අලුත් අවුරුදු සිරියාව, බක් මාසය පුරාවටම පවතී. එහි සාමූහික විනෝදය ගෙන දෙන සොඳුරුතම ඉසව්ව බක්මහ උළෙලයි. සතුට, විනෝදය මෙන්ම ශක්තිය, නිර්භීතකම, එකමුතුකම ආදී ගුණාංගයන් ද ස්මතු කරලන බක්මහ උළෙල, දේශිය ක්‍රීඩා සංස්කෘතිය අනාගතයට රැගෙන යයි.
මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් ආරම්භ වූ මෙම බක්මහ උළලේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන්, ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා, විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අවුරුදු ක්‍රීඩාවන් ආරම්භ කරමින් පළමුව පුංචි දරුපැටවුන් සඳහා වන ක්‍රීඩා ඉසව් පවත්වන්නට යෙදුනි. අංක බෝල ඇහිඳීම, බැලුම් පිපිරවීම, මාළුවාට ඇහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම ආදී ක්‍රීඩා පුංචි දරුවන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් අතර දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව අනෙක් ක්‍රීඩා ඉසව් ආරම්භ විය. ඒ අනුව කණා මුට්ටි බිඳීම, පිරිමි කොට්ටපොර, කාන්තා කොට්ටපොර, බැලුම් ඩාන්ස්, වතුර බැලුම් ඇල්ලීම, බෝතලයට වතුර පිරවීම, රබන් ගැසීමේ තරඟය, සංගීත පුටු තරඟය, කඹ ඇඳීම, ඉඳිකටුවට නූල දැමීම, සැඟවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු වස්තුව හා මල සෙවීම ආදි තරඟ ඉසව් පැවති අතර, නිලධාරීන් බොහෝ උද්යෝගයෙන් එම ඉසව් සඳහා සහභාගී වී ත්‍යාග දිනා ගත්හ. කාර්යාලයෙන් ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්, තරඟ විනිශ්ච කටයුතු සඳහා අරාධනා ලැබ දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සඳහා විශේෂ අවුරුදු තරඟයක් ද, සමරු ත්‍යාග ප්‍රදානයක් ද සිදු කරන ලදී.
හවස් යාමය තවත් අපුරූ ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා වෙන් කර තිබුණි. ඒ හොඳම හිනාව, හොඳම ඇඬීම, කාර්යාල අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය යන තරඟයි. ආරාධිත විනිශ්ෂ මණ්ඩලය මඟින් තෝරාගනු ලැබූ කාර්යාල අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කිරුළු පැළදි අවස්ථාව බක්මහ උළලේ සොඳුරුතම අවස්ථාවයි. මෙවර කාර්යාල අවුරුදු කුමරා ලෙස තේරී පත් වූයේ ඉඩම් අංශයේ ධනුක රංගන මහතායි. එහිදී ආයතන අංශයේ ගිහාන් දර්ශන මහතා සහ එම අංශයේම චන්දන උදයකාන්ත මහතා පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. කාර්යාලයීය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදියේ ක්ෂේත්‍ර අංශයේ වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි තරංගනී මහත්මියයි. එම අංශයේ පංවමී මහත්මිය හා ග්‍රාම නිලධාරී මේනකා පෙරේරා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනූ කුමරියන් බවත් පත්විය. ඔවුන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම්!
බක්මහ උළෙල සඳහා මැක්ටයිල් ආයතනය ඇතුළු කොට්ඨාසයේ ආයතන රැසක් මූල්‍ය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ටත්, බක්මහ උළෙල සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන් සැමටත්, සහභාගී වූ සැමටත් 
ස්තූතිවන්ත වෙමු!
 
