කාලගුණික විපර්යාස, ජනගහන ඉහළ යාම, උද්ධමනය ආදී හේතු සාධක මත ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයකට මුහුණ දීම සඳහා අහාර සුරක්ෂිතතාව කාලීන මෙන්ම ගෝලීය අවශ්‍යතාවක්ව පවතින මොහොතක, ශ්‍රී ලංකාව ද ඒ වෙනුවෙන් පෙළ ගැස්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් ආහාර සුරක්ෂිතතා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.
එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක විකල්ප ආහාර භාවිතය දිරිගැන්වීම සඳහා දේශීය අල භෝග වගා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට අදාළ ඉලක්කගත ප්‍රගති සමාලෝචනය සහ ඇගයීමේ වැඩසටහන් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. එහි මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශයේ, කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ හා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් 2023.09.13 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් සමන්තිකා පී. ලියනගේ මහත්මියගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මිය, කෘෂිකර්ම උපදේශක සම්පත් මයා, ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී මේනකා අමරසිංහ මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහත්ම මහත්මීන් සහ වගාකරුවන්ගේ සහභාගීත්වයෙනි.
එහිදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලබා දී තිබූ අක්කර 11ක ඉලක්කගත වගා වපසරිය සඳහා මඤ්ඤොක්කා, කිරි අල, වැල් අල, බතල අල ආදී අල භෝග වගා කර දායකත්වය ලබා දුන් ගොවි බිම් ඇගයීම තුළින් තෝරාගත් වගාකරුවන් 32ක් දිරිගැන්වීම සඳහා රු.452,500.00ක මූල්‍ය ප්‍රතිලාභ ඔවුන් අතර ප්‍රදානය කිරීම සිදු විය. වගා කළ වගා වපසරි අනුව (අවමය පර්චස් 20 සිට උපරිමය පර්චස් 80 දක්වා) වගාකරුවෙකුට රු. 5,000.00 ත් - රු. 20,000.00 ත් අතර මුදලක් ප්‍රදානය කෙරුණි. මෙම වැඩසටහනට සමගාමීව තවදුරටත් වගා පුළුල් කිරිම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ වගාකරුවන් දැනුම්වත් කිරීම ද සිදු කරන ලදී.
 
379980686 621914106772861 8225256909510313820 n
380050844 621914040106201 4947270820048078317 n
380143726 621914263439512 7732554455673888145 n

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ශ්‍රවණාබාධ සහිත වැඩිහිටියන් නව දෙනෙකු සඳහා ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනක් 2023.06.30 වන දින මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මුල්‍ය අනුග්‍රහය යටතේ, මෙම වැඩසටහන සඳහා ශ්‍රවණ උපකරණ ලබා දිම සිදු කරනු ලැබුවේ Ear Master ආයතනයයි. මේ අවස්තාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය, Ear Master ආයතනයේ කළමනාකාරීතුමන් ඇතුලු කාර්යය මණ්ඩලය ද සහභාගී විය.

347399069 581190967511842 2007429072694187604 n

347395369 581486034149002 8

දරුවන් මනා ලෙස සමාජානුයෝජනය විම සඳහා ඔවුන් සතු දක්ෂතා, කුසලතා, සාරධර්ම, නායකත්වය සහ සාමුහිකත්වය ආදී ගුණාංග වර්ධනය වීම ඉතා වැදගත් වන අතර ඒ වෙනුවෙන් ළමා සමාජ සහභාගිත්ව තුළින් ලැබෙන පන්නරය අතිමහත් ය.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ පිහිටු වීම සහ සක්‍රීය කිරීමේ වැඩසටහන් මේ වන විට සාර්ථකව දියත් කරමින් පවතින අතර ඊට සමගාමීව දැල්කඩ විහාරස්ථානයේ ස්ථාපිත දැල්කඩ ශ්‍රි විජය දහම් පාසලේ ළමා සමාජය පිහිටු වීමේ වැඩසටහන 2023.07.02 දින විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පවත්වන ලදී
මේ අවස්ථාව වෙනුවෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ දෙමාපියන්ගේ ද සහභාගිත්වයෙනි. මෙහි දී ළමා සමාජයක ඇති වැදගත්කම මෙන්ම ළමා ආරක්ෂාව හා රැකවරණය පිළිබඳ ව සියලු දෙනා දැනුම්වත් කිරීම ද සිදු විය.
 
357515010 582674877363451 6
358019576 582674644030141 5
358123443 582674584030147 6

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ආපදා කමිටු රැස්වීම 2023.4.21  දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේ දී ප්‍රදේශීය ලේකම් බී.ඒ.එන්. දිල්රුක්ෂි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ආපදා කලමනකරණ ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ඇතුළු සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රාදේශීය සභා ආදී රාජ්‍ය ආයතන නිලධාරීන් සමඟ ඉදිරියේ ඇති වි හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් පිලිබඳව සාකච්ඡා කරන ලදී.

                 IMG 20230426 WA0018 WEB

IMG 20230426 WA0016 WEB

News & Events

09
அக்2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

குடியுரிமை சாசனம்

Scroll To Top