

ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම උදෙසා පසුගාමී ආර්ථික කටයුතු අමාත්යංශය මගින් කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය වෙත ලබාදුන් මුදල් ප්රතිපාදන සහ ප්රථිලාභීනගේ මූල්ය දායකත්වය මත මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ එළු පාලනය දිරිමත් කිරීමේ අරමුණින් පළමු අධියර යටතේ මිල්ලගස්පොල වසමේ ජේ.සංජීව මහතා සහ වැලිකල වසමේ නයනි දුශාන්ති මහත්මිය වෙත 2022.11.16 දින එළුවන් ලබා දීමේ වැඩසටහන මිල්ලනිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,මිල්ලනිය පශු වෛද්ය කාර්යාලයේ පශු වෛද්යතුමිය ,සත්ව සංවර්ධන නිලධාරීතුමා සහ මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂි කර්ම නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් සිදුවිය.
මෙම කාර්ය සිදු කිරීමේදී මිල්ලනිය පශු වෛද්ය කාර්යාලය මගින් ප්රථිලාභීන් සහ නිරෝගී සතුන් තොරා ගැනීම සඳහා මනා සහයෝගයක් ලබා දෙන ලදී.
ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය ඉහල නැංවීම මගින් ඔවුන්ගේ දරිද්රතාවය තුරන් කිරීම රජයේ අරමුණ වන අතර එම අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සිදු කරනු ලබන මෙවැනි කර්තව්යන් මගින් ග්‍රාමීය ජනතාවගේ දරිද්රතාවය අවම කර ගැනීමට ශක්තියක් වේවායි මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැතුමයි.........


මුල් ළමාවිය සංවර්ධනය පිලිබද ජාතික ලේකම් කාර්යාලය මගින් පර්යේෂණාත්මකව සකස් කරන ලද "මුල් ළමාවිය සංවර්ධන ප්රමිති වෙත දරුවා ළගා වන බව තහවුරු කර ගැනීම සදහා මුල් ළමාවියේ පසුවන දරුවන් තක්සේරුකරණය කිරීම සදහා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2022.11.03 හා 04 යන දෙදින තුළ මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.




පාසල් දරුවන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීමේ අරමුණින් විධානය කරන ලද ධාරිතා සංවර්ධන වැඩසටහන 2022.11.06 වන දින දිනය පුරා පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.
පාතකඩ කණිෂ්ඨ විද්‍යාලීය 8-11 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ තාර්කික හැකියාව, නිවැරදි තීරණ ගැනීම, දරා ගැනීම, සැලසුම්කරනය වැනි නායකත්ව ගුණාාංග ඇති කිරීමේ හා සංවර්ධනය කිරීගේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව, පාතකඩ කණිෂ්ඨ විද්‍යාලයය එක්ව සංවිධානය කරන ලදී.
මෙහි දී ජාතික තරුණ ගස්වා සභාවේ කළුතර දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ලලිත් වන්නිආරච්චි මහතා සහ මිල්ලනිය තරුණ සේවා නිලධාරි රුවන්ත මාලිංග ඇතුළු කණ්ඩායම අදාළ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
මේ සදහා දායකත්වය දැක් වූ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමන් ඇතුළු කණ්ඩායමට, විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා දෙමවිපින්ට ස්තූතිවන්ත වෙමු.ළමා ලොව වීරයන්ගේ හෙට දින වෙනුවෙන් දකින සිහින සැබෑ වේවායි මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ පැතුම් එක් කරමු.
















