75 වන නිදහස් සමරුවට සමගාමීව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන ලේකම්  කාර්යාලයේ කෘෂිකර්ම අංශය  හා එක්ව ලබුගම, දෙල්දොරවත්ත  සහ මුල්කඩකන්ද යන ග්‍රාම නිලධාරී වසම් වලදී   ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 මෙම අවසථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරීතුමිය , පරිපාලන ග්‍රාම නිලධාරීතුමා සහ මුල්කඩකන්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේද, ලබුගම හේමමාලී  භික්ෂුනි ආරාමයේ මෙහෙනින් වහන්සේලාද, අදාල වසම් වල ග්‍රාම නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන   නිලදාරීන් ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, අනෙකුත් රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී විය.

මෙම වැඩසටහන අදාල වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරී,ග්‍රාම නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හා එක්ව  සංවිධානය කොට තිබුනි.

මෙහිදී අනුශාසනාව  මුල්කඩකන්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර මෙම අවස්තා වලදී ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් රුක් රෝපනයේ ඇති වැදගත්කම හා අව‍ශ්‍යතාවය පිළිබඳ අදහස් දැක්වීමද, මෙම කටයුතු මනාව සංවිධානය කරන ලද නිලධාරීන්ට සහ ප්‍රදේශවාසින්ට තුති පුදකිරීමද සිදුකරන ලදී.

WhatsApp Image 2023 02 09 at 5.10.10 AM

WhatsApp Image 2023 02 09 at 5.10.13 AM

WhatsApp Image 2023 02 09 at 5.10.12 AM

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2023.01.02 වන දින ආගමානුකූලව පිරිත් සජ්ජායනය අතරතුර චාරිත්‍රානුකූලව බී.ඒ.එන් දිල්රුක්ෂි මැතිණියගේ ප්‍රධානත්වයෙන් කිරි ඉතිරවීමෙන් ආගමානුකූලව නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.ජාතික ධජය ඔසවා ජාතික ගීය හා කාර්යාල ගීතය වාදනය කිරිමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් ලෙස නව වසරේ වැඩ කටයුතු ආරම්භ කීරීම වෙනුවෙන් ප්‍රතිඥාව ලබාදුනි.පසුව කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙකු නව වසර වෙනුවෙන් සභාව අමතන ලදී.

2020 වසරේ පැවැත්වූ ඵලදායීතා තරඟාවලියේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙනුවෙන් පිරිනැමූ කුසලතා සම්මානය හා සහතක පත්‍රය ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල නිලධාරීන් වෙත ලබා දීම ද සිදු කරන ලදි.

අනතුරුව කාර්යාලිය නියමුවරිය හරවත් කථාවක් කරමින් සභාව අමතන ලදී.මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂ සැළසුම් තුමා, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමා හා පරිපාලන නිලධාරීතුමිය ඇතුලු සියලූම නිලධාරීන් සහභාගී විය.

IMG 20230102 WA0059web

IMG 20230103 WA0007 nnweb

බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නන්වන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහනට සමගාමීව , කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් නිලූකා දිල්රුක්ෂි මැතිණියගේ අධීක්ෂණය හාඉමග පෙන්වීමෙන් , මිල්ලනිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී , සභාපති විහාරාධිපති වහන්සේලාගේ ආශිර්වාදයෙන් මිල්ලනිය මුල්ගඩකන්ද ශ්‍රී ජයන්තියාරාම විහාරස්ථානයේදී තිරසර පුණ්‍යග්‍රාම සමාලෝචන උත්සවය 2022.12.11 වන දින පෙ. ව. 8.30 ට බෞද්ධ කටයුතු සමායොජක නිලධාරී විරංග ප්‍රියදර්ශන මහතා සහ කල්‍යාණි මුණසිංහ මහත්මියගේ කැපවීම සහ සංවිධායක දායකත්වයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා මිල්ලනිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පූජ්‍ය මොල්ලිගොඩ අරියරතන නායක ස්වාමීන් වහන්සේ , ශ්‍රී ජයන්තියාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය ද, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරමින් පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ද සහභාගී විය. මෙම වැඩසටහනට සමගාමීව පුණ්‍යග්‍රාම කමිටු සාමජිකයින්ට සහ දහම් පාසල් දරුවන් අගයනු වස් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදුකරන ලදී.

vvvnewvvvvnew

News & Events

09
Oct2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයමිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිළිපන් රාජ්‍ය...

Scroll To Top