මේ පෙබරවාරි මාසයයි. දේශයක් ලෙස එකාවන්ව එකට එක් වී, දේශයේ අභිමානවත් නිදහස සමරන මාසයයි. යටත් විජිතයක්ව පැවතී මාතෘ භූමිය, එදා 1948.02.04 දින නිදහස් නිවහල් දේශයක් ලෙස නැගී සිට වසර 77ක් ගෙවී අවසන්ය. අභීත හෙළ විරුවන්ගේ ලේ, දහඩිය මතින්, ප්රාණය ද පුදා නිදහස ජයගත් ඒ අභිමානවත් දිනය සමරමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ මිල්ලනිය ප්රාදේශීය ළමා සභාව එක්ව සංවිධානය කරන ලද, "නිදහසේ අභිමන්" ජාතිකාභිමානී ගී දැහැන හා සංස්කෘතික ප්රසංගය 2025.02.14 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී විචිත්ර අන්දමින් පවත්වන්නට යෙදුණි.
මිල්ලනිය සහකාර ප්රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මෙනෙවියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා, මිල්ලනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන්, මිල්ලනිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය, අඟුරුවාතොට පොලිස් ස්ථානයේ ප්රජා සංවර්ධන නිලධාරීතුමිය, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්යක්ෂතුමන්, පරිපාලන නිලධාරීතුමිය හා පරිපාලන ග්රාම නිලධාරීතුමන් ආරාධිතයින් ලෙස සහභාගී විය.
වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින්, ජාතික ධජය ඔසවා, ජාතික ගීතය ගායනය කිරීම සිදු කළ අතර, ළමා සමාජ දරුවන්ගේ බෙර වාදන හා නර්තන හරසර මැදින් ආරාධිතයින් ප්රධාන ශාලාව වෙත පිවිසියහ. ලාංකේය සංස්කෘතියට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීම සඳහා ආරාධිතයින් එක් වූ අතර, සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදය ගෙන දෙමින් පංචසිලයෙහි පිහිටවනු ලැබුවේ, මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, අරකාගොඩ ලංකාතිලක විහාරස්ථානයේ විහාරාධිපති, කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේ විසිනි. නිදහස වෙනුවෙන් උර දුන් විරුවන් සිහි කිරීමෙන් අනතුරුව උත්සවයේ ආරාධිතයින් ඇතුළු සියලු දෙනා පිළිගනිමින්, මිල්ලනිය ප්රාදේශිය ළමා සභාවේ සභාපති කොවිඳු කේසර දරුවා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.
සරස්වතී දේවිය සිහි කරමින් ළමා සමාජ දැරියන් රඟ දැක් වූ මනරම් පූජා නර්තනයෙන්, ජාතිකාභිමානි ගී දැහැන හා සංස්කෘතික ප්රසංගයේ කලා අංග ආරම්භ වූ අතර, කොට්ඨාසයේ ළමා සමාජ 20ක දරුවන් 300ක් පමණ ප්රසංගයේ දක්ෂතා දැක්වීමට එක් වූහ. ජාතිකාභිමානී ගීත ගායනයන්, ජාතිකාභිමානී ගීත ආශ්රිත නිර්මාණාත්මක නර්තනයන්, ලාංකේය විවිධ නර්තන සම්ප්රදායන් විදහා දැක් වූ නර්තනයන්ගෙන් වැඩසටහන වර්ණවත් විය.
සභාව ඇමතූ සහකාර ප්රාදේශිය ලේකම්තුමිය පවසා සිටියේ දරුවන් තුළ ජාතිකාභිමානී හැඟුමන් වර්ධනය කිරීම උදෙසාත්, දරුවන්ගේ මෘදු කුසලතා හා කලා කුසලතා වර්ධනය කිරීම උදෙසාත් මෙවන් වැඩසටහන් සංවිධානය කිරීම අතිශය වැදගත් වන බවයි. කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ක්රියාකාරී ළමා සමාජවල අනුශාසකවරුන් ඇගයීමේ වැඩසටහන යටතේ, සම්මානලාභී මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ අනුශාසකවරුන් තිදෙනෙකු, එනම් පුන්සිරිපුර සමාධි ළමා සමාජයේ අනුශාසක ශාන්ති පෙරේරා, ගල්පාත බටහිර ළමා සමාජයේ අනුශාසක සුගත් වික්රමසිංහ සහ වැලිකල පැරකුම් හා පෙතිගමුව උතුර බෝධි ළමා සමාජ ද්විත්වයෙහි අනුශාසක කිත්සිරි කළුබෝවිල යන මහත්ම මහත්මීන් අගය කිරීම ද මෙම ප්රසංගයට සමගාමීව සිදු කරන ලදී. ප්රසංගයේ ප්රධාන සංවිධායක ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී රූපිකා දමයන්ති මහත්මියගේ ස්තූති කථනයෙන් වැඩසටහන සමාප්ත විය.
සැමදා රකිමු අමිල නිදහස!
480780575 941590591471876 947837509821100007 n
 