495935224 999658258998442 2997647195171335913 n
497107504 999658335665101 5845679853689990953 n496941133 999658385665096 883296568226260026 n
 
 
 
 
 
 
මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26
................................................................................
අලුත් අවුරුදු සිරියාව, බක් මාසය පුරාවටම පවතී. එහි සාමූහික විනෝදය ගෙන දෙන සොඳුරුතම ඉසව්ව බක්මහ උළෙලයි. සතුට, විනෝදය මෙන්ම ශක්තිය, නිර්භීතකම, එකමුතුකම ආදී ගුණාංගයන් ද ස්මතු කරලන බක්මහ උළෙල, දේශිය ක්‍රීඩා සංස්කෘතිය අනාගතයට රැගෙන යයි.
මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවත්වනු ලැබූ බක්මහ උළෙල 2025.04.26 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන්නට යෙදුණේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් ආරම්භ වූ මෙම බක්මහ උළලේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන්, ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීම උදෙසා, විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අවුරුදු ක්‍රීඩාවන් ආරම්භ කරමින් පළමුව පුංචි දරුපැටවුන් සඳහා වන ක්‍රීඩා ඉසව් පවත්වන්නට යෙදුනි. අංක බෝල ඇහිඳීම, බැලුම් පිපිරවීම, මාළුවාට ඇහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම ආදී ක්‍රීඩා පුංචි දරුවන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් අතර දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමද සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව අනෙක් ක්‍රීඩා ඉසව් ආරම්භ විය. ඒ අනුව කණා මුට්ටි බිඳීම, පිරිමි කොට්ටපොර, කාන්තා කොට්ටපොර, බැලුම් ඩාන්ස්, වතුර බැලුම් ඇල්ලීම, බෝතලයට වතුර පිරවීම, රබන් ගැසීමේ තරඟය, සංගීත පුටු තරඟය, කඹ ඇඳීම, ඉඳිකටුවට නූල දැමීම, සැඟවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු වස්තුව හා මල සෙවීම ආදි තරඟ ඉසව් පැවති අතර, නිලධාරීන් බොහෝ උද්යෝගයෙන් එම ඉසව් සඳහා සහභාගී වී ත්‍යාග දිනා ගත්හ. කාර්යාලයෙන් ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්, තරඟ විනිශ්ච කටයුතු සඳහා අරාධනා ලැබ දායකත්වය ලබා දුන් අතර, ඔවුන් සඳහා විශේෂ අවුරුදු තරඟයක් ද, සමරු ත්‍යාග ප්‍රදානයක් ද සිදු කරන ලදී.
හවස් යාමය තවත් අපුරූ ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා වෙන් කර තිබුණි. ඒ හොඳම හිනාව, හොඳම ඇඬීම, කාර්යාල අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය යන තරඟයි. ආරාධිත විනිශ්ෂ මණ්ඩලය මඟින් තෝරාගනු ලැබූ කාර්යාල අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කිරුළු පැළදි අවස්ථාව බක්මහ උළලේ සොඳුරුතම අවස්ථාවයි. මෙවර කාර්යාල අවුරුදු කුමරා ලෙස තේරී පත් වූයේ ඉඩම් අංශයේ ධනුක රංගන මහතායි. එහිදී ආයතන අංශයේ ගිහාන් දර්ශන මහතා සහ එම අංශයේම චන්දන උදයකාන්ත මහතා පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. කාර්යාලයීය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදියේ ක්ෂේත්‍ර අංශයේ වනිතා සංවර්ධන නිලධාරී තුෂාරි තරංගනී මහත්මියයි. එම අංශයේ පංවමී මහත්මිය හා ග්‍රාම නිලධාරී මේනකා පෙරේරා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනූ කුමරියන් බවත් පත්විය. ඔවුන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම්!
බක්මහ උළෙල සඳහා මැක්ටයිල් ආයතනය ඇතුළු කොට්ඨාසයේ ආයතන රැසක් මූල්‍ය දායකත්වය ලබා දුන් අතර ඔවුන්ටත්, බක්මහ උළෙල සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන් සැමටත්, සහභාගී වූ සැමටත් ස්තූතිවන්ත වෙමු!
 
