ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලසීමාව තුළ ඇති වූ ආර්ථික පසුබෑම හමුවේ වුව ද, ජනතාවගේ අභිලාෂයන් ඉටු කරමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන් ලබා දුන් දායකත්වය ප්‍රශංසනීය වේ. එහිදී පසුගිය වසර පුරාවට රජයේ ක්‍රියාමාර්ග සාර්ථකව දියත් කළ රජයේ නිලධාරීන්, උදා වූ 2024 නව වසරේ ද රජයේ ප්‍රතිපත්ති ක්‍රියාදාමයන් හා ඒකාත්මික වෙමින් 2024.01.01 වන සඳුදා දින නව වසරේ රාජකාරි ආරම්භය සිදු කරන ලදී.
ඒ හා සබැඳී රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවයන් 2024.01.01 වන දින උදෑසන කාලයේ දී රාජ්‍ය ආයතන ආශ්‍රිතව සංවිධානය කර තිබූ අතර බිම් මට්ටමේ ජනතාවගේ සමීපතම රාජ්‍ය ආයතනයක් ලෙස මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය චාම් අයුරින් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදුනි. ආර්ථික සංවර්ධන නිලධාරී ප්‍රසාදිනී මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 25/2023 හි උපදෙස් මාලාව අනුව පෙළගස්වා තිබූ අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් මිල්ලනිය සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය විසින් ජාතික ධජය ඔසවන ලදී. අනතුරුව සියලු නිලධාරීන් විසින් අභිමානවත් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරනු ලැබීය.
පසුව උත්සවයේ පළමු අදියර සඳහා නිලධාරීන් කාර්යාලයීය පිළිගැනීම් පරිශ්‍රය වෙත එක්රැස් විය. ගරුතර ස්වාමීන් වහන්සේලා විසින් තුණුරුවන්ගේ ආශිර්වාදය පතා පිරිස පංචශීලයෙහි පිහිටවනු ලැබූ අතර උදා වූ වසර වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කරමින් ද ධර්මානුකූල උපදේශනයන් ලබා දෙමින් ද කෙටි අනුශාසනාවක් ඉදිරිපත් කරන ලදී. ඉන්පසු නව වසර සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින්, ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කිරි ඉතිර වීම සිදු කෙරුණි.
මීලඟට එළඹියේ උත්සවයේ දෙවන අදියරයි. ඒ සඳහා කාර්යාලයීය ශ්‍රවණාගාරය වෙත පැමිණි නිලධාරීන් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හා මිය ගිය කාර්යාලයීය නිලධාරීන් ස්මරණය වෙනුවෙන් විනාඩි 02 ක නිශ්ෂබ්දතාවක් පළ කළහ. අනතුරුව තම දකුණත ඉදිරියට ඔසවාගත් නිලධාරීන්, ග්‍රාම නිලධාරී දිමුතු මහතා විසින් සභාගත කළ 2024 රාජ්‍ය නිලධාරී ප්‍රතිඥාව හඬ නගා ප්‍රකාශ කරමින්, 2024 වර්ෂයේ රජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමට තමා වෙත පැවරෙන කාර්යභාරය කාර්යක්ෂමව හා අවංකව සිදු කිරීම උදෙසා ප්‍රතිඥා දෙනු ලැබීය. පසුව වත්මන් අභියෝග ජයගැන්ම සඳහා රජය දියත් කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳවත්, පුද්ගල අභිප්‍රේරණය පිළිබඳවත් සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය හා සංවර්ධන නිලධාරී චතුර්ධ ඉසාරංග මහතා විසින් කෙටි දේශනයන් පවත්වන ලදී.
උත්සවයට සමගාමීව කාර්යාල පරිශ්‍රය තුළ රුක් රෝපණයක් ද සංවිධානය කර තිබූ අතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමිය හා සැලසුම් අධ්‍යක්ෂතුමන් ඇතුළු මාණ්ඩලික හා අනෙක් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඖෂධීය නෙල්ලි පැලයක් රෝපණය කරන ලදී.
උදා වූ නව වසර ඔබටත් ඔබේ නිවැසියන්ටත් සෞභාග්‍යමත් නීරෝගිමත් නව වසරක් වේවා!
 