480578003 941590811471854 8250338244659403559 n
"උත්සහවන්තම ග්රාම නිලධාරී" ව්යාපෘතිය, ශ්රී ලාංකේය රාජ්ය යාන්ත්රණය තුළ, ජනතාවට සමීපතම රජයේ නිලධාරියා ලෙස, ග්රාම නිලධාරී තනතුර මගින් පැවරී ඇති රාජකාරි ඉටු කිරීමේ දී, පවතින සීමිත සම්පත් හා ශිල්පීය ඥානය, නිර්මාණශීලීව භාවිතා කරමින්, ප්රියමනාප සේවා පරිසරයක් තුළ වඩාත් කාර්යක්ෂම සුහදශීලී සේවාවක් සේවාලාභීන් වෙත ලබාදීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ විශේෂ ව්යාපෘතියකි.
අදියර හතරක් යටතේ ක්රියාත්මක මෙම වැඩසටහනෙහි, පළමු සහ දෙවන අදියරයන් සඳහා පිලිවෙලින් ග්රාම නිලධාරී කාර්යාල 09ක් සහ 10ක් තෝරා ගෙන තිබුණි. මෙහිදී සිදු වනුයේ ඵලදායිතා සංකල්ප හා රාජ්ය පරිපාලන චක්රලේඛ අනුව යමින්, කාර්යක්ෂම සහ සඵලදායී ජනතා සේවයක් ලබා දීම උදෙසා තාම සතු ශිල්පීය ඥානය හා සීමිත සම්පත් නිර්මාණශීලිව යොදා ගැනීමට දැඩි උත්සහයක නිරත වී සිටින ග්රාම නිලධාරීන් හඳුනා ගෙන ඔවුන් ඇගයීම හා ඒ තුළින් අනෙක් ග්රාම නිලධාරීන් ද අභිප්රේරණය කිරීමයි. ඒ ඒ අදියරයන්හි දී ඵලදායිතා සංවර්ධන නිලධාරී, පරිපාලන ග්රාම නිලධාරී සහ මාණ්ඩලික නිලධාරීන් අවස්ථා කිහිපයක දීම, එම තෝරා ගත් ග්රාම නිලධාරී කාර්යාලයන් නිරීක්ෂණය කරමින්, සකස් කර ගත් නිර්ණායක ඔස්සේ ඇගයීම් ලකුණු ලබා දෙනු ලැබීය. වැඩිම ලකුණු ලබාගත් ග්රාම නිලධාරී "උත්සහවන්තම ග්රාම නිලධාරී" ලෙස ජයග්රහණය කරයි.
මෙම ව්යාපෘතියෙහි, මේ වන විට අවසන් කර ඇති පළමු සහ දෙවන අදියරයන්ගේ ජයග්රාහකයන් ඇගයීම උදෙසා පවත්වනු ලැබූ, සම්මාන හා සහතිකපත්ර ප්රදානෝත්සවය 2025.01.31 දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පවත්වන්නට යෙදුණේ, ප්රාදේශීය ලේකම් එරංගි ප්රනාන්දු මැතිනියගේ ප්රධානත්වයෙනි. පලමු අදියරෙහි ප්රථම, දෙවන හා තෙවන ස්ථානයන් දිනා ගනු ලැබුවේ පිලිවෙලින් 649/සී අධිකාරීගොඩ ග්රාම නිලධාරී තිලිනි විජේමාන්න මිය, 653 ලබුගම ග්රාම නිලධාරී ඉන්දිකා ක්රිෂාන්ති මිය හා 655 ගුංගමුව ග්රාම නිලධාරී මේනකා පෙරේරා මියයි. එසේම 647/බී කෙලෙස්ගමුව ග්රාම නිලධාරී චාමිකා ලක්මාලි මිය, 653/බී පෙතිගමුව උතුර ග්රාම නිලධාරී අමිලා ඉරෝෂිණී මිය හා 644/සී රද්දේගොඩ ග්රාම නිලධාරී සේපාලිකා කුමාරි මිය, දෙවන අදියරෙහි ප්රථම දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් දිනා ගනු ලැබීය.
ජයග්රාහී සැමට උණුසුම් සුභ පැතුම්!
තෙවන හා සිව්වන අදියරයන් සමගින් හමුවෙමු!
475132915 934713445492924 5904039086151324007 n
476751527 934713838826218 1270104778517302760 n
 