 
 
 
 
 
 
All reactions:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"ක්‍රීඩාව" පුද්ගලයෙකු තුළ ධෛර්යය, ආත්ම ශක්තිය, නායකත්වය වැනි ගුණාංග මෙන්ම ඉවසීම, දරා ගැනීම වැනි ගුණාංග ද වර්ධනය කරනු ලබන්නකි. එසේම එය මානසික, ශාරීරික හා සාමාජීය යහපැවැත්ම උදෙසා ද, ධනාත්මක බලපෑම් ඇති කරනු ලබන බැවින් බොහෝ ආයතනික පරිසරයන් තුළ සුහදතාවය වර්ධනය කිරීම උදෙසා ක්‍රීඩාව යොදා ගනු ලබයි.
 
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ මානසික හා ශාරීරික සුවතාවය වෙනුවෙන් ද, නිලධාරීන් අතර සුහදත්වය වර්ධන කිරීම උදෙසා ද, ප්‍රාදේශිය ලේකම්තුමියගේ උපදෙස් මත, කාර්යාලයීය ක්‍රීඩා සමිතිය හා සුභ සාධක සංගමය එක්ව සංවිධානය කළ සුහද ක්‍රිකට් තරඟාවලියක්, 2025.02.21 වන දින උඩුවර උතුර රණවිරුගම ක්‍රීඩා පිටියේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ හා සහකාර ප්‍රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මැතිණියගේ ප්‍රධානත්වයෙනි. 
 
තරඟය සඳහා පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 03ක් ද, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 02ක් ද සහභාගී විය. තරඟය නරඹමින් ක්‍රීඩකයින් දිරිගැන්වීම උදෙසා සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමන් හා පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ඇතුළු කාර්යාලයීය නිලධාරීන් රැසක් ද මේ අවස්තාව හා එක් විය. ආරම්භයේ පටන් තරඟාවලිය උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසානයේ තේරී පත් වූ ජයග්‍රාහක කණ්ඩායම් උදෙසා සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. 
 
ක්‍රිකට් තරඟය සඳහා අවශ්‍ය ක්‍රීඩා පිටිය, ශබ්ද විකාශන යන්ත්‍ර, ආහාරපාන හා අනෙකුත් පහසුකම් සැපයීමට හා සම්බන්ධීකරණය කිරීමට, ප්‍රාදේශිය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, උඩුවර උතුර ග්‍රාම නිලධාරී දිමුතු වෙල්ගම මහතා, කාර්යාලයීය සුබ සාධක සංගමය හා රණවිරු සේවා සුබ සාධක සමිතිය විශාල සහයෝගයක් ලබා දෙන ලදී. 
 