416699025 680917477539190 6
416733007 680917160872555 6
ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ශ්‍රවණාගාරය වෙත පිවිසීම සඳහා සුපුරුදු දොරටුවෙන් ඇතුල් වූව ද වෙනදා සුපුරුදු තරප්පු පෙල එහි නොවීය. තුරුලතා ගැවසුනු ගල්ලෙනකින් එය වැසී ගොසින් ය. ගල්ලෙන ආලෝකවත් කරන පහන් එළි දිගේ ශාලාව වෙත පිවිසියෙමි. වේදිකාව පැරැණි මැටි නිවසක එළිපත්තකි. එහි එක් පසෙකින් වී බිස්සකි. වේදිකා පාමුල ඇති දඬු වැට කෙළවර පහන් පැලකි. පහන් සිළුව සුළං සමඟ රඟ දෙද්දී එළිපත්තේ වාඩි වී සර්පිනා තබ්ලා වයන වාදක මඩුල්ලේ තාලයට වැඩිහිටි ඇත්තෝ රඟ දෙති. ගී ගයති. වේදිකාව ඉදිරියේ පැදුරු මත සිටි පුංචි පැටවුන් තම අත්තම්මාගේ ආතාගේ හපන්කම් බල බල අත්පුඩි තලති. මේ මිල්ලනිය පැදුරු සාජ්ජයයි. ආදරණීය වැඩිහිටියන්ගේ රසවින්දනය උදෙසා මිල්ලනිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල පියස වර්ණවත් වූ පැදුරු සාජ්ජයයි.
සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් සපයනු ලබන මූල්‍ය ප්‍රතිපාදන මත ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීමටත් ඔවුන්ගේ රසවින්දනය සඳහාත් පැදුරු සාජ්ජයක් පැවැත්වීමට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සාමාජසේවා අංශය යෝජනාවක් ගෙන ආවේ සමස්ත කාර්යාලයටම අපූරු ප්‍රබෝධයක් ගෙන එමිනි. එදින පටන්ම කොට්ඨාසයේ වැඩිහිටි කමිටු සාමාජිකයින් එක්රැස් කර ඔවුන්ගේ ගීත පුහුණු කරමින් ද, අනෙක් ගීත සඳහා තමන් පුහුණු වෙමින් ද, පරිශ්‍රය සහ වේදීකා පසුබිම් නිර්මාණය කරමින් ද මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සූදානම් වූයේ එය තමන්ගේම කලා මංගල්‍යයක් ලෙස සලකමිනි. වැඩිහිටියන්ගේ තාරුණ්‍ය රසවත් කළ මනරම් නූර්ති ගීත, නාඩගම් ගීත, වේදිකා නාට්‍ය ගීත, චිත්‍රපට ගීත සහ තවත් ගීත රැසක් පැදුරු සාජ්ජය සඳහා තෝරාගෙන තිබූ අතර ඊට සංගීතය සැපයීම සඳහා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදන අංශ නිලධාරීන් සතුටින් කැමැත්ත පළ කළහ.
මෙලෙස සංවිධානය වූ පැදුරු සාජ්ජය 2023.12.22 දින සවස් යාමේ කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වූයේ ප්‍රවීණ රංගධර ජනක් ප්‍රේමලාල් මහතා සහ කළුතර දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සමන්තිකා පී. ලියනගේ මහත්මිය ප්‍රධානත්වයෙනි. මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මිය ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම්වරු, මිල්ලනිය සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, තවත් මාණ්ඩලික නිලධාරීන්, කොට්ඨාසයේ රාජ්‍ය ආයතන, පාසල්, පොලිස් ස්ථාන, සිංහ සමාජය, ව්‍යාපාරික ප්‍රජාව, වැඩිහිටි බලමණ්ඩලය, වැඩිහිටි කමිටු නියෝජනය කරමින් ආරධිතයින් රැසක් ද කාර්යාලයීය නිලධාරීන් සහ කොට්ඨාසයේ ජනතාව ද මේ රසාලිප්ත සන්ධ්‍යාවට සම්බන්ධ විය. ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා පැදුරු සාජ්ජය සජීවීව නැරඹීමට ද පහසුකම් සපයා තිබුණි.
"මධුර යාමේ සුවඳෙ සාමේ
හිනහ වීලා එන්න රෑ මේ"
ඇත්තට එය මධුර යාමයකි. සිනා පිරි රාත්‍රියකි. ගී ගායනා මැද වැඩිහිටියන් තම තාරුණ්‍යයට නිසැකවම පිය මනින්නට ඇත. ඔවුන් මෙන්ම සමස්ත ප්‍රේක්ෂකාගාරය ද ගී රසින් කුල්මත් වූ බව නොරහසකි. මේ කටයුතු වෙනුවෙන් උපදේශනයෙන්, සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් අත්වැල් බැඳගත් සැමට ගෞරවණීයව ස්තුතිය පුද කරමු!
රැල්ලෙ කිරි වැල්ලේ හාදු දේවී
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී.
 
