මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 639 පාතකඩ ග්රාම නිලධාරි වසමේ ස්ථාපිත රන්සවි සෞභාග්යා නිෂ්පාදන ගම්මානය මූලික කර ගනිමින් ඉදි කරන ලද පසු අස්වනු සැකසුම් මධ්යස්ථානය 2022.10.18 අගහරුවාදා දින පෙ.ව. 09.07 යෙදුණු සුබ මොහාතින් ජනතා අයිතියට පත් කරන ලදී.
කෘෂි කර්මාන්තය මූලික කර ගනිමින් නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් ඇති කල යුතු බවත්, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු බලපෑමක් ඇති කල හැකි බවත්, මෙමගින් සිදු වන වඩා වැදගත්ම කාර්යයය වන්නේ ග්රාමීයව ආර්ථික සවිබල ගැන්වීම බවත්, සුබ පැතුම් එක් කරමින් සමාජ සවිබල ගැන්වීමේ ගරු රාජ්ය අමාත්ය අනූප පස්කුවෙල් මැතිතුමා විසින් ප්රකාශ කරන ලදී.
මෙම වැඩසටහනෙහි මේ දක්වා සාර්ථකත්වය අගය කරමින් මිල්ලනිය ප්රාදේශීය සභාවේ ගරු සභාපති සංජීව කුලතිලක මැතිතුමා, සෞභග්යා සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න මැතිතුමා සහ කලුතර දිස්ත්රික් ක්රමසම්පාදන අධ්යක්ෂ ඩබ්.ඒ.කේ.එස්. දමයන්ති මැතිනිය සුබ පැතුම් එක් කරන ලදී.
කල්තබා ගත හැකි පරිදි සකස් කරන ලද ගොටුකොළ සම්බෝල සහ ගොටුකොළ මැල්ලුම ආදී නිෂ්පාදන එලි දැක්වීමද මෙහිදී සිදු කරන ලද අතර විදේශ වෙළඳපොල ඉලක්ක කර ගනිමින් විජලිත ගොටුකොළ නිෂ්පාදන පිළිබද සැලැස්මද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මේ අවස්ථාව සදහා මිල්ලනිය ප්රාදේශීය ලේකම්තුමිය, කළුතර දිස්ත්රික් මූලස්ථාන කෘෂිකර්ම උපදේශකතුමා, පාතකඩ විද්යාලයේ විදුහල්පතිතුමිය, ග්රාමීය සංවර්ධන බැංකු කළමණාකාරතුමා ඇතුලු මෙම වැඩසටහන සඳහා සම්බන්ධව කැපවීමෙන් කටයුතු කරන ලද නිලධාරීන් සහ සමිති සාමාජිකත්වය සම්බන්ධ වූහ.
රන්සවි සෞභාග්යා නිෂ්පාදනයන්ට තම අනන්යයතාවයකින් ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට හැකි වේවායි මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ පැතුම් එක් කරමු.
312142212 425752696389004 5311888792 425752713055669 3
සිහින දකින අපේ ලොවක් ජාත්යන්තර ළමා දින සැමරුම් උත්සවය බටගොඩ ප්රාථමික විද්යාලයේ දී
----------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
 
හෙට දින ලොව දිනන ළමා ලෝකයේ වීරයන් වෙනුවෙන් මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිහින දකින අපේ ලොවක් ළමා සැමරුම් උත්සවය බටගොඩ ප්රාථමික විද්යාලයේ දී 2022.10.07 වන දින පවත්වන ලදී.
විද්යාලීය දරුවන් විසින් ආරාධිත අමුත්තන් ප්රධාන ශාලාවට කැදවා ඒමෙන් අනතුරුව ළමා දින සැමරුම් දින උත්සවයේ කටයුතු ආර්ම්භ කරන ලදී. බටගොඩ ප්ර්රාථමික විද්යාලයේ දරුවන්ගේ සහ ප්රදේශයේ පෙරපාසල් දරුවන්ගේ විශේෂාංග මෙන්ම මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් පත් කරන ලද නාට්ය ගීත උත්සවයේ කටයුතු වර්ණවත් කරන ලදී .
උත්සවය අවසානයේ දී සියලුම දෙනා දරුවන් හා එක්ව සතුට බෙදා ගන්නා ලදී. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා සහය ලබා දුන් බටගොඩ ප්රාථමික විද්යාලයේ විදුහල්පතිතුමිය ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට, මූල්ය අනුග්රහය දැක් වූ මැක්ටයිල් ආයතනයට, මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගෞරවය පුද කරමු.
 
 
IMG 20221007 WA0042 nn
IMG 20221007 WA0043nn
IMG 20221007 WA0050nn

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවීමෙන් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩ සටහනේ (බස්නාහිර පළාත) අනුග්‍රහයෙන් එන්.සී.සී කොන්ත්‍රාත් සමාගම ස්මැක් මාස්ටර් හේලීස් උපදේශන සමාගම හා ඉන්ඩිකොස් සේවා සැපයීමේ ආයතනය ඒකාබද්ධව වැඩ සටහන 2022.10.14 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ IRoad ව්‍යාපෘතිය හරහා ප්‍රථිලාභ ලබන කෙලෙස්ගමුව,පෙතිගමුව දකුණ,මිල්ලනිය,දෙල්දොරවත්ත,වෙනිවැල්පිටිය යන වසම්වල ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ වසමකින් කාන්තා ප්‍රතිලාභීන් 03 ක් වැඩ සටහන සඳහා සහභාගී විය.

රුධිර පරීක්ෂාවක් සිදුකර සෞඛ්‍යමය වැඩ සටහන පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා සාර්ථකව ක්‍රියාත්මක විය.

IMG 20221014 WA0009 webIMG 20221014 WA0013 web

 

නිරෝගීකම පරම ධනයයි.මිල්ලනිය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුන්සිරිපුර ග්රාම නිලධාරී වසමෙහි වැඩිහිටි සමිතිය මගින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනය 2022.10.07 දින පත්වන ලදී. ප්රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්යක්ෂ සැළසුම් තුමා හා පරිපාලන ග්රාම නිලධාරී මහතාගේ උපදෙස් හා අනුශාසනා මත සිිිදු වූ අතර එම වසමේ ග්රාම නිලධාරී මහත්මිය හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වය ද ඒ සඳහා ලැබුණි.
 
IMG 20221007 WA0002 web
IMG 20221007 WA0005 web
IMG 20221007 WA0006 web

News & Events

Scroll To Top