සංවිධානයෙන් හා සහභාගීත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!
WhatsApp Image 2025 03 21 at 10.52.56 AM
WhatsApp Image 2025 03 21 at 10.52.51 AM
WhatsApp Image 2025 03 21 at 10.52.51 AM1
"උත්සහවන්තම ග්‍රාම නිලධාරී" ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකේය රාජ්‍ය යාන්ත්‍රණය තුළ, ජනතාවට සමීපතම රජයේ නිලධාරියා ලෙස, ග්‍රාම නිලධාරී තනතුර මගින් පැවරී ඇති රාජකාරි ඉටු කිරීමේ දී, පවතින සීමිත සම්පත් හා ශිල්පීය ඥානය, නිර්මාණශීලීව භාවිතා කරමින්, ප්‍රියමනාප සේවා පරිසරයක් තුළ වඩාත් කාර්යක්ෂම සුහදශීලී සේවාවක් සේවාලාභීන් වෙත ලබාදීම අරමුණු කර ගනිමින්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතියකි.
අදියර හතරක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි, පළමු සහ දෙවන අදියරයන් සඳහා පිලිවෙලින් ග්‍රාම නිලධාරී කාර්යාල 09ක් සහ 10ක් තෝරා ගෙන තිබුණි. මෙහිදී සිදු වනුයේ ඵලදායිතා සංකල්ප හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව යමින්, කාර්යක්ෂම සහ සඵලදායී ජනතා සේවයක් ලබා දීම උදෙසා තාම සතු ශිල්පීය ඥානය හා සීමිත සම්පත් නිර්මාණශීලිව යොදා ගැනීමට දැඩි උත්සහයක නිරත වී සිටින ග්‍රාම නිලධාරීන් හඳුනා ගෙන ඔවුන් ඇගයීම හා ඒ තුළින් අනෙක් ග්‍රාම නිලධාරීන් ද අභිප්‍රේරණය කිරීමයි. ඒ ඒ අදියරයන්හි දී ඵලදායිතා සංවර්ධන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරී සහ මාණ්ඩලික නිලධාරීන් අවස්ථා කිහිපයක දීම, එම තෝරා ගත් ග්‍රාම නිලධාරී කාර්යාලයන් නිරීක්ෂණය කරමින්, සකස් කර ගත් නිර්ණායක ඔස්සේ ඇගයීම් ලකුණු ලබා දෙනු ලැබීය. වැඩිම ලකුණු ලබාගත් ග්‍රාම නිලධාරී "උත්සහවන්තම ග්‍රාම නිලධාරී" ලෙස ජයග්‍රහණය කරයි.
මෙම ව්‍යාපෘතියෙහි, මේ වන විට අවසන් කර ඇති පළමු සහ දෙවන අදියරයන්ගේ ජයග්‍රාහකයන් ඇගයීම උදෙසා පවත්වනු ලැබූ, සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025.01.31 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන්නට යෙදුණේ, ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිනියගේ ප්‍රධානත්වයෙනි. පලමු අදියරෙහි ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානයන් දිනා ගනු ලැබුවේ පිලිවෙලින් 649/සී අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී තිලිනි විජේමාන්න මිය, 653 ලබුගම ග්‍රාම නිලධාරී ඉන්දිකා ක්‍රිෂාන්ති මිය හා 655 ගුංගමුව ග්‍රාම නිලධාරී මේනකා පෙරේරා මියයි. එසේම 647/බී කෙලෙස්ගමුව ග්‍රාම නිලධාරී චාමිකා ලක්මාලි මිය, 653/බී පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී අමිලා ඉරෝෂිණී මිය හා 644/සී රද්දේගොඩ ග්‍රාම නිලධාරී සේපාලිකා කුමාරි මිය, දෙවන අදියරෙහි ප්‍රථම දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් දිනා ගනු ලැබීය.
ජයග්‍රාහී සැමට උණුසුම් සුභ පැතුම්!
තෙවන හා සිව්වන අදියරයන් සමගින් හමුවෙමු!
475132915 934713445492924 5904039086151324007 n
476751527 934713838826218 1270104778517302760 n
 
