"වයස යනු හුදෙක්ම ඉලක්කමක් පමණි".
මෙම වැකිය සපථ කරමින්, ගතින් වියපත් වූවත් සිතින් තරුණ කලාකාමි වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය සහ මිල්ලනිය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "දෙටු පුරවැසි රඟ සොබා - 2024" ජ්‍යෙෂ්ඨ පුරවැසි දක්ෂතා දැක්වීමේ වැඩසටහන, 2024.10.22 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
උත්සවයේ අරාධිතයින් ලෙස බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) පුෂ්පකුමාර එල්ලාවල මහතා, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී නෙලූපානි කළුබෝවිල මෙනෙවිය, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී මංගල අශෝක මහතා සහ මිල්ලනිය සිංහ සාමාජයේ සරත් සූරියආරච්චි මහතා සහභාගී විය.
කොට්ඨාසයේ ග්‍රාමීය වැඩිහිටි කමිටු 44හි සාමාජිකයින්ගේ විශේෂාංග රැසකින් සමන්විත වූ මේ හෝරා කිහිපය සාම්ප්‍රදායික නර්තනාංග, නිර්මාණාත්මක නර්තනාංග, ගීත ගායන, විරිඳු ගායන ආදී අංග රැසකින් සමන්විත වූහ. දිවා ආහාරය සහ ත්‍යාග ප්‍රදනය සඳහා දායකත්වය ලබා දෙනු ලැබුවේ හොරණ වාසනා බේකර්ස් ආයතනය හා හොරණ ඌෂා ආයතනයයි.
කොට්ඨාසයේ කලාකාමී වැඩිහිටියන්ගේ දස්කම් විදහා දැක්වීම වෙනුවෙන් අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ගෞරවණීය ස්තූතිය පුද කරමු.
ආදරණීය වැඩිහිටියනි, ආයු බොහෝ වේවා! නිදුක් නිරෝගී වේවා! කලාකාමී සිත් සතුටින් පිරි ඉතිරේවා!




මූල්‍යකරණය, ව්‍යාපාරයක යහපැවැත්ම සඳහා ව්‍යවසායකයෙකුට අතිශය වැදගත් දැනුම් ක්ෂේත්‍රයකි. මූලික වශයෙන් ව්‍යාපාරක් තුළ ආදායම් වියදම් හැසිරවීම හා මූල්‍ය පරිපාලනය උදෙසා වැදගත් වන මෙම දැනුම, වෙළඳපොල තුළ ව්‍යාපාර පරිසරය අවබෝධය කර ගැනිම, ව්‍යාපාරයක අනාගතය පුරෝකථනය, නව ව්‍යාපාරික අවස්ථා ගවේශණය, ව්‍යාපාරයක ලාභය ඉහළ නැංවීම ආදී පැතිකඩයන් සඳහා ද අතිශය වැදගත් වන්නකි.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොඳම ව්‍යවසායකයා තේරීමේ "ව්‍යවසාභීමානී 2024" තරඟාවලියට සමගාමීව, කොට්ඨාසයේ ව්‍යවසායකයින් වෙනුවෙන් සංවිධානය කළ "ව්‍යාපාර කළමනාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්, 2024.10.07 වන දින සමෘද්ධි කලාප මට්ටමින් සාර්ථකව පවත්වන්නට යෙදුණි. මිල්ලනිය හා හල්තොට සමෘද්ධි කලාපවල ව්‍යවසායකයින් වෙනුවෙන්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ද, ගල්පාත සමෘද්ධි කලාපයේ ව්‍යවසායකයින් වෙනුවෙන්, ගල්පාත සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේ ද පවත්වන්නට යෙදුනු මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයයි.
ව්‍යාපාර මූල්‍යකරණය පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයතනයක් වන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ (AAT) සම්පත්දායකත්වය මත පැවැත් වූ මෙම වැඩමුළුව සඳහා, එම ආයතනයේ සභාපති වසන්ත මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය සහභාගී විය. භාණ්ඩයක නිශ්පාදන පිරිවැය ගණනය කිරීම, භාණ්ඩයක මිල නියම කිරීම, මුදල් පොත සැකසීම ආදී ව්‍යාපාර මූල්‍යකරණය විෂය හා සබැඳි වැදගත් පැතිකඩයන් පිළිබඳව ව්‍යවසායකයින් මනාව දැනුවත් කිරීම් මෙහිදී සිදු විය.
