සිහින දකින අපේ ලොවක් ජාත්‍යන්තර ළමා දින සැමරුම් උත්සවය බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී
----------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
 
හෙට දින ලොව දිනන ළමා ලෝකයේ වීරයන් වෙනුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිහින දකින අපේ ලොවක් ළමා සැමරුම් උත්සවය බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී 2022.10.07 වන දින පවත්වන ලදී.
විද්‍යාලීය දරුවන් විසින් ආරාධිත අමුත්තන් ප්‍රධාන ශාලාවට කැදවා ඒමෙන් අනතුරුව ළමා දින සැමරුම් දින උත්සවයේ කටයුතු ආර්ම්භ කරන ලදී. බටගොඩ ප්‍ර්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ සහ ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ගේ විශේෂාංග මෙන්ම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් පත් කරන ලද නාට්‍ය ගීත උත්සවයේ කටයුතු වර්ණවත් කරන ලදී .
උත්සවය අවසානයේ දී සියලුම දෙනා දරුවන් හා එක්ව සතුට බෙදා ගන්නා ලදී. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා සහය ලබා දුන් බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට, මූල්‍ය අනුග්‍රහය දැක් වූ මැක්ටයිල් ආයතනයට, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ගෞරවය පුද කරමු.
 
 
IMG 20221007 WA0042 nn
IMG 20221007 WA0043nn
IMG 20221007 WA0050nn
නිරෝගීකම පරම ධනයයි.මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුන්සිරිපුර ග්‍රාම නිලධාරී වසමෙහි වැඩිහිටි සමිතිය මගින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනය 2022.10.07 දින පත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්‍යක්ෂ සැළසුම් තුමා හා පරිපාලන ග්‍රාම නිලධාරී මහතාගේ උපදෙස් හා අනුශාසනා මත සිිිදු වූ අතර එම වසමේ ග්‍රාම නිලධාරී මහත්මිය හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වය ද ඒ සඳහා ලැබුණි.
 
IMG 20221007 WA0002 web
IMG 20221007 WA0005 web
IMG 20221007 WA0006 web
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යයාලීය බෞද්ධ සංගමය විසින් පවත්වනු ලබන මාසික ධර්ම දේශනය ගෝනදූව උත්තර චේතියාරාමාධිකාරි වීදාගම සිරි ඝණානන්ද පිිරිවෙණ සහ දෙදියවල ශ්‍රී ධම්මානන්ද පිරිව‍ෙන් ආචාර්ය රාජකිය පණ්ඩිත පූජ්‍ය වලපනේ රතන වංශ හිමි විසින් දේශනය පවත්වන ලදී.
වඩාත් ඵලදායී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා නිලධාරීන්ගේ මානසික ඒකාග්‍රතාවයක් ඇති කිරීම මෙන්ම ධර්ම මාර්ගය පහදා දීමේ අරමුණින් මාසිකව පවත්වන මෙම ධර්ම දේශනා වැඩසටහනෙහි ඔක්තෝම්බර් මස වැඩසටහන 2022.10.02 දින ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ- සැළසුම් හා පරිපාලන ග්‍රාම නිලධාරී යන මාණ්ඩලික නිලධාරීන්ගේ මග පෙන්වීමෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.
ධර්ම දේශකයානන් වහන්සේට, සංවිධානය කරන ලද බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් ඇතුළු සියලු දෙනාටම සහ සැදැහැ සිතින් ධර්මශ්‍රවණය කල සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවායි පතමු.
 
 
20221003 093558 dhamma web
20221003 093703 dhamma web
අද දරුවා හෙට වැඩිහිටියෙකි. මේ දෙදෙනා එකම කාසියක දෙපැත්ත බදුය. ඒ නිසා ලෝක වැඩිහිටි හා ළමා දිනය එකම දිනක යෙදි තිබේ.
ලෝක වැඩිහිටි දිනයට සමගාමීව මිල්ලනිය සමෘද්ධි බැංකු කලාපය තුළ වැඩසටහන් රැසක් සංවිධානය විය.
2022/10/03 දින දොඹගොඩ සමෘද්ධි සමීති සංවිධායකත්වයෙන් ශ්‍රී නිමල පෙර පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයීම, තෑගි ප්‍රධානය කීරීම සිදු වු අතර පෙර පාසල් දරුවන්ගේ විවිධ ප්‍රසාංගික ඉදිරිපත් කිරිම් සිදුවිය.
2022/10/04 දින කූරගොඩ ගමන් සෙවන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයට දිවා ආහාරය සැපයීම ද සිදු විය.
මේ අවස්ථාවන්ට මිල්ලනිය සමෘද්ධි බැංකු කළමණාකාරතුමා, ක්ෂේත්‍ර සහාකාර කළමණාකාරතුමිය, සංවර්ධන නිලධාරී මහත්මිය, සමාජ සංවර්ධන සහකාර මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී මිය හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන් බටගොඩ, දොඹගොඩ වසම්වල සමෘද්ධි සමීති නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
තවද 2022/10/04 දින 640 යටවර ග්‍රාම නිලධාරී වසමේ ද වැඩිහිටි දිිනය මෙලෙස සමරන ලද බව කැමරා කාචයේ සටහන් විය.

 

IMG 20221004 WA0018 NN

IMG 20221004 WA0009NNN

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ බැඩ්මින්ටන් තරඟාවලියේදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජය ලබා ගන්නා ලදී.එහිදී තරඟ 8ට 3ක් ලෙස ජයග්‍රහණය කිරීමට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යය මණඩලය සමත්විය.

 

IMG 20221003 WA0003 NewIMG 20220930 095154 NEW

News & Events

09
Oct2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

Scroll To Top