මේ පෙබරවාරි මාසයයි. දේශයක් ලෙස එකාවන්ව එකට එක් වී, දේශයේ අභිමානවත් නිදහස සමරන මාසයයි. යටත් විජිතයක්ව පැවතී මාතෘ භූමිය, එදා 1948.02.04 දින නිදහස් නිවහල් දේශයක් ලෙස නැගී සිට වසර 77ක් ගෙවී අවසන්ය. අභීත හෙළ විරුවන්ගේ ලේ, දහඩිය මතින්, ප්‍රාණය ද පුදා නිදහස ජයගත් ඒ අභිමානවත් දිනය සමරමින්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මිල්ලනිය ප්‍රාදේශීය ළමා සභාව එක්ව සංවිධානය කරන ලද, "නිදහසේ අභිමන්" ජාතිකාභිමානී ගී දැහැන හා සංස්කෘතික ප්‍රසංගය 2025.02.14 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී විචිත්‍ර අන්දමින් පවත්වන්නට යෙදුණි.
මිල්ලනිය සහකාර ප්‍රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා, මිල්ලනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන්, මිල්ලනිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය, අඟුරුවාතොට පොලිස් ස්ථානයේ ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂතුමන්, පරිපාලන නිලධාරීතුමිය හා පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ආරාධිත‍යින් ලෙස සහභාගී විය.
වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින්, ජාතික ධජය ඔසවා, ජාතික ගීතය ගායනය කිරීම සිදු කළ අතර, ළමා සමාජ දරුවන්ගේ බෙර වාදන හා නර්තන හරසර මැදින් ආරාධිතයින් ප්‍රධාන ශාලාව වෙත පිවිසියහ. ලාංකේය සංස්කෘතියට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීම සඳහා ආරාධිතයින් එක් වූ අතර, සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදය ගෙන දෙමින් පංචසිලයෙහි පිහිටවනු ලැබුවේ, මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, අරකාගොඩ ලංකාතිලක විහාරස්ථානයේ විහාරාධිපති, කල්ලංචියේ පියරතන ස්වාමීන් වහන්සේ විසිනි. නිදහස වෙනුවෙන් උර දුන් විරුවන් සිහි කිරීමෙන් අනතුරුව උත්සවයේ ආරාධිතයින් ඇතුළු සියලු දෙනා පිළිගනිමින්, මිල්ලනිය ප්‍රාදේශිය ළමා සභාවේ සභාපති කොවිඳු කේසර දරුවා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.
සරස්වතී දේවිය සිහි කරමින් ළමා සමාජ දැරියන් රඟ දැක් වූ මනරම් පූජා නර්තනයෙන්, ජාතිකාභිමානි ගී දැහැන හා සංස්කෘතික ප්‍රසංගයේ කලා අංග ආරම්භ වූ අතර, කොට්ඨාසයේ ළමා සමාජ 20ක දරුවන් 300ක් පමණ ප්‍රසංගයේ දක්ෂතා දැක්වීමට එක් වූහ. ජාතිකාභිමානී ගීත ගායනයන්, ජාතිකාභිමානී ගීත ආශ්‍රිත නිර්මාණාත්මක නර්තනයන්, ලාංකේය විවිධ නර්තන සම්ප්‍රදායන් විදහා දැක් වූ නර්තනයන්ගෙන් වැඩසටහන වර්ණවත් විය.
සභාව ඇමතූ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය පවසා සිටියේ දරුවන් තුළ ජාතිකාභිමානී හැඟුමන් වර්ධනය කිරීම උදෙසාත්, දරුවන්ගේ මෘදු කුසලතා හා කලා කුසලතා වර්ධනය කිරීම උදෙසාත් මෙවන් වැඩසටහන් සංවිධානය කිරීම අතිශය වැදගත් වන බවයි. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ක්‍රියාකාරී ළමා සමාජවල අනුශාසකවරුන් ඇගයීමේ වැඩසටහන යටතේ, සම්මානලාභී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ අනුශාසකවරුන් තිදෙනෙකු, එනම් පුන්සිරිපුර සමාධි ළමා සමාජයේ අනුශාසක ශාන්ති පෙරේරා, ගල්පාත බටහිර ළමා සමාජයේ අනුශාසක සුගත් වික්‍රමසිංහ සහ වැලිකල පැරකුම් හා පෙතිගමුව උතුර බෝධි ළමා සමාජ ද්විත්වයෙහි අනුශාසක කිත්සිරි කළුබෝවිල යන මහත්ම මහත්මීන් අගය කිරීම ද මෙම ප්‍රසංගයට සමගාමීව සිදු කරන ලදී. ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපිකා දමයන්ති මහත්මියගේ ස්තූති කථනයෙන් වැඩසටහන සමාප්ත විය.
සැමදා රකිමු අමිල නිදහස!
480780575 941590591471876 947837509821100007 n
 