නිසි වයස සම්පූර්ණ කළ පුරුෂයෙක් හා ස්ත්රියක්, ජීවිත කාලය පුරාවට එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව, ස්ව කැමැත්තෙන් ගොඩනගා ගන්නා ආයතනය විවාහයයි. විවාහයක් ගොඩ නැගීම තුළ, පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් ජනිත වන බැවින්, එය නීතිය විසින් පිළිගන්නා පරිදි සිදුවිය යුත්තක් වන අතර, ස්ත්රියක් හා පුරුෂයෙක් හුදෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවේ.
එකිනෙකා කෙරෙහි ඇති වූ සෙනෙහෙවත්තකම හේතුවෙන්, බොහෝ කාලයක් එකට වාසය කළ ද, නිත්යානුකූලව විවාහ බන්ධනයට ඇතුළත් නොවූ අවිවාහක යුවලවල්, විවාහ කර දීම සඳහා මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ සොඳුරුතම විවාහ මංගලෝත්සවය "මංගල සීනු" නමින්, 2024.12.12 වනදා කාර්යාලයීය ශ්රවණාගරයේ දී පවත්වන්නට යෙදුනේ, ප්රාදේශිය ලේකම් එරංගි ප්රනාන්දු මැතිණිගේ ප්රධානත්වයෙනි.
ප්රාදේශිය ලේකම් එරංගි ප්රනාන්දු මහත්මියගේ උපදෙස් මත, කාර්යාලයීය ළමා හා කාන්තා ඒකකය හා සංස්කෘතික නිලධාරීන් දෙපළ විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා, ග්රාම නිලධාරීන්ගේ සහ සංවර්ධන නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ හඳුනාගත්, අවිවාහක යුවල 06ක් සහභාගී විය.
සොඳුරු මංගල ඇඳුමින් සැරසුනු මනාල යුවල 06, කාර්යාලයීය නිලධාරීන්ගේ උණුසුම් පිලිගැනීම මැද, තම නෑදෑ හිතමිතුරන් සමගින් කාර්යාලයීය ශ්රවණාගාරය වෙත පිවිසෙනු ලැබීය. පාතකඩ ආර්ථික සංවර්ධන නිලධාරී ජී. චන්ද්රමාලි මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම උත්සව අවස්ථාව ආරම්භ කරමින්, මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේ සැම දෙන පංචශීලයේ පිහිටවනු ලැබූ සේක. අනතුරුව මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතිරේක දිස්ත්රික් රෙජිස්ටාර් (වැ.බ.) දිල්හානි නන්දන මහත්මිය ඉදිරියේ මනාල යුවලවල් විවාහ දිවියට පත් වූ අතර, විවාහයේ සාක්ෂි ලෙස ග්රාම නිලධාරී මහත්ම මහත්මීන් හා සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් අත්සන් තැබූහ. විවාහයන් ලියාපදිංචිය සඳහා අවැසි සියලු මූල්ය ගෙවීම්, පරිත්යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදු කරන ලදී.
පොල්තෙල් පහන්සිල දැල්වීමෙන් පසු සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් කැවුම්, කොකිස්, කිරිබත්වලින් හැඩවුනු මංගල කෑම මේසයක් ද විවෘත විය. ඉන්පසු ලෙනවර ඉඳුවර ස්ටූඩියෝ ආයතනයේ අනුග්රහයෙන් මංගල ඡායාරූප ලබා ගැනීමට ද නව මනාල යුවලයන්ට අවස්ථාව සලසා දුන් අතර, උත්සවය අවසානයේ දී වියළි ආහාර සහිත පාර්සලයක් ද ත්යාග වශයෙන් පිරිනමන ලදී. ඔවුන්ගේ විවාහයේ විශේෂ අවස්ථා ඇතුළත් සේයාරුවක් මනාල යුවල වෙත ඉදිරියේ දී ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම උත්සව අවස්ථාව සඳහා මිල්ලනිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්, සමෘද්ධි කළමනාකාර මහත්ම මහත්මීන්, ප්රාදේශිය කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය මෙන්ම මිල්ලනිය පොලිස් ස්ථානය, හල්තොට රෝහල හා මිල්ලනිය මහජන සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ. එහිදී මහජන සෞඛ්ය හෙද නිලධාරීනිය, උපදේශන නිලධාරී A.L.W. අනුරාධා මිය හා ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී රූපිකා දමයන්ති කුරේ මිය විසින් යහපත් විවාහ දිවියක් ගත කිරීම පිලිබඳ කෙටි දේශනයන් ද පවත්වන ලදී.
නව විවාහපත් සැමට සුබ විවාහ දිවියක් පතමු!
471643969 900750015555934 1054585038270426852 n
471235032 900749662222636 7854697037479603966 n
471523607 900750048889264 8058707222329948790 n
 471520568 900749392222663 146830409236423709 n


