‍රවර්ධන නිලධාරී තුෂාර මහතා අදහස් දක්වමින් දිවයින පුරා ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවමින් වැඩිහිටිවිය හුදකලාවීමකින් තොරව ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකසා දීම එම කමිටු පිහිටුවීමේ අරමුණු බව පැහැදිලි කලේය.