480578003 941590811471854 8250338244659403559 n


ස්වෝත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම මෙහෙයවා, ව්‍යවසායක ලෝකය තුළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා පියමනින, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායක ප්‍රජාව දිරිගන්වනු වස්, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සංවිධානය කළ "මිල්ලනි ව්‍යවසාභිමානී 2024" තරඟය, මිල්ලනිය කොට්ටාසයේ ග්‍රාමීය ව්‍යවසායක ප්‍රජාවට නවමු අත්දැකීමක් විය. මෙම තරඟය සදහා කොට්ඨාසයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට සහයෝගය ද ලබා දෙමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ව්‍යාපාර නාම ලියාපදිංචිය, ගිණුම් පොත් තැබීම, ලේබල්කරණය, ඇසුරුම් කිරීම, විදෙස් වෙළෙඳපොල අවස්ථා, ප්‍රචාරණය, සමාජ මාධ්‍ය භාවිතය, වෙළඳබලපත්‍ර ආදි ක්ෂේත්‍ර පිළිබඳ විවිධ පුහුණු වැඩමුළු සහ ක්ෂේත්‍ර චාරිකා ද සංවිධානය කරනු ලැබිණි. එම වැඩමුළු සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ව්‍යවසායකත්ව සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (aat), ජාතික ශිල්ප සභාව, මිල්ලනිය ප්‍රාදේශීය සභාව, හල්තොට මහජන සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය ආදී ආයතනයන්හී සම්පත්දායකත්වය හිමි විය.

තරඟයට අයඳුම් කළ 70 වකට අධික තරඟකරුවන් අතරින් සුදුසුකම් පරික්ෂා කිරීමේ අදියර, සම්මුඛ පරීක්ෂණ අදියර හා අයතන නිරීක්ෂණ අදියර යන අදියර ත්‍රිත්වය ජයගනිමින්, ජයග්‍රහණය කළ ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් මිල්ලනිය ව්‍යවසාභිමානී 2024 සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානප්‍රදානෝත්සවය, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ත්‍රිමාන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, 2024.12.20 වන දින, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි.

කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් ත්‍රිමාන්න මැතිතුමන් සමග මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ආරාධිතයින් ලෙස සහභාගී වූ හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා මැතිණිය, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් නිසංසලා පෙරේරා මැතිණිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) ඩී.එම්.පී. දිසානායක මැතිතුමා, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ (පාලන) නලින් චින්තක මැතිතුමා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම්.එන්.එෆ්. ෂාහිනා මැතිණිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.ඒ.සී.ඩී. සාවිත්‍රි මැතිණිය, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ රොහාන් දෙල්ගොඩ මැතිතුමා, මිල්ලනිය සහකාර ප්‍රාදේශිය ලේකම් හිමාදරී නන්දසේන මැතිණිය, ගණකාධිකාරි කසුරි ගයන්තිකා මැතිණිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂ පී. එල්ලාවල මැතිතුමා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සම්පාදක එච්.එම්.එස්. හේරත් මහතා, කුඩා ව්‍යාපාර අංශයේ සංවර්ධන නිලධාරී කුෂාන් අකලංක මහතා, කළුතර දිස්ත්‍රික් විදාතා නිලධාරී කේ.ඩී.පී.ඩී. සිරිවර්ධන මහත්මිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසාය සංවර්ධන උපදේශක ගයාන් විතාරණ මහතා, ව්‍යාපාර භූෂණ, දේශබන්දු ප්‍රදීප් ප්‍රනාන්ද මහතා සහ එතුමන්ගේ කළමණාකරු රෝහාන් මහතා පොල්තෙල් පහන්සිළු දල්වා වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

සංවර්ධන නිලධාරී චතුර්ධ ඉසාරංග මහතාගේ මෙහෙය වීමෙන් ආරම්භ වූ සම්මාන ප්‍රදානෝත්සවයේ, ආරාධිතයින් ඇතුළු සියලු දෙනා පිලිගනිමින්, මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණිය පිලිගැනීමේ කතාව සිදු කළහ. ඉන්පසු උත්සවය හැඩගන්වමින් ලබුගම ජිත්රූ කලායතනය සොඳුරු නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසාය සංවර්ධන උපදේශක, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක (ක්ෂුද්‍ර ණය) ගයාන් විතාරණ මහතා විසින් ආරාධිත දේශනය ඉදිරිපත් කරන ලදී.