ස්වෝත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම මෙහෙයවා, ව්‍යවසායක ලෝකය තුළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා පියමනින, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායක ප්‍රජාව දිරිගන්වනු වස්, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සංවිධානය කළ "මිල්ලනි ව්‍යවසාභිමානී 2024" තරඟය, මිල්ලනිය කොට්ටාසයේ ග්‍රාමීය ව්‍යවසායක ප්‍රජාවට නවමු අත්දැකීමක් විය. මෙම තරඟය සදහා කොට්ඨාසයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට සහයෝගය ද ලබා දෙමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ව්‍යාපාර නාම ලියාපදිංචිය, ගිණුම් පොත් තැබීම, ලේබල්කරණය, ඇසුරුම් කිරීම, විදෙස් වෙළෙඳපොල අවස්ථා, ප්‍රචාරණය, සමාජ මාධ්‍ය භාවිතය, වෙළඳබලපත්‍ර ආදි ක්ෂේත්‍ර පිළිබඳ විවිධ පුහුණු වැඩමුළු සහ ක්ෂේත්‍ර චාරිකා ද සංවිධානය කරනු ලැබිණි. එම වැඩමුළු සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ව්‍යවසායකත්ව සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (aat), ජාතික ශිල්ප සභාව, මිල්ලනිය ප්‍රාදේශීය සභාව, හල්තොට මහජන සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය ආදී ආයතනයන්හී සම්පත්දායකත්වය හිමි විය.