සංවිධානයෙන්, සම්පත්දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොඳම ව්‍යවසායකයා තේරීමේ "ව්‍යවසාභීමානී 2024" තරඟාවලියට ඔබ සැමට ආරාධනා!
රාජ්‍ය නිලධාරීන්ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද " අපි අපිම වෙමු" වැඩසටහන් මාලාවේ විසිහයවන දිගහැරුම.
රාජ්‍ය යාන්ත්‍රණයෙහි ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ මහජනතාව හා සමීපව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කථික,නිවේදන,ඉදිරිපත් විමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින්
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද " අපි අපිම වෙමු ". වැඩසටහන් මාලාවේ විසිහයවන දිගහැරුම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2024.9.4 වන බදදා පෙ.ව 9.00 ට සාර්ථකව පවත්වන්න ලදී .
එදින වැඩසටහන මෙහෙයවන ලද්දේ කැන්නන්තුඩාව ආර්ථික සංවර්ධන නිලධාරී කුමුදුනී හඳපාන්ගොඩ මහත්මිය යි.
ප්‍රථම දේශනය ආපදා කළමනාකරණය හා සහන සේවා නිලධාරී වාසනා සඳමාලි මහත්මිය විසින් සිදුකල අතර
ඇයගේ දේශනයෙන් ආපදාවකදී, ජනතාව ඊට තිබිය යුතු පෙර සූදානමත්, ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන ගත වීමේ වටිනාකමත්, මනාව පැහැදිලි කරනු ලැබුවාය .
වැඩසටහනේ දෙවන ඉදිරිපත් කිරීම 639 මහදුරුපිටිය ආර්ථික සංවර්ධන නිලධාරී වරුණි ලංකා මහත්මිය විසිනි.
මහදුරුපිටිය වසමේ ජනතා සිතුම් , පැතුම් මෙන්ම
ස්වයං රැකියවන්හි නියෙලෙමින් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙහෙසන අහිංසක ගැමි ජනතාව ගැනද,
මහදුරුපිටිය ග්‍රාමයේ පිහිටා ඇති අලංකාර ස්ථානයක් වන එල්ලෙන වැල් පාලමේ ඓතිහාසික තොරතුරු රාශියක් ද ඇය ඉදිරිපත් කරනු ලැබුවාය .
එදින වැඩසටහන රසවත් කිරීමට ගීත ගායනයෙන් ,
ක්ෂේත්‍ර නිලධාරී තනුජා මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරී එරන්දි මහත්මිය එක්වුහ.
වැඩසටහන් සාමාලෝචනය සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් දෙපළක් වන ,
විරංග ප්‍රියදර්ශන මහතා හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී කාංචනා මහත්මිය විසින් සිය අදහස් දක්වන ලදි .
වැඩසටහන අවසන සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) එල්ලාවල මහතාගේ අදහස් දැක්විමෙන් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය .


පශු සම්පත පාලනය, කර්මාන්තයක් ලෙස ගත් කළ, ඉතා දිගු ඉතිහාසයක් පවතින කර්මාන්තයකි. කෘෂිකර්මාන්තය මූලික කරගත් දේශිය ජන ජීවිතය, ඒ හා සබැඳි පශු සම්පත පාලනයට ද නිතැතින්ම යොමු වී තිබුණි. අද වන විට නිරෝගී ජන ජීවිතය සඳහා අවැසි සත්ත්ව ප්‍රෝටීන ලබා දෙමින්, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින් හා ආහාර සුරක්ෂිතතාවයට දායක වෙමින්, පශු සම්පත් පාලනය දේශිය ආර්ථිකය තුළ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන සිටියි.
පශු සම්පත් පාලනය පිළිබඳ ප්‍රජාවගේ දැනුම ඉහළ නංවමින් හා ඒ සඳහා ප්‍රජාව යොමු කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීම් වැඩසටහනක්, 2024.10.10 වන දින, පෙතිගමුව බෝධිගල ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනේ, 653/B පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී වසමේ පශු සම්පත් පාලනයෙහි නිරතව සිටින හා නිරත වීමට බලාපොරොත්තු වන ප්‍රජාව මූලික කර ගනිමිනි.
