නිසි වයස සම්පූර්ණ කළ පුරුෂයෙක් හා ස්ත්‍රියක්, ජීවිත කාලය පුරාවට එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව, ස්ව කැමැත්තෙන් ගොඩනගා ගන්නා ආයතනය විවාහයයි. විවාහයක් ගොඩ නැගීම තුළ, පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් ජනිත වන බැවින්, එය නීතිය විසින් පිළිගන්නා පරිදි සිදුවිය යුත්තක් වන අතර, ස්ත්‍රියක් හා පුරුෂයෙක් හුදෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවේ.
එකිනෙකා කෙරෙහි ඇති වූ සෙනෙහෙවත්තකම හේතුවෙන්, බොහෝ කාලයක් එකට වාසය කළ ද, නිත්‍යානුකූලව විවාහ බන්ධනයට ඇතුළත් නොවූ අවිවාහක යුවලවල්, විවාහ කර දීම සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ සොඳුරුතම විවාහ මංගලෝත්සවය "මංගල සීනු" නමින්, 2024.12.12 වනදා කාර්යාලයීය ශ්‍රවණාගරයේ දී පවත්වන්නට යෙදුනේ, ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණිගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත, කාර්යාලයීය ළමා හා කාන්තා ඒකකය හා සංස්කෘතික නිලධාරීන් දෙපළ විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා, ග්‍රාම නිලධාරීන්ගේ සහ සංවර්ධන නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ හඳුනාගත්, අවිවාහක යුවල 06ක් සහභාගී විය.
සොඳුරු මංගල ඇඳුමින් සැරසුනු මනාල යුවල 06, කාර්යාලයීය නිලධාරීන්ගේ උණුසුම් පිලිගැනීම මැද, තම නෑදෑ හිතමිතුරන් සමගින් කාර්යාලයීය ශ්‍රවණාගාරය වෙත පිවිසෙනු ලැබීය. පාතකඩ ආර්ථික සංවර්ධන නිලධාරී ජී. චන්ද්‍රමාලි මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම උත්සව අවස්ථාව ආරම්භ කරමින්, මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේ සැම දෙන පංචශීලයේ පිහිටවනු ලැබූ සේක. අනතුරුව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් (වැ.බ.) දිල්හානි නන්දන මහත්මිය ඉදිරියේ මනාල යුවලවල් විවාහ දිවියට පත් වූ අතර, විවාහයේ සාක්ෂි ලෙස ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් හා සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් අත්සන් තැබූහ. විවාහයන් ලියාපදිංචිය සඳහා අවැසි සියලු මූල්‍ය ගෙවීම්, පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදු කරන ලදී.
පොල්තෙල් පහන්සිල දැල්වීමෙන් පසු සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් කැවුම්, කොකිස්, කිරිබත්වලින් හැඩවුනු මංගල කෑම මේසයක් ද විවෘත විය. ඉන්පසු ලෙනවර ඉඳුවර ස්ටූඩියෝ ආයතනයේ අනුග්‍රහයෙන් මංගල ඡායාරූප ලබා ගැනීමට ද නව මනාල යුවලයන්ට අවස්ථාව සලසා දුන් අතර, උත්සවය අවසානයේ දී වියළි ආහාර සහිත පාර්සලයක් ද ත්‍යාග වශයෙන් පිරිනමන ලදී. ඔවුන්ගේ විවාහයේ විශේෂ අවස්ථා ඇතුළත් සේයාරුවක් මනාල යුවල වෙත ඉදිරියේ දී ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම උත්සව අවස්ථාව සඳහා මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්, සමෘද්ධි කළමනාකාර මහත්ම මහත්මීන්, ප්‍රාදේශිය කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය මෙන්ම මිල්ලනිය පොලිස් ස්ථානය, හල්තොට රෝහල හා මිල්ලනිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ. එහිදී මහජන සෞඛ්‍ය හෙද නිලධාරීනිය, උපදේශන නිලධාරී A.L.W. අනුරාධා මිය හා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපිකා දමයන්ති කුරේ මිය විසින් යහපත් විවාහ දිවියක් ගත කිරීම පිලිබඳ කෙටි දේශනයන් ද පවත්වන ලදී.
නව විවාහපත් සැමට සුබ විවාහ දිවියක් පතමු!
471643969 900750015555934 1054585038270426852 n
471235032 900749662222636 7854697037479603966 n
471523607 900750048889264 8058707222329948790 n
 471520568 900749392222663 146830409236423709 n
වප් පුන් පොහොය දිනය, බෞද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පුන් පොහෝ දිනයකි. බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම, මෛත්‍රී බෝසතුන් පැවිදි වීම, සැරියුත් තෙරුන්ට ප්‍රඥාවෙන් අගතැම්පත් තනතුර ප්‍රදානය කිරීම, සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිවට පිටත් වීම, වස් පවාරණය කිරීම ඒ අතර වන වැදගත් සිදුවීම් කිහිපයකි.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ මානසික සුවය ඉහල නැංවීම පිණිස, මාසිකව සංවිධානය කරනු ලබන "වැඩබිමයි පුදබිමයි" පෙර පොහෝ දින ධර්ම දේශනා පිංකම් මාලාවේ, වප් පොහෝ දිනය මූලික කර ගත් ධර්ම දේශනා පිංකම, 2024.10.23 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. දැල්කඩ ශ්‍රී විජය චන්ද්‍රාරාම විහාරවාසී, කහටගහපිටියේ දේවානන්ද සාමණේර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්ම දේශනා පිංකම සඳහා, බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ ආර්ථික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් විසිනි.
ධර්මාලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වේවා!
 