ඉන්පසු සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය ආරම්භ විය. පළමුව තරඟයේ අවසන් වටය නියෝජනය කළ ලුෂී ක්‍රියේෂන් ආයතනයෙහි අධිපති දිල්නි හංසිකා මෙනෙවිය, රීඩ් ක්‍රියේෂන් ආයතනයෙහි අධිපති යශෝමා ප්‍රියංගනී මහත්මිය, යසචන්ද්‍ර ට්‍රැඩිෂනල් මාස්ක් හවුස් ආයතනයෙහි අධිපති නෙලුක චන්ද්‍රනාත් මහතා, නිව් නව රස ආයතනයෙහි අධිපති රේණුකා ප්‍රියංගනී මහත්මිය, රශ්මි බයිට් ආයතනයෙහි අධිපති අරුණ නිරෝෂන් මහතා, ස්ටාර් ආහාර නිෂ්පාදන ආයතනයෙහි අධිපති නන්දිමිත්‍ර ස්ටැන්ලි මහතා, කොකෝ ක්‍රාෆ්ට් ආයතනයෙහි අධිපති මංජුලා පෙරේරා මහත්මිය යන ව්‍යවසායකයින් හත් දෙනා සඳහා, විශිෂ්ඨ කුසලතා සහතික ප්‍රදානයන් සිදු කරනු ලැබීය. තරඟයේ තෙවන ස්ථානය දිනා ගනිමින් මලීෂ බේබි පැෂන් ආයතනයෙහි අධිපති සුසන්තිකා දමයන්ති මහත්මිය සම්මානයට පාත්‍ර විය. දෙවන ස්ථානය දිනා ගනිමින් සම්පත් ඒ.එස්.ඕ.වුඩ් පුද්ගලික සමාගමේ අධිපති නුවන් සම්පත් මහතා සම්මානයට පාත්‍ර විය. මිල්ලනිය ව්‍යවසාභීමානි 2024 තරඟයේ හොඳම ව්‍යවසායකයා උදෙසා පිදෙන සම්මානය දිනා ගනු ලැබුවේ ලක් නේචර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධිපති ලක්මිණී නදීශානි වීරක්කොඩි මෙනෙවියයි. ජයග්‍රාහකයිහට සම්මාන සමඟින් මුදල් ත්‍යාග ද හිමි විය. අපනයන සංවර්ධන නිලධාරී සමන්තිකා වික්‍රමරත්න මහත්මියගේ ස්තූති කතාවෙන් පසු උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මාන සකස් කිරීම සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවේ මොරටුව ජාතික මෝස්තර මධ්‍යස්ථානයයි. සහතික සහ මූල්‍ය ත්‍යාග සඳහා දේශබන්ධු, ව්‍යාපාර භූෂණ ප්‍රදීප් ප්‍රනාන්දු මහතා දායකත්වය ලබා දෙන ලදී.

තරඟය සංවිධානයෙන් ව්‍යවසාය සංවර්ධන නිලධාරී වසන්ත සෝමරත්න මහතා, අපනයන සංවර්ධන නිලධාරී සමන්තිකා වික්‍රමරත්න මිය, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඉනෝකා ලක්මාලි මිය, විද්‍යා හා තාක්ෂණ නිලධාරී ඒ.එස්. අලුත්ගේ මිය, ක්ෂේත්‍ර සම්බන්ධීකාරක හංසනී තිලකරත්න මිය දායක විය.

ලබන වසරේ මිල්ලනිය ව්‍යවසාභිමානී 2025 සමගින් හමුවෙමු.

471596675 903805938583675 8934712041315937588 n

471662770 903805751917027 8574255239227500665 n

471855607 903805451917057 1509312197734855514 n

News & Events

09
Oct2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

Scroll To Top