තරඟයට අයඳුම් කළ 70 වකට අධික තරඟකරුවන් අතරින් සුදුසුකම් පරික්ෂා කිරීමේ අදියර, සම්මුඛ පරීක්ෂණ අදියර හා අයතන නිරීක්ෂණ අදියර යන අදියර ත්‍රිත්වය ජයගනිමින්, ජයග්‍රහණය කළ ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් මිල්ලනිය ව්‍යවසාභිමානී 2024 සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානප්‍රදානෝත්සවය, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ත්‍රිමාන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, 2024.12.20 වන දින, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.

කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් ත්‍රිමාන්න මැතිතුමන් සමග මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ආරාධිතයින් ලෙස සහභාගී වූ හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා මැතිණිය, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් නිසංසලා පෙරේරා මැතිණිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) ඩී.එම්.පී. දිසානායක මැතිතුමා, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ (පාලන) නලින් චින්තක මැතිතුමා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම්.එන්.එෆ්. ෂාහිනා මැතිණිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.ඒ.සී.ඩී. සාවිත්‍රි මැතිණිය, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ රොහාන් දෙල්ගොඩ මැතිතුමා, මිල්ලනිය සහකාර ප්‍රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මැතිණිය, ගණකාධිකාරි කසුරි ගයන්තිකා මැතිණිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂ පී. එල්ලාවල මැතිතුමා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සම්පාදක එච්.එම්.එස්. හේරත් මහතා, කුඩා ව්‍යාපාර අංශයේ සංවර්ධන නිලධාරී කුෂාන් අකලංක මහතා, කළුතර දිස්ත්‍රික් විදාතා නිලධාරී කේ.ඩී.පී.ඩී. සිරිවර්ධන මහත්මිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසාය සංවර්ධන උපදේශක ගයාන් විතාරණ මහතා, ව්‍යාපාර භූෂණ, දේශබන්දු ප්‍රදීප් ප්‍රනාන්ද මහතා සහ එතුමන්ගේ කළමණාකරු රෝහාන් මහතා පොල්තෙල් පහන්සිළු දල්වා වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

සංවර්ධන නිලධාරී චතුර්ධ ඉසාරංග මහතාගේ මෙහෙය වීමෙන් ආරම්භ වූ සම්මාන ප්‍රදානෝත්සවයේ, ආරාධිතයින් ඇතුළු සියලු දෙනා පිලිගනිමින්, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණිය පිලිගැනීමේ කතාව සිදු කළහ. ඉන්පසු උත්සවය හැඩගන්වමින් ලබුගම ජිත්රූ කලායතනය සොඳුරු නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසාය සංවර්ධන උපදේශක, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක (ක්ෂුද්‍ර ණය) ගයාන් විතාරණ මහතා විසින් ආරාධිත දේශනය ඉදිරිපත් කරන ලදී.