470535558 896298439334425 8420432785386355217 n
470202621 896298266001109 6809752890898607257 n
470223477 896298386001097 2091894376966161984 n

රාජ්‍ය නිලධාරීන්ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ තිස්වන දිගහැරුම රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්⁣ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද" අපි අපිම වෙමු"  වැඩසටහන් මාලාවේ තිස්වන වැඩසටහන මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.10.16 වන බදදා දින සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහනේ නිවේදන කටයුතු 639 පාතකඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ජි. චන්ද්‍රමාලි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය. ක්ෂේත්‍ර අංශය නියෝජනය කරමින් කේ.කේ රිවිනි වාසනා මහත්මිය විසින් ඇයගේ විෂය පථයන්ට අදාළව ජාතික ඒකාබද්ධතා ප්‍රතිප්ති ක්‍රියාත්මක කරන ආකාරයත් ඊට අදාළව තොරතුරු යාවත්කාලීන කිරීම පිළිබඳවත් , ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැනත් හරවත් නිර්මාණශීලී දේශනයක් සිදුකරනු ලැබුවාය. වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම සඳහා 638  උඩුවර බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී පාලිකා නිලංගනි මහත්මිය සහභාගි වුවාය.
එහිදි ඇය විසින් වසමේ ජනතාව මුහුණ දෙන සාමාජික, ආර්ථික ගැටලු පිළිබඳවත් ,ඒ සඳහා ඇය විසින් ඔවුන්ගේ සුබ සාධනය  උදෙසාක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහන් පිළිබඳවත් ,ස්වයං රැකියවන්හි නියෙලමෙන් දිවි සරුකරගන්නා තරුණ පිරිස මෙන්ම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්  උඩුවර බටහිර වසමේ සුන්දර මිනිසුන් පිළිබඳවත් දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවාය .
අපි අපිම වෙමු" වැඩසටහන රසගැන්වීම සඳහා ගීත ගායනයෙන්ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි රසාංගිකා මහත්මිය හා ඉෂිනි සන්ද්‍යා මහත්මිය සහභාගි වුහ .සමස්ථ වැඩසටහන පිළිබඳව සාමාලෝචනය වෙනුවෙන් අදහස් දැක්වීමට ආර්ථික සංවර්ධන නිලධාරී තරංග ඩයස් මහතා හා සමථ සංවර්ධන නිලධාරී එච්.එන් උදයංගනි යන මහත්ම මහත්මීන් අවස්ථාව ලබා ගත්හ.
සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) පුෂ්පකුමාර එල්ලාවල මහතා හා  ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් හා ඇගයුම් ලබදීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්විය.

469178518 887763430187926 8907000092668790786 n

469040321 886976536933282 8364556491768961104 n

469096606 886976726933263 293506576117705030 n

 

 

News & Events

09
Oct2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

Scroll To Top