 414692213 677157247915213 1
414705950 677157127915225 5
414717587 677157034581901 2
414722112 677157357915202 5
414724018 677157341248537 1
 
හරිත පැහැ සොබාදම හැමවිටම නෙතට ප්‍රිය දසුනකි. මනසට සහනයකි. මිනිසා කෙතෙක් සොබාදම අභියෝගට ලක් කරන්නට වෙර දැරූවද, එය ව්‍යර්ථ වී යන්නේ එහි භයානක බලපෑම් නැවත පෙරලා එනුයේ මිනිසා වෙතටම බැවිනි. එබැවින් හරිත පැහැ සොබාදම වියැකී යන්නට නොදී, එය රැකගැන්ම, අප සොබාදම වෙත පමණක් නොව අප අප කෙරෙහිම ඉටු කරනා යුතුකමක්ම ය.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන "හුස්ම රකින තුරු මිතුරු" රුක් රෝපණ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023.12.12 දින පාතකඩ බණ්ඩාර දේවාරාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනි. ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත පරිසර සංවර්ධන නිලධාරී චරුන් ජයශංක මහතා විසින් සංවිධාන කළ මෙම වැඩසටහනෙහි දී විහාරස්ථානයේ භූමි පරිශ්‍රය තුළ මී, නෙල්ලි, අඹ, රඹුටන්, පේර වැනි පැල වර්ග රාශියක් රෝපණය කරන ලදී.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සංවිධානයෙන් සහ සහභාගිත්වයෙන් සහය ලබා දුන් විහාරස්ථ ස්වාමීන් වහන්සේලා, පරිපාලන ග්‍රාම නිලධාරී, මිල්ලනිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පාතකඩ ග්‍රාම නිලධාරී, පාතකඩ ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු අනෙක් සියලු නිලධාරීන් සහ ග්‍රාමීය ප්‍රජාවට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