653/ B පෙතිගමුව උතුර ග්‍රාම නිලධාරී අමිලා ඉරෝශනී මහත්මිය හා ආර්ථික සංවර්ධන නිලධාරී කිත්සිරි කලුබෝවිල මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී ලසික එරන්ද මහතාගේ සම්බන්ධීකරණය මත, සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ, මිල්ලනිය පශු වෛද්‍ය නිලධාරී බී.ආර්. අලහප්පෙරුම මහත්මිය හා මිල්ලනිය සත්ත්ව සංවර්ධන උපදේශන නිලධාරී වොලියා විතාන මහත්මිය විසිනි. එහිදී පශු සම්පත් පාලනය ආරම්භ කිරීම, සතුන් තොරා ගැනීම, කූඩූ සැකසීම, ආහාර සැකසීම, රෝග පාලනය, අතුරු නිශ්පාදන සිදු කිරීම, නව තාක්ෂණය මුසු කිරීම ආදී විෂය පැතිකඩ පිළිබඳව දීර්ඝව පැහැදිලි කිරීම සිදු විය.
සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් සහය දුන් සැමට ස්තූතිවන්ත වෙමු!



මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , කේෂ්ත්‍ර ගත නිලධාරීන්ගේ හැකියාවන් ඔප් නැංවීම උදෙසා ගරු ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මැතිණියගේ නවමු සංකල්පයක් මත ,එතුමියගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක කරන්නට යෙදුණු වැඩසටහකි. අපි අපිම වෙමු" එදින වැඩසටහන් පුර්වක ලෙස සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී මනෝරි කාංචනා මහත්මි වැඩසටහන මෙහෙයවන ලදි.
කේෂ්ත්‍ර අංශය නියෝජනය කරමින් දේශනය සඳහා විදාතා හා තාක්ෂණ නිලධාරී ශිරාන් අලුත්ගේ මහතා සිය අදහස් දක්වන ලදි. ගමට විද්‍යාව ගෙන යාමේ අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකට එක් මධ්‍යස්ථානයක් ලෙස එය ආරම්භ කරන්නට යෙදුණු බවත්, එම විදාතා මධ්‍යස්ථානය හරහා ජනතාව වෙත ලබා දෙන පාඨමාලාවන් , ව්‍යාපාරයක් සිදු කිරිමේදි අවශ්‍ය තාක්ෂණය පිළිබඳව අවබෝධයත්,ප්‍රමිති කරණය සඳහා තත්ව සහතික ලබා ගැනීමට අවශ්‍ය පියවරයන් පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් සභාව වෙත ලබා දුණි.
නදීෂා ජයලත් මහත්මියත්,රිවිනි වාසනා මහත්මිය හා ශිරාන් අලුත් ගේ මහතාත් අලංකාර ගීත කිපයක් ගායනා කරන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරීන් නියෝජනය කරමින් ගයාන් රොද්‍රිගෝ මහතා 643 ඒ පුන්සිරි පුර වසම පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදි.
කලුතර උතුරු පොලිස් බලප්‍රදේශයට අයත් පුන්සිරි පුර වසම මැත කාලයේ රාජා සමරනායක මහතා විසින් ආරම්භ කරන්නට යෙදුණු ගමක් බවත්, එහි ආර්ථික පසුබිම මෙන්ම සාමාජික වපසරිය පිළිබඳව ත් ව්‍යාපාරයන්හි නියැලෙමින් ස්වයංව නැගිසිටීමට උත්සාහ කරන දිරිමත් ජනතාව පිළිබඳවත් දිර්ඝ දේශනයක් ඉදිරිපත් කරන ලදි.
සහොදර නිලධාරීන් විසින් සිදුකරන ලද වැඩසටහන පිළිබඳව
ඇගයුම් පැසසුම් ලබා දීම සඳහා ආර්ථික සංවර්ධන නිලධාරී කිත්සිරි කළුබෝවිල මහතා හා ඵලදායිතා සංවර්ධන නිලධාරී අනුෂ්ක දීපාල් මහතාට අවස්ථාව ලැබිණි.
වැඩසටහන නිමා කිරීමට ප්‍රථම පරිපාලන ග්‍රාම නිලධාරී ආර් .සි. සනත් මහතා විසින් වැඩසටහන පිළිබඳව සමස්ථ සමාලෝචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය.
















