


මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ශ්‍රවණාබාධ සහිත වැඩිහිටියන් නව දෙනෙකු සඳහා ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනක් 2023.06.30 වන දින මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මුල්‍ය අනුග්‍රහය යටතේ, මෙම වැඩසටහන සඳහා ශ්‍රවණ උපකරණ ලබා දිම සිදු කරනු ලැබුවේ Ear Master ආයතනයයි. මේ අවස්තාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය, Ear Master ආයතනයේ කළමනාකාරීතුමන් ඇතුලු කාර්යය මණ්ඩලය ද සහභාගී විය.


මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ආපදා කමිටු රැස්වීම 2023.4.21 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේ දී ප්‍රදේශීය ලේකම් බී.ඒ.එන්. දිල්රුක්ෂි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ආපදා කලමනකරණ ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ඇතුළු සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රාදේශීය සභා ආදී රාජ්‍ය ආයතන නිලධාරීන් සමඟ ඉදිරියේ ඇති වි හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් පිලිබඳව සාකච්ඡා කරන ලදී.


75 වන නිදහස් සමරුවට සමගාමීව මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය හා එක්ව ලබුගම, දෙල්දොරවත්ත සහ මුල්කඩකන්ද යන ග්‍රාම නිලධාරී වසම් වලදී ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවසථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය , පරිපාලන ග්‍රාම නිලධාරීතුමා සහ මුල්කඩකන්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේද, ලබුගම හේමමාලී භික්ෂුනි ආරාමයේ මෙහෙනින් වහන්සේලාද, අදාල වසම් වල ග්‍රාම නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලදාරීන් ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, අනෙකුත් රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී විය.
මෙම වැඩසටහන අදාල වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරී,ග්‍රාම නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හා එක්ව සංවිධානය කොට තිබුනි.
මෙහිදී අනුශාසනාව මුල්කඩකන්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර මෙම අවස්තා වලදී ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් රුක් රෝපනයේ ඇති වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳ අදහස් දැක්වීමද, මෙම කටයුතු මනාව සංවිධානය කරන ලද නිලධාරීන්ට සහ ප්‍රදේශවාසින්ට තුති පුදකිරීමද සිදුකරන ලදී.


