412622199 673111328319805 7

412623938 673111681653103 5

ශ්‍රී ලංකාව මේ වන විට පසු කරමින් පවතින ආර්ථික වශයෙන් අසීරු කාලසීමාව, සමාජය කෙරෙහි බහුවිධි බලපෑම් එල්ල කරමින් පවතියි. ඉහල යන භාණ්ඩ මිල හා අවම වන මූල්‍යමය හැකියාව හමුවේ ජනතාව මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ද මහත් වෙහෙසක් දරමින් සිටිති. බොහෝ දෙනෙකු ස්වයංරැකියා වැනි අතිරේක ආදායම් අවස්ථා සඳහා දැනුම, තාක්ෂණය, අවස්ථාවන් සොයමින් පසුවෙති. කුඩා පරිමාණ ව්‍යාපාරකරුවන් ද ඉහල යන අමුද්‍රව්‍ය, ප්‍රවාහන, විදුලිය, සේවක වැටුප් ආදී වියදම් හා පහල යන ඉල්ලුම හා වෙළඳාම හමුවේ දැඩි අසීරුතාවන්ට මුහුණ දෙති.
බිම් මට්ටමේ ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනයක් ලෙස ඉහත සියලු පාර්ශ්ව වෙත සහනයක් සලසනු පිණිස, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද "සැමට සහන" අලෙවි ප්‍රදර්ශන 2023.12.15 සහ 16 යන දෙදින පුරා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අතිසාර්ථකව පවත්වන්නට යෙදුනි. කොට්ඨාසයේ කුඩා පරිමාණ ව්‍යාපාරකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව විවර කරමින් ද ප්‍රදේශයේ ජනතාවට සහන මිලට භාණ්ඩ මිල දී ගැනීමට ද අවස්ථාව විවර කරමින් ද පිසූ ආහාර, වියලි ආහාර, රෙදිපිලි, වේවැල් භාණ්ඩ, මැටි භාණ්ඩ, ප්ලාස්ටික් භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, මල් පැළ, විදුලි උපකරණ, සබන්, සුවඳ විලවුන්, මල් සැරසිලි, බිත්ති සැරසිලි, පාවහන් ආදී වෙළඳ කුටි අලෙවි ප්‍රදර්ශනය සඳහා එක් කර තිබුණි.
ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) සාරංගි ධීරරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් පරිදි කුඩා ව්‍යාපාර අංශය හා ආර්ථික සංවර්ධන නිලධාරී එකමුතුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනෙහි දී භාණ්ඩ අලෙවියට සමගාමීව තවත් වැඩසටහන් රාශියක් දියත් කළහ. ඒ අනුව පළමු දිනයේ දී එනම් 2023.12.15 වන දින නව ආදායම් අවස්ථා සොයන ප්‍රජාව වෙනුවෙන් සබන්, පාපිසි, බිම්මල්, හඳුන්කූරූ, පපඩම්, ග්ලිටර් බෝර්ඩ් නිර්මාණ ආදීය නිෂ්පාදනය සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩමුළු දවස පුරා පැවැත් විය. දෙවන දිනය එනම් 2023.12.16 දිනය වෙන් කර තිබුණේ දරුවන්ගේ රසවින්දනය සඳහායි. ඒ අනුව දරුවන් වෙනුවෙන් රචනා, පද්‍ය ගායනා, ගීත ගායනා, බැලුම් පිපිරවීම, ටොෆි ඇහිදීම, කණාමුට්ටි බිඳීම, අලියට ඇහැ තැබීම, සංගීත පුටු, තොප්පි දැමීම ආදී තරඟ රැසක් පැවැත් වූ අතර ජයග්‍රහණ හා සහභාගීත්වය සඳහා සහතික පත් ද ප්‍රදානය කෙරුණි.
මේ වෙනුවෙන් උපදේශනයෙන්, සහයෝගීත්වයෙන් හා සහභාගිත්වයෙන් සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට ගෞරවණීය ස්තුතිය පුද කරමු!
 414556601 676472951316976 7
 
 414698332 676473247983613 1
 
................................................................

කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවටත් මහජනතාවටත් සහන සැලසූ "සැමට සහන" භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනය - 2023.12.15 සහ 16

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වැඩි සැපයුම් හා සේවා ලබාගැනීම පිණිස 2024 වර්ෂය වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති පිළිගත් නිෂ්පාදකයින්ගෙන් /දේශීය ඒජන්තවරුන්ගෙන් /සැපයුම්කරුවන්ගෙන් /සේවා සැපයුම්කරුවන්ගෙන් සහ කොන්ත්‍රාත්කරුවන් අයදුම්පත් කැඳවනු ලැබේ.
පහත සඳහන් ආකෘතිය පරිදි සකස් කරන ලද අයදුම්පත් නිසි පරිදි සම්පුර්ණ කර 2023.12.15 දිනට පෙර දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කළුතර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “2024 වර්ෂය සඳහා භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම " යනුවෙන් සඳහන් කළ යුතුය.
 
404717537 661780666119538 7
 
405730172 661808512783420 5

News & Events

09
அக்2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

குடியுரிமை சாசனம்

Scroll To Top