ඉන්පසු සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය ආරම්භ විය. පළමුව තරඟයේ අවසන් වටය නියෝජනය කළ ලුෂී ක්‍රියේෂන් ආයතනයෙහි අධිපති දිල්නි හංසිකා මෙනෙවිය, රීඩ් ක්‍රියේෂන් ආයතනයෙහි අධිපති යශෝමා ප්‍රියංගනී මහත්මිය, යසචන්ද්‍ර ට්‍රැඩිෂනල් මාස්ක් හවුස් ආයතනයෙහි අධිපති නෙලුක චන්ද්‍රනාත් මහතා, නිව් නව රස ආයතනයෙහි අධිපති රේණුකා ප්‍රියංගනී මහත්මිය, රශ්මි බයිට් ආයතනයෙහි අධිපති අරුණ නිරෝෂන් මහතා, ස්ටාර් ආහාර නිෂ්පාදන ආයතනයෙහි අධිපති නන්දිමිත්‍ර ස්ටැන්ලි මහතා, කොකෝ ක්‍රාෆ්ට් ආයතනයෙහි අධිපති මංජුලා පෙරේරා මහත්මිය යන ව්‍යවසායකයින් හත් දෙනා සඳහා, විශිෂ්ඨ කුසලතා සහතික ප්‍රදානයන් සිදු කරනු ලැබීය. තරඟයේ තෙවන ස්ථානය දිනා ගනිමින් මලීෂ බේබි පැෂන් ආයතනයෙහි අධිපති සුසන්තිකා දමයන්ති මහත්මිය සම්මානයට පාත්‍ර විය. දෙවන ස්ථානය දිනා ගනිමින් සම්පත් ඒ.එස්.ඕ.වුඩ් පුද්ගලික සමාගමේ අධිපති නුවන් සම්පත් මහතා සම්මානයට පාත්‍ර විය. මිල්ලනිය ව්‍යවසාභීමානි 2024 තරඟයේ හොඳම ව්‍යවසායකයා උදෙසා පිදෙන සම්මානය දිනා ගනු ලැබුවේ ලක් නේචර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධිපති ලක්මිණී නදීශානි වීරක්කොඩි මෙනෙවියයි. ජයග්‍රාහකයිහට සම්මාන සමඟින් මුදල් ත්‍යාග ද හිමි විය. අපනයන සංවර්ධන නිලධාරී සමන්තිකා වික්‍රමරත්න මහත්මියගේ ස්තූති කතාවෙන් පසු උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මාන සකස් කිරීම සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවේ මොරටුව ජාතික මෝස්තර මධ්‍යස්ථානයයි. සහතික සහ මූල්‍ය ත්‍යාග සඳහා දේශබන්ධු, ව්‍යාපාර භූෂණ ප්‍රදීප් ප්‍රනාන්දු මහතා දායකත්වය ලබා දෙන ලදී.

තරඟය සංවිධානයෙන් ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා, අපනයන සංවර්ධන නිලධාරී සමන්තිකා වික්‍රමරත්න මිය, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඉනෝකා ලක්මාලි මිය, විද්‍යා හා තාක්ෂණ නිලධාරී ඒ.එස්. අලුත්ගේ මිය, ක්ෂේත්‍ර සම්බන්ධීකාරක හංසනී තිලකරත්න මිය දායක විය.

ලබන වසරේ මිල්ලනිය ව්‍යවසාභිමානී 2025 සමගින් හමුවෙමු.

471596675 903805938583675 8934712041315937588 n

471662770 903805751917027 8574255239227500665 n

471855607 903805451917057 1509312197734855514 n

වප් පුන් පොහොය දිනය, බෞද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පුන් පොහෝ දිනයකි. බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම, මෛත්රී බෝසතුන් පැවිදි වීම, සැරියුත් තෙරුන්ට ප්රඥාවෙන් අගතැම්පත් තනතුර ප්රදානය කිරීම, සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිවට පිටත් වීම, වස් පවාරණය කිරීම ඒ අතර වන වැදගත් සිදුවීම් කිහිපයකි.
මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ මානසික සුවය ඉහල නැංවීම පිණිස, මාසිකව සංවිධානය කරනු ලබන "වැඩබිමයි පුදබිමයි" පෙර පොහෝ දින ධර්ම දේශනා පිංකම් මාලාවේ, වප් පොහෝ දිනය මූලික කර ගත් ධර්ම දේශනා පිංකම, 2024.10.23 වන දින මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පවත්වන ලදී. දැල්කඩ ශ්රී විජය චන්ද්රාරාම විහාරවාසී, කහටගහපිටියේ දේවානන්ද සාමණේර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්ම දේශනා පිංකම සඳහා, බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ ආර්ථික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් විසිනි.
ධර්මාලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වේවා!
 
470535558 896298439334425 8420432785386355217 n
470202621 896298266001109 6809752890898607257 n
470223477 896298386001097 2091894376966161984 n

News & Events

Scroll To Top